දුන්න 4 පහර ඉවත් කරන ලෙස ස්ටෝක්ස් විනිසුරුගෙන් ඉල්ලලා

16183

2019 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය කිසිවෙකු නොසිතූ විරූ අවසානයකට ළඟා වූ අතර එය එසේ වීම සඳහා හේතු කාරනා කිහිපයක්ම බලපාන ලදි. ගප්ටිල් විසින් පන්දුව රැගෙන කඩුල්ල වෙත එල්ල කළ අවස්ථාවේ දී බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී ගිය 4 පහර එම සිදුවීම් අතර ඉහළින්ම තිබේ.

සුපිරි පන්දුවාරයෙන් ලෝක කුසලානය මහ රැජිනගේ දේශයට

ලන්ඩන් නුවර ‍ඵෙතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (14) …….

කෙසේ නමුත් එම අවස්ථාවේ දී ස්ටොක්ස් විසින් එම ලබා දුන් 4 පහර ඉවත් කිරීමට හැකි දැයි තමා විනිසුරුවරුන්ගෙන් ඉල්ලූ බව ස්ටොක්ස් තමාට පැවසූ බව හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මයිකල් වෝන් පවසා ඇත.

කෙසේ නමුත් එම සිදුවීම පිළිබඳව ලොවට අනාවරණය වී තිබෙන්නේ BBC ගුවන් විදුලි සේවයේ තිබූ වැඩසටහනකට සහභාගී වී සිටි එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජිමී ඇන්ඩර්සන් මේ පිළිබඳව ලොවට අනාවරණය කර ඇත.

“ක්‍රීඩාවේ ආචාරධර්ම වලට අනුව ඒ අවස්ථාවේ දී ක්‍රීඩකයෙක් පන්දුව එන මග හිතා මතා ආවරණය කරමින් සිය කඩුල්ල රැකගත්තේ නම් එය වරදක්. නමුත් මේ අවස්ථාවේ දී මම හිතන්නේ නැහැ එහෙම දෙයක් වුනා කියලා. නමුත් අවාසනාවන්ත ලෙස පන්දු රකින්නා කඩුල්ලට එල්ල කළ පන්දුව ස්ටොක්ස්ගේ පිත්තේ වැදී 4 සීමාවට ගියා. එය ක්‍රිකට් පොතේ දැනට තිබෙන නීතිය අනුව 4 පහරක් වුනත් කිසිම කෙනෙක්ට මොකුත් කරන්න බැහැ.” යැයි ඇන්ඩර්සන් එම වැඩසටහනේ දී පවසා ඇත.

මම හිතන්නේ තරගයට පසුව මයිකල් වෝන් සහ ස්ටොක්ස් මුණගැසුණු අවස්ථාවේ දී ස්ටොක්ස් විනිසුරුවරුන් වෙත ගොස් ඒ 4 පහර ඉවත් කරන්න පුළුවන් ද එය අපට අවශ්‍ය නැතැයි විනිසුරුවරුන්ගෙන් විමසූ බව මයිකල් වෝන් වෙත පවසා තිබෙනවා.

“නමුත් ක්‍රිකට් පොතේ දැනට තියෙන නීතිය අනුව ඒ 4 පහර එංගලන්තයට ලැබෙනවා”

ධර්මසේනට හා එරැස්මස්ට අවසන් තරගයේ දී වැරදුණා ද?

2019 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය කිසිවෙකු …..

මෙම තරගයේ තීරණය සුපිරි පන්දුවාරයකින් තීරණය වූයේ දෙපිළම සම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම හේතුවෙනි. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ අතිරේක ලකුණු 30ක් ද සමඟින් කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් එංගලන්ත ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ද ලකුණු 241කි.

තරගයේ 50 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වන විට එංගලන්තයට ජයග්‍රහණය සඳහා ලකුණු 15ක අවශ්‍යතාවක් තිබුණි එහෙත් ඒ වන විට ඔවුන් සතු වූයේ කඩුලු දෙකක් පමණි. පන්දු යැවීමට කැඳවූ ට්‍රෙන්ට් බෝල්ට් පළමු පන්දු දෙක කිසිදු ලකුණක් නොදී යැවීමට සමත් වූවද තෙවැනි පන්දුවේ දී බෙන් ස්ටොක්ස් හයේ පහරක් එල්ල කරමින් තරගය තමන් දෙස නැවත නම්මා ගත්තේය. 

