සහය දිවීමේ සැණකෙළියේ ජයගොස නැංවූ බෙනඩික් කුමරුන්

324
වසර 152ක දිගු අතීතයකට හිමිකම් කියන ශාන්ත බෙනඩික් විද්‍යාලය හොකී, පාපන්දු සහ  පැසිපන්දු යන ක්‍රීඩා වලට සහජයෙන්ම උරුමකම් කියූ විදුහලක් විය. 2007 වර්ෂයේදී සමස්ත ලංකා මලල ක්‍රීඩා කිරුල හිමිකරගත් බෙනඩික්  විදුහල,  නැවතත් පාසල් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ හිනිපෙත්ත කරා ගමන්ගන්නා ක්‍රියාවලිය සාර්ථකව ආරම්භ කර තිබේ. 

2016 වර්ෂයේ සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශුරයන් ලෙස කිරුළු පැලදී ඔවුන් හට සමස්ත ලංකා මලල ක්‍රීඩා ශුරතාවය ගිලිහී යන්නේ ලකුණු 3ක් වැනි සුළු ලකුණු ප්‍රමාණයකින්. පසුගිය වසරේ අතුපසුවීම් පසෙකලා මෙවරත් යාපනය දුරෙයප්පා ක්‍රීඩාංගනයේදී  පසුගියදා නිමාවූ 2017 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ ශුරතාවය තම පාසල් මෑණියන් වෙත දිනාදුන් ශාන්ත බෙනඩික් ක්‍රීඩකයින් ඉදිරි තරග ගැන දක්වනුයේ මෙවන් අදහසක්.