පොඩි කුසල් අවදානමෙන් මිදෙද්දී තව කෙනෙක් ආබාධයකට

1856

ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම ප්‍රේක්ෂකයින් ද වික්ෂිප්ත කරමින් කුසල් මෙන්ඩිස් ඊයේ (17) ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගයේ පළමු දිනය අතරතුර දී ඇඟිල්ලේ ආබාධයකට ලක් වූ නමුත් එම ආබාධය සැලකිය යුතු තරම් දරුණු මට්ටමේ ආබාධයක් නොවන බව වාර්තා වේ.

පොඩි කුසල්ට ආබාධයක්; තරගාවලිය අහිමි වෙයි ද?

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තව නොබෝ දිනකින් ආරම්භ වීමට සියලුම කටයුතු සූදානම්ව ඇති මොහොතක ශ්‍රී ලාංකීය ක්‍රිකට්ලෝලීන්….

ජේක් ඩොරාන්ගේ ස්වීප් පහරක් කුසල්ගේ දකුණු අතේ කෙලින්ම වැදුණු අතර ප්‍රතිකාර සඳහා ඔහුව වහාම පිටියෙන් ඉවත් කර ගැනීමට බලධාරීන් පියවර ගන්නා ලදි. කෙසේ වෙතත් එක්ස් රේ පරීක්ෂාවකින් අනතුරුව ඔහුගේ අතේ අස්ථි බිඳීමක් නොමැති බව වෛද්‍යවරුන් පවසා තිබුණි.

“අපි උදෑසනම ඔහුව එක්ස් රේ පරීක්ෂාවක් සඳහා ගෙන ගියා සහ එහි දී ඔහු හොඳින් බව හෙළිවුණා” ශ්‍රී ලංකා කළමනාකරු ජෙරී වවුටර්ස් මහතා අදහස් පල කර තිබුණි. “ඔහු පන්දුවට පහර දේවි දැයි අපි දන්නේ නැහැ, ඔහුගේ ඇඟිල්ලේ තවම වේදනාව තිබෙනවා”

Mendis-was-hit-on-the-right-hand-on-day-one-of-the-wram-up-tie-against-CA-XI

2018 වසරේ දී ටෙස්ට් පිටියේ ඉතා ඉහළ දස්කම් දැක්වූ මෙන්ඩිස් ටෙස්ට් ලකුණු 1023ක් රැස් කරගත්තේ ඉන්දීය නායක විරාත් කෝලිට පමණක් දෙවැනි වෙමිනි. නිමාවූ නවසීලන්ත සංචාරයේ දී ඔහු ලකුණු 141ක් හා 67ක් බැගින් රැස් කළේ ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක් වූ පසුබිමක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පිතිකරුවා වෙමිනි.

කෙසේ වෙතත් නුවන් ප්‍රදීප් ද ආබාධයකට ලක්ව ඇති බව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන අතර ඔහු ඊයේ තරගයේ දී ක්‍රියාත්මක කළේ පන්දුවාර දෙකක් පමණි. ඔහු අද (18) ස්කෑන් පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාව සමඟ ටෙස්ට් තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වය තීරණය වනු ඇත.

චමීර සහ රාජිත ලබා දුන් සුපිරි ආරම්භයට පැටර්සන් හරස් කපයි

අසාර්ථක නවසීලන්ත සංචාරයකට පසු ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විත කෙටි තරග සංචාරයක මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම නිරත…

තවද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නිපන්දු යැවීම පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පවසා සිටියා. “ඒක ලොකු ප්‍රශ්නයක්, අපි ඉතා ඉක්මනින් ඒක නිවැරදි කර ගන්න ඕනේ”

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු පහක් දැවී ලකුණු 316ක් රැස් කර ගත් අතර ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉනිම පුරා නිපන්දු 12ක් යවා තිබීම විශේෂත්වයකි. ඉන් නිපන්දු අටක් යවා තිබුණේ කසුන් රාජිත යි.

අපි මේ වරද නිවැරදි කර ගන්න ඕන, මේක අපිට කලිනුත් වෙලා තිබෙනවා, එංගලන්ත තරගාවලියේ දී දඟපන්දු යවන්නන්නුත් මේ වරදම කළා. ඔවුන් කඩුලු දවා ගත් පන්දු කිහිපයක් නිපන්දු ලෙස සටහන් වුනා, ඉතා ඉක්මනින් අපි මේ වරද නිවැරදි කර ගත යුතුයි” යැයි ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ අදහස් දක්වා තිබුණා.

තමන් ඉස්සරහින් තිබෙන ඉර ගැන අවධානය යොමු කිරීම පමණයි කරන්න තිබෙන්නේ, පන්දුව මෘදු වුනාම ඔවුන් වැඩියෙන් උත්සහ කරනවා, ඒ නිසයි මෙහෙම වෙන්නේ, ඒක මානසික දෙයක්, ඔවුන්ම සිතා ඒ වරද හදාගන්න ඕනේ”

ඕස්ට්‍රේලියාව සමඟින් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දිවා රාත්‍රි ටෙස්ට් තරගයක් ලෙස බ්‍රිස්බේන් හිදී එළඹෙන ජනවාරි 24 වැනිදා ආරම්භ වනු ඇත. දෙවන තරගය කැන්බරා හිදී පෙබරවාරි 1 වැනිදා ආරම්භ වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<