ඉන්දීය ප්‍රේක්ෂකයින්ට අසුබ ආරංචියක්

729

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තුන්වැනි සතිය අවසන් කරමින් ඊයේ (16) ඉන්දියාව හා පාකිස්තානය මැන්චෙස්ටර් හිදී තරග වැදුණු අතර ඩක්වත් ලුවිස් න්‍යායට අනුව එම තරගයේ ජයග්‍රහණය ඉන්දියාව සතු වූයේ ලකුණු 89කිනි.

රෝහිත් හා කුල්දීප් පාකිස්තානය හඬවයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ වැඩි ප්‍රේක්ෂක …..

කෙසේ වෙතත් මෙම තරගාවලිය අන් තරගාවලි වලට වඩා ආබාධ රැසක් සහිත තරගාවලියක් බවට පත්ව ඇති අතර සෑම කණ්ඩායමකම එක් ක්‍රීඩකයෙක් හෝ ආබාධයට ලක්වීම කැපී පෙනෙන කාරණයකි. ඊයේ ඉන්දීය පාකිස්තාන තරගයේ දී ඉන්දීය වේගපන්දු බලඇණියේ ප්‍රබල අවියක් වන බුවනේශ්වර් කුමාර් ආබාධයකට ලක්විය.

ඔහුගේ පාදයේ සිදු වූ මස්පිඩු ඇදීමක් නිසා ඔහුට තරගයෙන් ඉවත් වීමට සිදු වූ අතර තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ඉන්දීය නායක විරාත් කෝලි පවසා සිටියේ බුවනේශ්වර් කුමාර් හට ඉදිරි සති තුනක කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වන බවයි.

ආබාධයට ලක්වන විට බුවනේශ්වර් තම තුන්වැනි පන්දුවාරය යවමින් සිටි අතර එහි දී ඔහුගේ පාදය ලිස්සා ‍යාම නිසා ඇදීමකට ලක්විය. අනතුරුව ඔහු තරගයෙන් ඉවත් විය. පාකිස්තාන කණ්ඩායමට ඒ වන විට එල්ල වී තිබූ ඉලක්කය ලකුණු 336කි.

“බුවනේශ්වර්ගේ සිදුවීම දැනට එතරම් බරපතළ තත්වයක නෑ. ඔහු ඒ වෙලාවේ ලිස්සා ගියා. ඔහුට තවත් තරග දෙකක් තුල දී සුවවීමට පුළුවන් වේවි. වැඩිම වුනොත් තරග 3ක්. ඔහුගේ දායකත්වය අපිට වැදගත් සාධකයක් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔහු වෙලාවට සුවවේවි කියලා. අපිට මොහොමඩ් ශාමි ඉන්නවා. ඒක හින්දා අපිට ලොකු ගැටලුවක් වෙන්නේ නැති වෙයි. බුවනේශ්වර් වුනත් හිතන්නේ මේක ඉක්මනින් සුවවේවි කියලයි.” තරගයෙන් අනතුරුව විරාත් කෝලි පවසා සිටියා.

රෝහිත් හා කුල්දීප් පාකිස්තානය හඬවයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ වැඩි ප්‍රේක්ෂක ……..

බුවනේශ්වර් කුමාර් තරගයෙන් ඉවත් වීමත් සමඟින් ඔහුගේ පන්දු වාරය යැවීමට විජේ ශංකර් කැඳවූ අතර තම පළමු පන්දුවෙන්ම ඉමාම් උල් හක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ඔහු සමත් විය. බුවනේශ්වර් පාදයේ ඇදීමකට ලක්වූ විගස ඉන්දීය ශාරීරික යෝග්‍යතා පරීක්ෂක පැට්‍රික් ෆර්හත් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුට ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට උපදෙස් දුන්නේය. විජේ ශංකර් හා හර්ඩික් පාන්ඩ්‍යා වේගපන්දු ‍යවන්නන් ලෙස දායකත්වය ලබා දුන්නේය.

බුවනේශ්වර් කුමාර් ඉන්දීය වේගපන්දු බලඇණියේ ප්‍රබලතම අවියක් ලෙස හැදින්විය හැකි අතර මේ දක්වා පැවති තරග දෙකේ දී ඔහු ලකුණු 94කට කඩුලු 5ක් දවාගෙන ඇත. ඔහුගේ අඩුව පිරවීමට ඉන්දියාව මොහොමඩ් ශාමි යොදාගැනීමට නියමිතය. ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් වන ශිකර් ධවාන් ද මේ වන විට ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත්ව සිටීම ඉන්දියාවට ප්‍රබල බලපෑමක් කරනු ඇත. ඕස්ට්‍රේලියානු තරගයේ දී පැට් කමින්ග්ස්ගේ පන්දුවක් අතේ වැදීම නිසා ශිකර් ධවාන්ට දින 10-12 අතර කාලයක් කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු විය. මේ නිසා පැවති නවසීලන්ත හා පාකිස්තාන තරගවලට ඔහුට ක්‍රීඩා කිරීමට නොහැකි විය.

ඉන්දීය ක්‍රීඩකයෙකුට තරග දෙකක් අහිමි වෙයි

ඉන්දීය ලෝක කුසලාන ක්‍රිකට් සංචිතයේ සිටින ප්‍රබල ………

ඉන්දීය කණ්ඩායම එළඹෙන 22 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟින් තරග වැදීමට නියමිතයි.

2019 ලෝක කුසලාන තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<