පාන්ඩ්‍යාට හා රාහුල්ට කරුණු දැක්වීමට කැඳවුම්

856
courtsey - BCCI

සුප්‍රසිද්ධ සජීවී රූපවාහිනි වැඩසටහනක් අතරතුර දී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඉන්දීය කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ලෝකේෂ් රාහුල් සහ හර්දික් පාන්ඩ්‍යාව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නීතිඥවරුන් හමුවට කැඳවා තිබේ.

ලෝක කුසලානයට ක්‍රීඩා කරන නවසීලන්ත එක්දින සංචිතය නම් කරයි

තවත් දින 59කින් ආරම්භ වන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන නවසීලන්ත ක්‍රිකට් සංචිතය ICC විසින් නිවේදනය…

මුම්බායි හිදී පැවැත්වෙන මෙම කරුණු විමසීම එළඹෙන අප්‍රේල් මස 9 හා 10 පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. අප්‍රේල් 9 වැනිදා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යාගෙන් කරුණු විමසීමටත්, අප්‍රේල් 10 වැනිදා ලෝකේෂ් රාහුල්ගෙන් කරුණු විමසීමටත් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නීතිඥ ඩී. කේ. ජෙයින් කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

ඩී. කේ. ජෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත්වීමෙන් පසු විභාග කරන පළමු නඩුව මෙය වීම ද විශේෂත්වයකි. ඩී. කේ. ජෙයින් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම සිද්ධිය පිළිබඳ නිවැරදි තීරණයකට එළඹීමට නම් ලෝකේෂ් රාහුල්ගෙන් හා හර්දික් පාන්ඩ්‍යාගෙන් කරුණු විමසිය යුතු බවයි.

කරුණු විමසීමට සහභාගී වනවා ද, නැද්ද යන්න පිළිබඳව තමන් දැනුවත් කරන ලෙස ඩී. කේ. ජෙයින් ක්‍රීඩකයින්ට දන්වා තිබේ. මේ දිනවල දී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ලෝකේෂ් රාහුල් හා හර්දික් පාන්ඩ්‍යා සහභාගී වී සිටීම හේතුවෙන් මෙම කරුණු විමසීම සඳහා ඔවුන් දෙදෙනා සහභාගී වීම අවිනිශ්චිත මට්ටමක පවතින බව වාර්තා වේ.

වසර දෙකකට පසු ජාතික කණ්ඩායමට පැමිණි උමාර් අක්මාල්ට වැඩ වරදී

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක උමාර් අක්මාල්ට එරට ක්‍රිකට් ආයතනය විසින් දඩ නියම කර තිබේ. ඒ එරට ක්‍රිකට් ආයතනය සමඟ අක්මාල්…

හර්දික් පාන්ඩ්‍යාගේ කරුණු විමසීම පැවැත්වෙන අප්‍රේල් 9 වැනිදාට පසු දින එනම් 10 වැනිදා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම් අතර තරගය පැවැත්වීම එයට හේතුවය.

යම් හෙයකින් ලෝකේෂ් රාහුල් අප්‍රේල් 10 වැනිදා පැවැත්වෙන කරුණු විමසීමට සහභාගී වුවහොත් ඔහුට එම තරගයට සහභාගී වීමේ අවස්ථාව අහිමි වීමට අවස්ථාව තිබේ.

කෙසේ වෙතත් එළඹෙන ලෝක කුසලානයට පෙර මෙම නඩුව විභාග කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව නීතිඥ ජෙයින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය ලෝක කුසලාන සංචිතයට පාන්ඩ්‍යාගේ හා රාහුල්ගේ දායකත්වය ලබා ගැනීමට හැකියාවක් පවතිනවා ද යන්න දැන ගැනීමට මෙම නඩුව විභාග කර අවසන් කර යුතුය. මෙම සිද්ධිය පදනම් කර ගනිමින්  තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා සහ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් හට තරග තහනමක් පැනවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය දා තීරණය කර තිබුණි. ඒ අනුව ඕස්ට්‍රේලියානු සංචාරය නිමා කරමින් පැවති සීමිත පන්දුවාර තරගාවලියට  සහභාගී වීමේ අවස්ථාව ද ඔවුන් දෙදෙනාටම අහිමි විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<