ඇමතිගෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් 77කට කොන්ත්‍රාත්තු

1455

පළමු පෙළ ක්‍රිකට් සමාජ මට්ටමේ විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් 77 දෙනෙකුට ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලබා දීම මෙන්ම තරගාවලිය පුරාවටම දස්කම් දැක්වූ ක්‍රීඩකයන්ට සම්මාන ලබා දීමේ උත්සවයක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය විවෘත කිරීම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී  සිදුකෙරුණි.

කොදෙව්වන්ගේ වාර්තාගත ඉනිමට රෝයි සහ රූට් අකුල් හෙළයි

ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ඉනිම පරාජය කළ එංගලන්ත..

ක්‍රීඩකයන්ට කොන්ත්‍රාත්තු ලබා දීම මට්ටම් කිහිපයක් යටතේ සිදු වූ අතර නැගීඑන ක්‍රීඩකයන්, ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් හා තරුණ ක්‍රීඩකයන් වශයෙන් කාණ්ඩ කිහිපයක් යටතේ එම ක්‍රීඩක කොන්ත්‍රාත්තු ලබා දීම සිදු කරන ලදි.

උත්සවයේ දී මාධ්‍යයට අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යතුමා දක්ෂතා දැක්වූ සියලු ක්‍රීඩකයන්ට සුබ පතන බවත්, වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යා යුතු බවත් පවසා සිටියේය. මෙහි දී 2017/18 පළමු පෙළ A කාණ්ඩයේ තරගාවලියේ වීරයා වූ සචිත්‍ර සේරසිංහට හරීන් ප්‍රනාන්දු මහතා අතින් මෝටර් රථයක් ප්‍රදානය කිරීම ද සිදු කරන ලදි.

සවුතිගේ සුපිරි පන්දුකරණය හමුවේ බංගලින්ගේ සුද හේදෙයි!

මීට මසකට පමණ පෙර පැවැත්වුණු ඉන්දු – නවසීලන්ත එක්දින තරගාවලිය 4-1ක්..

“මගේ ජොබ් එක ක්‍රීඩාවට අතගහන එක නෙමේ, ක්‍රීඩා අමාත්‍යවරයාගේ කාර්යය හරි මාර්ගයක ක්‍රීඩකයන් යවන එක. ආත්ම විශ්වාසය එකමුතුකම කොල්ලෝ අතර තියනවා නම් මැච් දිනන එක එතරම් දෙයක් නෙමේ, ටැලන්ට් එකෙන් ශ්‍රී ලංකාවේ කිසි අඩුවක් නෑ.” ක්‍රීඩා අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට සුබවාදී පෙරනිමිති පහල කරමිනි.

2017/18 පළමු පෙළ ක්‍රිකට් සමාජ තරගාවලියේ විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන්ට ත්‍යාග ප්‍රදානය කිරීමක් මෙහි දී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

පළමු පෙළ එක්දින තරගාවලිය  2017/18

  • හොඳම පිතිකරු – ලහිරු මිලන්ත
  • හොඳම පන්දු යවන්නා – සචිත්‍ර සේනානායක
  • තරගාවලියේ වීරයා – ෂෙහාන් ජයසූරිය

පළමු පෙළ T20 තරගාවලිය 2017/18

  • හොඳම පිතිකරු – රවිදු ගුණසේකර
  • හොඳම පන්දු යවන්නා– ලසිත් මාලිංග
  • තරගාවලියේ වීරයා – චතුරංග ද සිල්වා

Photos: Awarding of Contracts for Domestic Cricket Players

පළමු පෙළ A –  කාණ්ඩයේ තරගාවලිය 2017/18

  • හොඳම පිතිකරු – කෞෂාල් සිල්වා
  • හොඳම පන්දු යවන්නා – චානක කොමසාරු
  • තරගාවලියේ වීරයා – සචිත්‍ර සේරසිංහ

පළමු පෙළ B –  කාණ්ඩයේ තරගාවලිය 2017/18

  • හොඳම පිතිකරු – ලක්ෂාන් රොද්‍රිගෝ
  • හොඳම පන්දු යවන්නා – ගයාන් සිරිසෝම
  • තරගාවලියේ වීරයා – නිමේෂ් විමුක්ති

ඊයේ දිනයේ සිදු වූ අනෙක් විශේෂ සිදුවීම වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ක්‍රිකට් කෞතුකාගාරය” ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා විසින් විවෘත කිරීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය තුල ඉදිකර ඇති මෙම කෞතුකාගාරය හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අමරණීය මතක සටහන් රැසක් ප්‍රථම වතාවට මහජනතාවට දැක ගැනීමට අවස්ථාව හිමි වේ. එමඟින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයත්, එක්දින තරග ඉතිහාසයත්, විස්සයි විස්ස තරග ඉතිහාසයත්, ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ජයග්‍රහණ සහ කුසලාන ප්‍රදර්ශනයට තබා ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාවේ ඓතිහාසික හැරවුම් ලක්ෂයන් ද මෙහි තැම්පත් කර ඇත.

>> වේල්ස් කුමරුවන් තවත් පිම්මක් ඉදිරියට

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරි චූලානන්ද පෙරේරා, ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙරම් ජයරත්න යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග, ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රාහකයින් සහ මාධ්‍යවේදීන් සහභාගී විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<