Wallabies ප්‍රහාරයට All Blacks නිසි පිළිතුරු ලබා දෙයි

998

All Blacks සහ Wallabies කණ්ඩායම් දෙක අතර වාර්ෂිකව පැවැත්වෙන බ්ලෙඩිස්ලෝ කුසලාන තරගාවලිය අඛණ්ඩව 17 වන වරටත් ජය ගැනීමට ප්‍රබල නවසීලන්ත කණ්ඩායම අද දිනයේ දී සමත් වූයේ ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාක් ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැති අවසන් අදියරේ තරගයෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 36 – 00ක් ලෙස ඉතාමත් පහසු ජයක් අත්පත්කර ගැනීමත් සමඟිනි.

Wallabies බලපරාක්‍රමයන්ට All Blacks යටත් වෙද්දී Springboks ශූරතාව ඩැහැගනී

2019 රග්බි ශූරතාවලිය සාර්ථක අවසානයක් කරා රැගෙන යමින් ඊයේ (10) පැවති අතිශය තීරණාත්මක තරග ද්විත්වයෙන් ජය….

පසුගිය සතිඅන්තයේ දී නිමාව දුටු 2019 රග්බි ශූරතා තරගාවලියේ දී නොසිතූ පසුබෑමකට ලක් වූ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම එහි දී ඕස්ට්‍රේලියාව සමඟ පැවති තීරණාත්මක තෙවන සහ අවසන් තරගය පරාජයට පත් වූයේ තරගාවලිය පුරාවට ඔවුන් පෙන්නුම් කළ ක්‍රීඩා කළ විලාසය පිළිබඳ යම් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කොට තබමිණි.

කෙසේ නමුත් ඔවුන් වෙත එල්ල වූ විවේචන සහ දෝෂාරෝපණයන් සියල්ලන්ටම නිසි පිළිතුරු ලබා දීමේ දැඩි අදිටනින් යුතුව තරග බිමට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයින් තරග ආරම්භයේ සිටම ඕස්ට්‍රේලියානු ආරක්ෂක පෙළ වෙත දැවැන්ත පීඩනයක් එල්ල කිරීමට යුහුසුලු වූ අතර එම නිසාවෙන්ම ඕස්ට්‍රේලියානුවන්ගේ ක්‍රීඩා විලාසය තරමක් ඇල්මැරුණු ස්වාභාවයක් ගත්තේය.

තරගයේ ප්‍රථම වතාවට ලකුණු පුවරුව සක්‍රිය කිරීමේ කාර්‍යභරය තම උර මතට ගත් රිචී මොඋන්ගා ලැබුණු දඬුවම් පහර සාර්ථකව ගෝල කණු අතරින් යොමු කරමින් නවසීලන්තයට අවශ්‍යව තිබූ ආරම්භය ලබා දීමට සමත් විය. (නවසීලන්තය 03 – 00 ඕස්ට්‍රේලියාව)

ඉන් නොනැවතුණු මොඋන්ගා ඔහුගේ දක්ෂතාවන් යලිත් වතාවක් ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ ගෙනහැර පෑමට සමත් වූයේ නවසීලන්තය වෙනුවෙන් දිනයේ වාර්තා කළ පළමු ප්‍රවර්තිත උත්සාහක දිනුමේ හිමිකරුවා බවට පත්විමේ ගෞරවය තම නම ඉදිරියේ සටහන් කරගනිමිනි. (නවසීලන්තය 10 – 00 ඕස්ට්‍රේලියාව)

රග්බි බලන්න ජපන් යනවා නම් පොඩ්ඩක් පරිස්සමින්!

2019 රග්බි ලෝක කුසලානය තවත් නොබෝ දිනකින් ජපානයේ දී ආරම්භ වීමට නියමිතයි. ලොව පුරා ක්‍රියාත්මක වන ස්වේච්ඡා….

තරගයේ පළමු කාර්තුවේ දී ලකුණු 10ක පරතරයක් පවත්වා ගනිමින් පන්දුවේ පාලනය වැඩි වේලාවක් තමන් සන්තකයේ රඳවා ගත් All Blacks ක්‍රීඩකයින් තවත් ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම හට සංග්‍රහ කළේ පසුගිය සතියේ ඔවුන්ට එරෙහිව දියත් කළ ප්‍රහාරයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දැඩි අරමුණෙනි. Scrum Half ක්‍රීඩක ආරන් ස්මිත් තම ග්‍රහනයට නතු කරගත් පන්දුව සුරක්ෂිතව ධවල රේඛාවෙන් ඔබ්බට රැගෙන ගිය අතර රිචි මොඋන්ගා ඔහුට නියමිත වගකීම අකුරටම ඉටුකරමින් අමතර ලකුණු ලබාගැනීමේ කාර්‍ය හරියාකාරව ඉටු කළේය. (නවසීලන්තය 17 – 00 ඕස්ට්‍රේලියාව)

විවේක කාලය වෙනුවෙන් ගමන් කිරීමට මත්තෙන් ලකුණු පුවරුවේ තම අන්තය පණ ගැන්වීමට තිබු අනගි අවස්ථාවන් ද්විත්වයක් ඕස්ට්‍රේලියානුවන් අතින් ගිලිහී ගියේ ක්‍රිස්ටියන් ලෙයිලිෆානෝ හට උදා වූ දඬුවම් පහර ලකුණු බවට පරිවර්තනය කිරීමට ඔහු අපොහොසත් වූ නිසාවෙනි.

