බෙන් ස්ටෝක්ස් නිදොස් කොට නිදහස්

247

ලන්ඩන නුවර රාත්‍රි සමාජ ශාලාවක දී ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් එම චෝදනා සියල්ලෙන්ම නොදොස් කොට නිදහස් කිරීමට බ්‍රිස්ටල් හි ක්‍රවුන් අධිකරණය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෝ කළ වික්‍රමය පිතිකරුවෝ පමා කරති

ඉතිහාසයේ අඩුම ලකුණු ප්‍රමාණයකට දැවී යමින් නොසිතූ ව්‍යසනයකට මුහුණ දීමට සිදු වූ දකුණු …

රාත්‍රි සමාජ ශාලාවේ දී ඇතිවූ ගැටුමක දී පුද්ගලයින් දෙදෙනකුට සිහිසුන්වන තුරු පහර දීම ස්ටොක්ස්ට එල්ල වී තිබුණු චෝදනාව වන අතර අදාළ නඩු විභාගය පැය දෙක හමාරකට ආසන්න කාලයක් පුරාවට පවත්වා තිබුණි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරගයකින් පසුව එංගලන්තයේ බ්‍රිස්ටල් හි රාත්‍රි සමාජ ශාලාවක දී උක්ත ගැටුම සිදු වී ඇති අතර එහි දී ස්ටෝක්ස් විසින් රයාන් අලී සහ රයාන් හේල් යන පුද්ගලයින් දෙදෙනාට සිහිසුන්වන තුරු පහර දී ඇත.

මෙයට අදාළ නඩු විභාගය පැවැත්වෙන කාලය අතරතුර ඉන්දු – එංගලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලෝර්ඩ්ස් පිටියේ දී පැවති අතර ස්ටොක්ස් හට එම තරගය සඳහා සහභාගී වීමට ද නොහැකි විය. එංගලන්ත කණ්ඩායම එම තරගය ඉනිමකින් හා ලකුණු 159කින් ජයග්‍රහණය කළේය.

මෙම නීතිමය කටයුතු නිසාවෙන් ස්ටොක්ස්ට නිමා වූ අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක් ද ඇතුළත්ව ටෙස්ට් තරග 6ක්, එක්දින තරග 7ක් හා විස්සයි – විස්ස තරග 4ක් ක්‍රීඩා කිරීමට නොහැකි විය.

එංගලන්තයෙන් ඉන්දියාවට ලැජ්ජා සහගත පරාජයක්

එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ එංගලන්ත – ඉන්දියා …

අධික ලෙස මත්පැන් පානය කළ සිටියා යැයි පැවසෙන චෝදනා සියල්ලම මෙහි දී  ප්‍රතික්ෂේප කළ ස්ටෝක්ස් එම අවස්ථාවේ දී තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ බව පවසා ඇති අතර තමන් හට ඒ අවස්ථාවේ දී සිදු වූයේ කුමක් ද යන්න හරි ආකාරව මතකයක් නැති බව ද පවසා ඇත.

මේ නඩු කටයුතු අවසන් වීම නිසාවෙන් ඉදිරියේ දී පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා ස්ටෝක්ස්ට තරග වැදීමට හැකිය. ඉන්දු – එංගලන්ත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 18  වැනිදා නොටින්හැම් හිදී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<