සිව්වැනි පන්දුවේ දී බෙන් ස්ටොක් විසින් එල්ල කළ පහරක් හතරේ සීමා අසල දී අල්ලා ගත් මාටින් ගප්ටිල් නැවත පන්දුව කඩුලු රකින ක්‍රීඩකයා වෙත බාර දුන්න ද එය පන්දු රකින්නන් අභිබවා හතරේ සීමාව දක්වා යෑම නිසා පිතිකරුවන් ද දුවන ලද ලකුණු දෙකක් ද සමඟින් එංගලන්තයට ලකුණු 6ක් හිමි විය.  

එම සිදුවීමෙන් පසුව පිටියේ ප්‍රධාන විනිසුරු කුමාර් ධර්මසේන විසින් ලකුණු හයක් සිය ඇඟිලිවලින් සංඥා කළ අතර තරගයේ වීරයා වූ ස්ටොක්ස් අවසන් පන්දු දෙකට පන්දුවාර පහර දීමේ අවස්ථාව ද ලබා ගත්තේ ජයග්‍රහණය සඳහා ලකුණු තුනක් අවශ්‍යව තිබූ මොහොතකයි.

අවසන් පන්දුවාරයේ දී මාටින් ගප්ටිල්ගේ පන්දුව රැකගෙන පන්දුව කඩුල්ල වෙත යොමු කළ අතර පන්දුව නොසිතූ ලෙස එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ගේ පිත්තේ වැදී හතරේ සීමාව වෙත ඇදී ගියේ එංගලන්තයට වාසනාවන්ත ලකුණු හයක් හිමි කරමින්. 

කෙසේ වෙතත් මෙම ලකුණු හය පිළිබඳව පෙරළිකාර අදහසක් සයිමන් ටෝෆල් අද පළ කර තිබුණු අතර කෙසේ වෙතත් ඔහු වැඩි දුරටත් පවසා තිබුණේ එම සිදුවීම තරගයේ තීරණාත්මකම ස්ථානය ලෙස පැවසීම එතරම් නිවැරදි නොවනු ඇති බවයි.

‘දෙයියන්ගෙ බැට් එක’

2019ට පෙර 1986 වසරේ දී ද ලෝක කුසලාන තරගාවලියක් ……

කෙසේ වෙතත් පස් වතාවක් වසරේ ICC විනිසුරු ලෙස සම්මානය දිනා ගැනීමට සමත් වූ සයිමන් ටෝෆල් පවසා සිටියේ එංගලන්තයට ලකුණු හයක් වෙනුවට ලකුණු පහක් ලබා දිය යුතුව තිබූ බවයි. එමෙන්ම තරගයේ අවසන් පන්දු දෙකට බෙන් ස්ටොක්ස් වෙනුවට අදිල් රෂිඩ් පන්දුවට පහර දෙන අන්තයේ සිටිය යුතු බවත් ඔහු පවසා සිටියේය.

ස්ටොක්ස් එම සිදුවීම වූ වහාම සිය දෑත් ඔසවා නවසීලන්තයෙන් සමාව ඉල්ලා සිටි නමුත් පැහැදිලිව පෙනුණේ ඔහුට පන්දුව යන මාර්ගය වෙනස් කිරීමට කිසිදු උවමනාවක් නොතිබූ බවයි.

“මම මගේ ජීවිත කාලය පුරාවට කේන්ගෙන් සමාව ඉල්ලනවා. මේ දෙය අපිට මෙහෙම වෙන්න කියලා තරුවල ලියලා තිබුණා වෙන්න පුළුවන්.” ස්ටොක්ස් පවසා සිටියේය.

නවසිලන්ත නායක කේන් විලියම්සන් ද මේ පිළිබඳ අදහස් දක්වා තිබේ.

“එය තරමක ලැජ්ජාවක්. සිදු විය නොයුතු යමක්. ඔබ බලාපොරොත්තු වෙන්නේ එවැනි සිදු වීමක් මෙවැනි මොහොතක සිදු නොවිය යුතුයි කියා. ඇතැම් වෙලාවකට මෙම ලෝක කුසලානය අපිට හිමි නොවීමට තිබෙන්න ඇති. මම හිතන්නේ නැහැ මෙවැනි සිදුවීමක් මීට කලින් සිදු වෙලා ඇති කියලා. ක්‍රීඩාව පිළිබඳ පොඩි පොඩි දේවල් ගොඩක් තිබෙනවා අපි නොසිතුවාට ක්‍රීඩාවට ඒවා ඉතා වැදගත්.”

Sydney Morning Herald ඇසුරෙනි.

>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<