ආදරවන්තයන්ගේ එක්දින සටන මහින්දයන් ජය ගනී

243

114 වැනි ආදරවන්තයන් වෙනුවෙන් වෙන් වූ කුසලාන රිච්මන්ඩ් විද්‍යාලය ජය ගත්ත ද අද (23) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමා වූ ආදරවන්තයන්ගේ එක්දින තරගයේ දී කඩුලු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහින්ද විද්‍යාලය සමත් විය. ඒ තවත් පන්දු 34ක් ඉතිරිව තිබිය දී ය.

තර්ස්ටන් පරාජය කළ නාලන්දාව අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු…

කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 170කි. වරෙක කඩුලු 7ක් දැවී ලකුණු 92ක්ව පැවතියේ ය. එම අවස්ථාවේ දී පිටියේ එක් වූ දිමුත් සඳරුවන් සහ විමුත් සප්නක එක්ව ලකුණු 78 නොදැවුණ සබඳතාවක් එක් කළහ.

එහි දී දිමුත් සඳරුවන් පන්දු 52කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 45ක් ද විමුත් සප්නක පන්දු 58ක දී කිසිදු සීමා ලකුණක් නොමැති ලකුණු 35ක් ද ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්හ.

එම ජයග්‍රාහී ඉනිම කරා යෑමේ දී මහින්ද ආරම්භක පිතිකරුවෝ ලකුණු 65ක් ලබා ගනිමින් ස්ථාවර ඉනිමක් ගොඩ නැගීමේ අඩිතාලම දැමූහ. නවෝද් පරණවිතාන පන්දු 40කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී ලබා දුන් උඩ පන්දුවක් හේතුවෙන් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණි. අනෙක් ආරම්භක පිතිකරු ද ලකුණු 35ක් ලබා සිටිය දී දැවී ගියේ පන්දු 83කට මුහුණ දී හතරේ පහර 2ක් ද ලබා ගනිමිනි.

ඊට අමතරව නිපුන් මාලිංග පන්දු 18කට මුහුණ දෙමින් හයේ පහර 2කින් පැමිණි ප්‍රේක්ෂකයින් කුල්මත් කරමින් ලකුණු 18ක් ලබා ගත්තේ ය. රංසික වැළිහිඳ පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තේය.   

කඩුලු ලබා ගැනීමේ දී දිලුම් සුධීර ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර දිමුත් සඳරුවන් ලකුණු 26කට කඩුලු දෙකක් දවා ගත්තේ ය.

තරගයේ සම්මාන ප්‍රදානයේ දී දක්ෂතම පන්දු රකින්නා ලෙසින් මහින්ද විද්‍යාලයේ නිපුන් මාලිංග ද, දක්ෂතම පන්දු යවන්නා ලෙසින් රිච්මන්ඩ් විද්‍යාලයේ දිලුම් සුධීර ද, දක්ෂතම පිතිකරු ලෙසින් රිච්මන්ඩ් විද්‍යාලයේ දිමුත් සඳරුවන් සහ තරගයේ වීරයා ලෙසින් ජයග්‍රාහී මහින්ද විද්‍යාලයේ රංසික වැළිහිඳ ද නම් කෙරුණි.

රිච්මන්ඩ් විද්‍යාලය; කඩුලු 7ක් දැවී 170 (50) දිලුම් සුධිර 18, භානුක මනෝහර 18, දිමුත් සඳරුවන් නොදැවී 45, විමුත් සප්නක නොදැවී 35, කුෂාන් මදූශ 2/32

මහින්ද විද්‍යාලය; කඩුලු 3ක් දැවී 171 (44.2) නවෝද් පරණවිතාන 35, කෞෂිත කොඩිතුවක්කු 35, රංසික වැළිහිඳ 35, නිපුන් මාලිංග 21, දිලුම් සුධීර 3/19, දිමුත් සඳරුවන් 2/26

ශ්‍රී ලංකාව පන්දුව අතට ගනියි; කණ්ඩායම වෙනස්කම් රහිතයි!

මීට දින දෙකකට ඉහතදී පැවති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු T20 තරගය සුපිරි පන්දුවාරය දක්වා ගිය…

21 වැනි කන්ද උඩරට රන් සටන විසඳුමක් නෑ

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය අතර 21 වැනි වරටත් පැවැති කන්ද උඩරට රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (23) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය.

Photos: 21st Hill country Battle of the Golds | Sri Sumangala College Kandy vs Sri Rahula College Katugasthota – Day 1

කාසියේ වාසිය දිනා ගත් රාහුල විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී සුමංගල විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 175ක් ලබා ගත්තේ අවිශ්ක පුෂ්පකුමාර (55) සහ චාමර බණ්ඩාර (52) ලබා ගත් අර්ධ ශතක දෙකක් සමඟිනි.

එම ඉනිමට එරෙහිව ලකුණු 50කට කඩුලු 5ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීමට ඩිල්ශාන් අරඹේගෙදර සමත් විය.

