ශ්‍රී ලංකාවට තවත් ලෝක වාර්තාවක්

889

ඩුබායි හිදී ඊයේ (13) පැවති ශ්‍රී ලංකාව හා නේපාලය අතර තරගය ලකුණු 340කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව දෘශ්‍යාබාධිත ලෝක කුසලාන තරගාවලියක දී ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණයේ ලෝක වාර්තාවට හිමිකම් කීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

ශ්‍රී ලංකා අභියෝගය ඉන්දියාව ජය ගනී

දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (10) විශිෂ්ට හා ප්‍රහාරත්මක පිතිකරණයක් දක්නට ලැබුණු ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය ඩුබායි හිදී අවසන් වූයේ…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායක චන්දන දේශප්‍රිය වැඩි ලකුණකට යාමේ අරමුණ අතැතිව පළමුව පිතිකරුවන් ලෙස පිටියට පිවිසීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පිලේ මුල් කඩුලු කිහිපය දැවී ගිය පසුව පිටියේ ස්ථාවර වූ දිමුත් රවීන්ද්‍ර හා නායක දේශප්‍රිය නේපාල පන්දු යවන්නන් හට අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළේ කාසියේ වාසිය ජයග්‍රහණය කොට ලබාගත් තීරණය සාක්ෂාත් කර ගැනීමේ අරමුණ ඇතිවයි.

එහි දී B3 (සාමාන්‍ය දාශ්‍යතාවයට මදක් අඩු) කාණ්ඩයේ ක්‍රීඩක දේශප්‍රිය පන්දු 62ක් තුළ ලකුණු 129ක් ලබා ගත්තේ නිමා වූ තරගයේ ඔහුගෙන් මඟ හැරී ගිය ශතකයේ වාඩුව ද පිරිමසා ගනිමිනි. අනෙක් අන්තයෙන් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළ වමතින් පිත්ත හසුරුවන B1 කාණ්ඩයේ (අවම දෘශ්‍යතාවය) දිමුත් රවීන්ද්‍ර ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 168*ක් ලබා ගත්තේ පන්දු 79ක් පමණක් වැය කරමිනි. දකුණතින් පිත්ත හැසිර වූ ප්‍රියන්ත කුමාර ලකුණු 67*යි.

සිය නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 494ක් ලබාගත් ශ්‍රී ලංකාව දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගයක දී එක් කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කිවේය. පන්දු යැවීමේ දී දුර්ගා නේපාලය වෙනුවෙන් ලකුණු 75ක් තුළ කඩුලු 2ක් දවා ගන්නා ලදි.

ලකුණු 495ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නේපාල පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ මුල සිටම අසාර්ථක විය. නමුත් භද්‍රි හා සුනිල් තාපා පිළිවෙළින් ලකුණු 37ක් හා ලකුණු 26ක් ලබාගෙන නේපාල ඉනිම ගෞරවාන්විත තැනකට රැගෙන එන ලදි.

ලෝක කුසලානය ජය ගන්නට ක්‍රීඩකයෝ ඩුබායි යති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ලාහෝරයේ දී මේ මස 08 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පස්වැනි ලෝක කුසලාන ක්‍රිකට්…

කෙසේ වෙතත් ඔවුන්ට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 154ක් පමණි. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 340ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකාව – 494/5 (40): දිමුතු රවීන්ද්‍ර 168, චන්දන දේශප්‍රිය 129, ප්‍රියන්ත කුමාර 67*, දුර්ගා 2/75.

නේපාලය – 154/10 (33.4): භද්‍රි 37, සුනිල් තාපා 26.

  • තරගයේ වීරයා – දිමුතු රවීන්ද්‍ර
  • තරගයේ වටිනාම ක්‍රීඩකයා – චන්දන දේශප්‍රිය

ශ්‍රී ලංකාව සහභාගි වන සිව්වැනි තරගය අද (14) බංග්ලාදේශය සමඟින් පැවැත්වේ.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<