ශ්‍රී ලංකාව දෙවන වරටත් පරාජය වේ

684

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර ඊයේ (4) සර්දාර් පටෙල් ක්‍රීඩාංගනයේදි පැවැති තරගයෙන් ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායමට කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවිය.

සුරංග හා පැතුම්, එංගලන්තයට හිසරදයක් වෙයි

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමය සංවිධානය කරනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම…

කාසියේ වාසිය ජයග්‍රහණය කල ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගැනීමට චන්දන දේශප්‍රිය සමත් වූයේ ඉණිමේ සම්පූර්ණ බර තමා වෙත පටවාගෙනයි. එහිදී චන්දන දේශප්‍රිය පන්දු 37කදී 4 පහර 9ක් එල්ල කරන ලදී.

පළමු කඩුල්ල සඳහා ලකුණු 41ක සබඳතාවයක් ගොඩනැංවීමට සුරංග සම්පත් හා පැතුම් කුමාර සමත් වූ අතර, සුරංග සම්පත් 4 පහර 4ක් සමඟින් ලකුණු 20ක් ලබා ගන්නා ලදි.  මැදපෙළ සවිමත් කරමින් පස්වන කඩුල්ල සඳහා ලකුණු 39ක සබඳතාවයක් ගොඩනැඟීමට චන්දන දේශප්‍රිය හා ප්‍රියන්ත කුමාර සමත් විය. අවසානයේ ශ්‍රී ලංකා ඉණිම ලකුණු 186කට සීමා විය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුනිල් කඩුලු 3ක්  දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත වෙන ලදි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම ආරම්භක සබඳතාවයේ සිටම වේගවත් පිතිකරණයක නිරත වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරන ලදි. ප්‍රකාශ් ජේ පන්දු 55කට මුහුණ දෙමින් 4 පහර 20ක් සමඟින් නොදැවී ලකුණු 99*ක් ලබා ගැනීමට සමත් විය. අනෙක් අන්තයෙන් වේගවත් පිතිකරණයක දියත් කල කේටන් පටෙල් පන්දු 28කදී ලකුණු 56*ක් ලබා ගන්නා ලදී. අවසානයේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායමට තම දෙවන පරාජය ද වැලද ගැනීමට සිදුවිය.

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම – කඩුලු 8 දැවී ලකුණු 186 (පන්දුවාර 20): චන්දන දේශප්‍රිය 62, පැතුම් කුමාර 30, සුරංග සම්පත් 22, සුනිල් 3/30, අජායි රෙඩ්ඩි 2/24

ඉන්දීය දෘශ්‍යාබාධිත කණ්ඩායම – එක් කඩුල්ලක් දැවී ලකුණු 187 (පන්දුවාර 13.3): ප්‍රකාශ් ජේ 99*, කේටන් පටෙල් 56*, දිනේෂ් මතුගම 1/25

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම සහභාගි වන මීලඟ තරගය අද (5) පූනේ හිදී පැවැත්වෙන්නේ නේපාල දෘශ්‍යාබාධිත කණ්ඩායම සමඟයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට