සිල්වාගේ ශතකයත් සමඟ ශ්‍රී ලංකාව අවසන් හතරට

576

5 වන වරටත් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර ඊයේ (14) පැවති තරගයත් කඩුලු 5කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාවට තවත් ලෝක වාර්තාවක්

ඩුබායි හිදී ඊයේ (13) පැවති ශ්‍රී ලංකාව හා නේපාලය අතර තරගය ලකුණු 340කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව දෘශ්‍යාබාධිත ලෝක කුසලාන තරගාවලියක දී ලබාගත් ඉහළම…

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය. බංග්ලාදේශය වෙනුවෙන් ඔවුන්ගේ ඉනිම සවිමත් කළ අබ්දුල් මලික් ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වෙමින් සිය ශතකය සම්පූර්ණ කරගැනීමට සමත් විය. එම ඉනිම 4 පහර 14කින් හා 6 පහර 2කින් වර්ණවත් විය. ඔවුන්ගේ අනෙකුත් පිතිකරුවන් හට එතරම් දුරකට දස්කම් අතරට පැමිණීමට නොහැකි විය.

බංග්ලාදේශය සිය නියමිත පන්දුවාර 40 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 291ක් ලබා ගත්තේය.

ලකුණු 292ක ඉලක්කය හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් දකුණතින් පිත්ත හසුරුවන කේ. සිල්වා ලකුණු 118ක් ලබා ගත්තේය. එම ඉනිම 4 පහර කිහිපයකින්ම වර්ණවත් විය. මීට අමතරව කඩුලු රකින ක්‍රීඩක දමිත් සඳරුවන් ලකුණු 67ක් ලබාගෙන සිල්වා හට මෙන්ම ශ්‍රී ලංකා මැදපෙළට සවියක් විය. B1 කාණ්ඩයේ (අවම දෘශ්‍යතාවය) ක්‍රීඩක සමන් කුමාර ලකුණු 47යි.

පන්දුවාර 31යි පන්දු 3ක් අවසානයේ සිය නියමිත ඉලක්කය සපුරාගත් ශ්‍රී ලංකාව මෙම තරගය කඩුලු 5කින් ජයග්‍රහණය කළේය.

ඒ අනුව ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇත.

බංග්ලාදේශය – 291/8 (40): අබ්දුල් මලික් 111.

ශ්‍රී ලංකාව – 292/5 (31.3): කේ. සිල්වා 118, දමිත් සදරුවන් 67,  සමන් කුමාර 47.

තරගයේ වීරයා – කේ. සිල්වා

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අද (15) ප්‍රබල පාකිස්තානය සමඟින් පැවැත්වෙනු ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<