පළමු අර්ධය – නවසීලන්තය 17(2T,2C,1P) – 00 ඕස්ට්‍රේලියාව 

දෙවන අර්ධය වෙත ගමන් කිරීමේ දී තම ක්‍රමෝපායන්ගේ කිසිදු වෙනසක් සිදු නොකළ All Blacks ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියානු අන්තය දිගින් දිගටම ආක්‍රමණය කරමින් ඔවුන්ගේ පසුපෙළ දුර්වල ස්ථානයන් හඳුනා ගැනීමට උනන්දු විය.

සතෙකුගේ මුත්‍රාශයකින් හැදු රග්බි පන්දුව ආපු දුරක්

රග්බි ලෝක කුසලානය මෙන්ම රග්බි ක්‍රීඩාව ගැන ද මතක් කළ සැණින් ඔබට සිහිවන නාමයක් “ගිල්බර්ට්” (Gilbert). ඔබ අනුමාන කළ…

45 වැනි මිනිත්තුවේ දී ජුලියන් සාවියා විසින් ස්ක්‍රම් අවස්ථාවෙන් ලද පන්දුව Full back ක්‍රීඩක සනී බිල් විලියම්ස් හට යොමුකළේ නියත උත්සාහක දිනුමකට අවශ්‍ය පෙර මඟ සකසාලමිනි. ඒ අනුව යමින් සනී බිල් ඔහුගේ දෑතට ලැබුණු පන්දුව පිටියේ දකුණු පස අන්තයට ආසන්නයෙන් උත්සාහක දිනුම රේඛාව වෙත රැගෙන ගියේ ලකුණු පුවරුවේ නවසීලන්ත අන්තය තවදුරටත් වර්ණවත් කරමිනි. මොඋන්ගා විසින් අතිරේක ලකුණු එක් කිරීමේ කර්තව්‍යය  මැනවින් ඉටු කරන ලදි. (නවසීලන්තය 24 – 00 ඕස්ට්‍රේලියාව)

පළමු අර්ධයේ 37වන මිනිත්තුවේ දී පන්දුව නොමැතිව සිට ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ අනතුරදායක tackle කිරීමක් නිසාවෙන් විනාඩි 10ක කාල සීමාවක් පිටියෙන් ඉවත්ව සිටි ඩෑන් කෝල්ස් නැවත වතාවක් තරගයට එක්වූයේ නවසීලන්ත ආරක්ෂක පෙළ ශක්තිමත්භාවය තවත් ඉහළ නංවාලමිනි.

කාල ඝණක යන්ත්‍රයේ 67 වැනි විනාඩිය සටහන්වත්ම නවසීලන්තය වෙනුවෙන් ක්‍රියාත්මක වූ සෙවූ රීස් අද්විතීය උත්සාහක දිනුමක් වාර්තා කරමින් පැමිණි සිටි ප්‍රේක්ෂකයන් ඇතුළුව තරගය නැරඹු සියල්ලන්ම අමන්දානන්දයට පත්කළේ ඔහු සතු වේගය, පන්දු පාලනය සහ පාද චලනයන් යන අංග සියල්ලන්ගේම සම්මිශ්‍රණයක් ඉතා සූක්ෂම අයුරින් භාවිතා කරමිනි.ජෝර්ඩි බැරට් රීස්ගේ වෑයමට නියම වටිනාකමක් ලබා දෙමින් ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (නවසීලන්තය 31 – 00 ඕස්ට්‍රේලියාව)

පහර පිට පහර කා හෙම්බත්ව සිටි ඕස්ට්‍රේලියානුවන්ගෙන් සම්පූර්ණයෙන්ම තරගයේ ජයග්‍රහණය උදුරා ගත් නවසීලන්ත ක්‍රීඩකයින් දිනයේ 5 වැනි උත්සාහක දිනුම ද තම කණ්ඩායම වෙත දිනා දුන්නේ අත ලඟ එන ලෝක කුසලාන තරගාවලියට පෙර තම කණ්ඩායමේ ස්ථාවරත්වය සහ පෙර සූදානම පිළිබඳ සෙසු කණ්ඩායම් හට ප්‍රබල පණිවිඩයක් ලබා දෙමිනි. ජෝර්ජ් බ්‍රිඩ්ජ් එම උත්සාහක දිනුමේ හිමිකාරත්වය තමන් සතු කරගත්තේය. (නවසීලන්තය 36 – 00 ඕස්ට්‍රේලියාව)

අවසන් ලකුණු තත්වය – නවසීලන්තය 36(5T,4C,1P) – 00 ඕස්ට්‍රේලියාව 

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

නවසීලන්තය

  • උත්සාහක දිනුම් – රිචී මොඋන්ගා 1, ආරන් ස්මිත් 1, සනී බිල් 1, ජෝර්ජ් බ්‍රිඩ්ජ් 1, සෙවූ රීස් 1
  • ප්‍රවර්තන ගෝල – රිචී මොඋන්ගා 3, ජෝර්ඩි බැරට්
  • දඬුවම් ගෝල – රිචී මොඋන්ගා 1

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<