නවසීලන්ත “බ්ලැක් ෆර්න්ස්” කණ්ඩායම ඕස්ට්‍රේලියාව පුදුම කරවයි

182

වාර්ෂිකව පවත්වන අන්තර්ජාතික කාන්තා සත්සාමාජික රග්බි ශූරතාවලියේ තවත් අදියරක් මෙවර කැනඩාවේදී පැවැත්වුණ අතර එම අදියර ජය ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත්විය. ඒ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ලකුණු 21-17ක් ලෙස පරාජය කරමිනි.

“ඉසිපතනය” නම් රග්බි බලකොටුවේ ඇත්තම කතාව

1960 වසරේදී කොළඹ ග්‍රීන්ලන්ඩ්ස් විදුහලේ ……….

මෙම තරගයේදී නවසීලන්ත ක්‍රීඩිකා ටයිලා නේතන්-වොන්ග්ගේ දක්ෂතාවය උපයෝගී කරගනිමින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ තම ජයග්‍රහණය වාර්තා කිරීමට නවසීලන්ත බ්ලැක් ෆර්න්ස් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම තරගයේ අවසන් අර්ධයේදී ක්‍රියාත්මක වුවද ඔවුන්ගේ සැලසුම් ව්‍යර්ථ කරමින් තරගය නවසීලන්ත කාන්තා කණ්ඩායම ජයගෙන, විශේෂ සම්ප්‍රදායානුකූල “හකා” නර්තනයක්ද ඉදිරිපත් කළ ආකාරය දක්නට ලැබුණි.

තරගයෙන් පසු තම සතුට ප්‍රකාශ කරමින් නවසීලන්ත ක්‍රීඩිකා සාරා හිරිනි මෙසේ තම අදහස් පැවසීය.

“අපි ඕස්ට්‍රේලියාවට එරෙහිව හැම තරගයක්ම විශේෂ සැලකිල්ලෙන් ක්‍රීඩා කළා. මගේ කණ්ඩායම ගැන මට ගොඩක් ආඩම්බරයි.”

එසේම තම අදහස් දැක්වූ නවසීලන්ත ක්‍රීඩිකා ටයිලා නේතන්-වොන්ග් මෙසේ පැවසීය.

“ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයන් කොහොමත් විශේෂයි. අපි මේ තරගයේ සිතූ ආකාරයටම අපේ සැලසුම් ක්‍රියාත්මක කරමින් ක්‍රීඩා කළා”

පාසල් රග්බි පළමු වටයේ හොඳම සංචිතය මෙන්න

සති 5ක කාලයක් පුරාවට අතිශය උණුසුම් මුහුණුවරක් ගත් ‘………

මෙම අවසන් මහා තරගය ජයගනිමින් නවසීලන්ත කාන්තා කණ්ඩායම ඔලිම්පික් තරගාවලියටද සුදුසුකම් ලැබීම විශේෂත්වයකි. ඒ පිළිබඳව අදහස් දැක්වූ හිරිනි පවසා සිටියේ ඔලිම්පික් තරගාවලියේ ක්‍රීඩා කිරීමට ස්ථානයක් අත්කර ගැනීමට සමත් වීම ඉතා සතුටුදායක කරුණක් බවයි.

මෙම තරගාවලිය අදියර හයක් ඔස්සේ ක්‍රීඩා ක්‍රීඩා කෙරෙන තරගාවලියකි. මෙම අදියරයෙන් පසු අවසන් අදියර ප්‍රංශයේදී පැවැත්වීමට නියමිතය. එම අවසන් අදියරයෙන් අනතුරුව අන්තර් ජාතික කාන්තා සත්සාමාජික රග්බි ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම කාණ්ඩායම් 4, ඔලිම්පික් තරගාවලියට නිතරගයෙන්ම සුදුසුකම් ලබයි. අනෙක් කණ්ඩායම් තේරීම් තරග ක්‍රීඩාකළ යුතු වේ. නමුත් මෙම තරගයෙන් පසු නවසීලන්ත “බ්ලැක් ෆර්න්ස්” කණ්ඩායම නිතරගයෙන්ම ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබන්නේ, ඔවුන් ශ්‍රේණිගත කිරීම් වලින් ඉහළින්ම සිටින නිසා මෙන්ම ඔවුන් ප්‍රසාද ලකුණු 92ක් ලබාගෙන සිටින නිසාවෙනි.

නවසීලන්ත කාන්තා කණ්ඩායම මෙන්ම ජපානයද ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙන්නේ 2020 ඔලිම්පික් තරගාවලියේ සත්කාරකත්වය ඔවුන් දරන නිසාවෙනි.

World Rugby on Twitter

? REACTION: @BlackFerns captain @Sgoss10 on @Tokyo2020 Olympic Game qualifying and Spain victory #Canada7s https://t.co/yaMp7QUm8Z

එසේම මෙම තරගාවලියේ අනෙක් අදියර ප්‍රංශයේ බියරිට්ස් නුවර ජුනි 15 සහ 16 යන දෙදින තුළ අගිලේරා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<