වසර 8කට පසුව බිග් බෑෂ් කිරුල සිඩ්නි සික්සර්ස්ට

බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලිය 2019/20

74
BBL Final
Big Bash League Twitter

ඕස්ට්‍රේලියානු පන්දුවාර විස්සයි විස්ස බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (8) සිඩ්නි හිදී නිමා වූයේ සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට ලකුණු 19ක ජය හිමිකර දෙමිනි. 

ඒ අනුව 2011/12 ආරම්භක තරගාවලියේ ශූරතාව දිනා ගත් සිඩ්නි සික්සර්ස් කණ්ඩායම මෙවර දෙවන වතාවටත් බිග් බෑෂ් කිරුල තමන් සතු කර ගන්නා ලදි.

සහිරාව අවශ්‍යම ජයක් ලබා ගනිද්දී රාජකීයට නොතිබූ ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (8) ක්‍රියාත්මක

අවසන් මහා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට අයහපත් කාලගුණික තත්වය අවස්ථාව ලබා නොදුන් අතර ඒ නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 12කට සීමා කිරීමට තරග විනිසුරුවරුන් හට සිදු විය.

මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් සිඩ්නි සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 12 අවසානයේ කඩුලු 6ක් දැවී 116ක් ලබා ගත් අතර එහි දී ජෝෂ් පිල්ප් පන්දු 29ක දී ලකුණු 52ක් ලබා ගනිමින් සුපිරි පිතිකරණයක නිරත විය. එම ඉනිම සඳහා 4 පහර 4ක් සහ 6 පහර 3ක් අන්තර්ගතය.

ස්ටීව් ස්මිත් ලකුණු 21ක් ලබා ගන්නා විට, ජෝර්ඩන් සිල්ක් නොදැවී ලකුණු 27ක් ලබා ගනිමින් දස්කම් දැක්වූයේ මෙල්බන් ස්ටාර්ස් පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් දියත් කරමිනි. පන්දු යැවීමේ දී ඇඩම් සැම්පා සහ ග්ලෙන් මැක්ස්වෙල් යන දඟපන්දු යවන්නන් කඩුලු 2ක බැගින් දවා ගත්තේය. 

සහිරාව අවශ්‍යම ජයක් ලබා ගනිද්දී රාජකීයට නොතිබූ ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (8) ක්‍රියාත්මක

ලකුණු 117ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායමේ මුල්පෙළ කඩුලු කිහිපය ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් තුල බිඳ වැටීම නිසාවෙන් ඔවුන්ට තරගය ජයග්‍රහණය වෙත යාම දුෂ්කර විය.

ඔවුන්ගේ ආරම්භය සුන් කළ ස්ටීව් ඔකීෆ් සහ නේතන් ලයන් මාර්කස් ස්ටෝයිනිස්, මැක්ස්වෙල් ඇතුළු ස්ටාර්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවන් ඉතාමත් අවම මට්ටමේ ලකුණකට සීමා කිරීම සිඩ්නි සික්සර්ස් කණ්ඩායමේ මේ ජයග්‍රහණය සඳහා හේතු සාධක විය. 

මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායමේ මැදපෙළ සවිමත් කරමින් ඔවුන්ගේ ලකුණු සටහන යම් ගෞරවාන්විත මට්ටමක් දක්වා රැගෙන ගිය නික් ලාර්කින් නොදැවී ලකුණු 37*ක් ලබා ගත්තේ 4 පහර 2ක් සහ 6 පහර 2ක් එල්ල කරමිනි. 

කෙසේ නමුත් අනෙක් අන්තයෙන් ඔහුට නිසි සහයක් නොලැබීම නිසා තරගය ජයග්‍රහණය දක්වා රැගෙන යාමට ලාර්කින් හට නොහැකි විය. 

පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩකයින් වන ඔකීෆ් සහ ලයන් දෙදෙනා මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ කඩුලු 2ක බැගින් දවා ගත්තේය.

සිඩ්නි සික්සර්ස් – 116/5 (12): 

මෙල්බන් ස්ටාර්ස් – 97/6 (12): 

තරගයේ වීරයා – ජෝෂ් පිලිප් 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<