Photos: 21st Hill country Battle of the Golds | Sri Sumangala College Kandy vs Sri Rahula College Katugasthota – Day 2

ශ්‍රී රාහුල ඉනිම ලකුණු 175 ම නතර විය. එම ඉනිම වෙනුවෙන් ජනිත් මාඉටිපේ අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. අනතුරුව තරගය නතර කරන විට ශ්‍රී සුමංගල විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 82ක් ලබා සිටිය හ.

තරගයේ වීරයා ලෙසින් ශ්‍රී සුමංගල විද්‍යාලයේ චාමර බණ්ඩාර නම් කෙරුණි.

ශ්‍රී සුමංගල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 175 (64.5) අවිශ්ක පුෂ්පකුමාර 55, චාමර බණ්ඩාර 52, ශේමෙල් නේරද්‍ය 22, ඩිල්ශාන් අරඹේගෙදර 5/50

ශ්‍රී රාහුල විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 33ක් අවසානයේ කඩුලු 2ක් දැවී 105) සියලුම දෙනා දැවී 175 (69.5) තරිඳු ෆොන්සේකා 48, මධුශාන් පරණවිතාන 24, ජනිත් මාඉටිපේ 50, ක්‍රිශාන්ත ඩිල්ශාන් 21, ඉසුර කුලතුංග 3/26, සමීර ලහිරු 4/55, තේනුක ඒකනායක 2/22

ශ්‍රී සුමංගල විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 82 (37) අවිශ්ක පුෂ්පකුමාර 28, චාමර බණ්ඩාර නොදැවී 25, ක්‍රිශාන්ත ඩිල්ශාන් 2/07

තරණගේ පිත්තත්, අනුකගේ පන්දුවත් හමුවේ මොරටු ක්‍රීඩකයින් අසරණ වේ

පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය අතර පැවැත්වෙන 67 වන රන් මහ සංග්‍රාමය අද…

35 වැනි ඇතුගල්පුර සටනට විසඳුමකින් තොරව අවසන් වේ

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (23) අවසන් වූ 35 වැනි අතුගල්පුර සටන වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනූ සාන්ත ආනාවරුන්ගේ නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මලියදේව ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 172ක් ලබා ගත්තේ ය. එම ඉනිම වෙනුවෙන් චාලුක අතපත්තු පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 48ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය.

Photos: Maliyadeva College vs St. Annes College | 36th Battle of The Rocks | Day 1

එම ඉනිමේ දී දකුණතින් වේගපන්දු යැවූ රිශිත පෙරේරා ලකුණු 15කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සාන්ත ආනාවරුන් තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 278ක් ලබා ගත් හ. එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට කවිඳු රණසිංහ සහ ලසිත් වර්ණකුලසූරිය සමත් විය. කවිඳු රණසිංහ පන්දු 87කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේ ය. කවිඳු දෙවැනි කඩුල්ලට ක්‍රෙශාන්ත පියතිලක (35) සමඟ එක් වෙමින් ලකුණු 74ක සබඳතාවක් ද ගොඩ නැගීමට පෙරමුණ ගත්තේ ය.

කණ්ඩායමේ අනෙක් අර්ධ ශතක ලාභියා වූයේ ලසිත් වර්ණකුලසූරිය ය. ඔහු පන්දු 169කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේ ය. ඉනිමේ කැපී පෙනෙන ලකුණු සබඳතාව වූයේ අවසන් කඩුල්ලට පිවිතු ප්‍රනාන්දු (36) සහ මනාන් මුසම්මිල් (22*) ලබා ගත් ලකුණු 50යි.

Photos: Maliyadeva College vs St.Annes College | 36th Battle of The Rocks – Day 2

තරගයේ සම්මාන මේසය ම සාන්ත ආනාවරුන් දිනා ගත් අතර ඒ අනුව  දක්ෂතම පන්දු යවන්නා ලෙසින් රිෂිත පෙරේරා ද, දක්ෂතම පිතිකරු ලෙසින් ලසිත් වර්ණකුලසූරිය ද දක්ෂතම පන්දු රකින්නා ලෙසින් ක්‍රෙශාන්ත පියතිලක ද තරගයේ වීරයා ලෙසින් කවිඳු රණසිංහ ද සම්මානයට පාත්‍ර වූහ.

මලියදේව විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 172 (53) චාලුක අතපත්තු 48, විදත් බටේපොළ 32, සුපුන් සුමනරත්න 26, රිශිත පෙරේරා 4/15 , පසිඳු තෙන්නකෝන් 3/53

සාන්ත ආනා විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනය අවසන් වන විට පන්දුවාර 40ක් අවසානයේ කඩුලු 4ක් දැවී 139) කඩුලු 9ක් දැවී 278 (94.2) කවිඳු රණසිංහ 64, ක්‍රෙශාන්ත පියතිලක 35, ලසිත් වර්ණකුලසූරිය 55, පිවිතු ප්‍රනාන්දු 36, මනාන් මුසම්මිල් නොදැවී 22, බ්‍රයන් කරුණානායක 2/29, විදත් බටේපොළ 2/45

මලියදේව විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 109 (28) කවීන් බණ්ඩාර නොදැවී 29, සුපුන් සුමනරත්න 27, බ්‍රයන් කරුණානායක නොදැවී 26, මුදිත ප්‍රේමදාස 24

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<