ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට ප්‍රබලයින් කිහිප දෙනෙක් නැහැ

319

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය නිවේදනය කර තිබේ. ඒ අනුව එළඹෙන ලෝක කුසලානයට සිය කණ්ඩායම නිවේදනය කළ දෙවන රට වන්නේ ඕස්ට්‍රේලියාවයි.

නවසීලන්ත නායකත්වය වෙනස් වෙයි

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ⁣එක්දින තරග 3කින් යුතු පුහුණු තරගාවලිය සඳහා ක්‍රීඩා කරන…

ලෝක කුසලානයට නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර ලෝක කුසලානයේ දී ඕස්ට්‍රේලියානු සංචිතය මෙහෙය වීමේ වගකීම පැවරී ඇත්තේ ආරම්භක පිතිකරු එ්රන් ෆින්ච්ටය.

පන්දුවේ පළුදු කිරීමේ චෝදනාවට වසරක තරග තහනමට ලක්ව සිටි හිටපු ඕස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත් හා උපනායක ඩේවිඩ් වෝනර් යලි ඕස්ට්‍රේලියා සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි.

ඒ අනුව වර්තමානයේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින පිටියේ දක්ෂතා දැක්වූ පීටර් හෑන්ඩ්ස්කොම්බ්ට හා වේගපන්දු යවන ක්‍රීඩක ජෝස් හේසල්වුඩ්ට මෙවර ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන එක්දින සංචිතයේ ස්ථානයක් හිමිව නොමැත.

පීටර් හෑන්ඩ්ස්කොම්බ් පසුගිය ජනවාරි මාසයේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් අතර මෙම වසරේ සහභාගී වු තරග 13ක දී ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය දැක්වුනේ 43ක් ලෙසයි. ඉන්දියාවට එරෙහිව විශිෂ්ට ශතකයක් ද වාර්තා කිරීමට ඔහු සමත් විය. උස්මාන් කවාජා සහ ශෝන් මාෂ් ද මෙවර ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමිව තිබේ.

අහම්බයකින් මයික් එක අතට ගත් ඕස්ට්‍රේලියානුවා

1996 විල්ස් ලෝක කුසලානය වෙනුවෙන් නම් කරන ලද ඕස්ට්‍රේලියානු සංචිතයේ සිටි එක් සාමාජිකයෙක් මයිකල් ස්ලේටර්. ඔහු මේ තරඟාවලියේදී කණ්ඩායම් දෙකක්…

තුන් ඉරියව් ක්‍රීඩකයින් වන මාකස් ස්ටොයිනිස් සහා ග්ලේන් මැක්වෙල් ද ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ය. පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ජායි රිචඩ්සන්, නේතන් කෝල්ටර් නයිල් හා ජේසන් බෙහෙරෙන්ඩෝෆ් වේගපන්දු යවන්නන් වශයෙන් ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට කැඳවා තිබේ. දඟපන්දු යවන්නන් ලෙස සංචිතයට කැඳවා ඇත්තේ නේතන් ලයන් සහ ඇඩම් සැම්පාය.

කෙසේ වෙතත් ඇශ්ටන් ටර්නර්, මැතිව් වේඩ්, ඩාර්සි ශෝට් සහ කේන් රිචඩ්සන් මෙම ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර තිබේ.

මෙම ඕස්ට්‍රේලියානු සංචිතයට බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ තරග තහනමට ලක්ව සිටි ඩේවිඩ් වෝනර් හා ස්ටීවන් ස්මිත් යලි සංචිතයට කැඳවා තිබීම හේතුවෙනි.

පසුගිය වසරේ පැවති ඕස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තුන් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන් වැනි දිනයේ දී පන්දුව පළුදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බෑන්ක්‍රොෆ්ට්ට චෝදනා එල්ල විය.

කේප් ටවුන්හි පැවති තරගයේ දී තමා පන්දුව පළුදු කළ බව කැමරන් බෑන්ක්‍රොෆ්ට් පසුගිය දා පිළිගන්නා ලදි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත් පවසා තිබුණේ එම සැලැස්ම පිළිබඳ තමා කලින් දැනුවත්ව සිටි බවය. කෙසේ වෙතත් එම වරද හේතුවෙන් ඩේවිඩ් වෝනර්ට, ස්ටීවන් ස්මිත්ට හා කැමරන් බෑන්ක්‍රොෆ්ට්ට තරග තහනමක් පනවන ලදි.

ඩේල් ස්ටේන්ට නව IPL කණ්ඩායමක්

දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන්, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ මෙවර …

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ඩේවිඩ් වෝනර්ට නැවත කිසි දිනක සිය කණ්ඩායමේ නායකත්වය දැරීමට නොහැකි බවත්, ස්මිත්ට හා බෑන්ක්‍රොෆ්ට් කණ්ඩායමේ නායකත්වය දැරීමට හැකි වන්නේ තරග තහනම නිමා වී මාස 12කට පසුව බවය.

තවද ස්මිත්, වෝනර් හා බෑන්ක්‍රොෆ්ට් තරග තහනමට ලක්ව සිටින කාලය තුළ පැය 100ක කාලයක් සිය රට තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා සමාජ සේවයේ නිරත විය යුතු බව  ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන ලදි.

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතය:

එ්රන් ෆින්ච් (නායක), ජේසන් බෙහෙරෙන්ඩොෆ්, ඇලෙක්ස් කේරි, නේතන් කෝලටර් නයිල්, පැට් කමින්ස්, උස්මාන් කවාජා, නේතන් ලයන්, ශෝන් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල්, ජායි රිචඩ්සන්, ස්ටීව් ස්මිත්, මිචෙල් ස්ටාක්, පාකස් ස්ටොයිනිස්, ඩේවිඩ් වෝනර්, ඇඩම් සැම්පා

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<