බංග්ලාදේශ බලධාරීන් කනගාටුව ප්‍රකාශ කරයි

401

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන්, පසුගිය සිකුරාදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී බංගලාදේශ ක්‍රිකට් කණ්ඩයම රැඳී සිටි ක්‍රීඩාගාරයට හානි වීම හා එදින ඇති වූ අපකීර්තිමත් සිදුවීම් මාලාව පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ. 

[rev_slider LOLC]

නිදහස් කුසලානයේ ශ්‍රී ලංකාව සමඟ පැවති තරගය බංගලාදේශ කණ්ඩයම කඩුලු දෙකකින් ජය ගත් අතර ක්‍රීඩා පිටිය තුල දී මෙන්ම ක්‍රීඩාගාරයෙන් පිටත දී ද බංගලාදේශ ක්‍රීඩකයින් කලහකාරී ලෙස හැසිරීම කැපී පෙනුනි. මෙම සිදුවීම් මාලව හේතුවෙන් තරගයේ අවසාන පන්දුවාරයේ දී තරගය තාවකාලිකව නතර කිරීමට ද සිදු වූ අතර ක්‍රීඩාගාරයේ වීදුරුවක් කුඩු කර තිබීම එම සිදුවීම් මාලාවේ උච්චතම අවස්ථාව විය. කෙසේ නමුත් ප්‍රේක්ෂකයින්ට සුපිරි තරගයක් දැක ගැනීමට හැකි වූ බව කිව යුතුමය.

ශකීබ්ට හා නරුල්ට එරෙහිව තරග තීරකවරයා ක්‍රියාත්මක වේ

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන 2018 නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට්…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හමුවේ මේ සිදුවීම පිළිබඳ පැමිණිලි කර ඇති අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් නස්මුල් හසන් සිය ක්‍රීඩකයින්ගේ හැසිරීම අනුමත කළ නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ සිදුවීම පිළිබඳ බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට පැමිණිලි කර ඇති බවත්, බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධාන විධායක නිලධාරි නිසාමුදීන් චෞද්‍රි තමාට දුරකථන මාර්ගයෙන් ඒ බැව් දැන් වූ බවත්ය. ඔහු මේ අදහස් ප්‍රකාශ කර සිටියේ බංගලාදේශ කණ්ඩයම රැඳී සිටි හෝටල් පරිශ්‍රයේ දී ය.

”අපිට මේක කරපු කෙනාව හඳුනා ගන්න බැරි වුනා, නමුත් අපි මේ ක්‍රියාව සිදු කරපු තැනැත්තා හොයා ගන්න උත්සහ කරනවා. අපේ කණ්ඩායමේ කෙනෙක්ගේ අතින් තමා බොහෝ දුරට මේ සිදුවීම සිදුවෙලා තියෙන්නේ, කොහොම වුනත් මේ සිදුවීම අනුමත කරන්න බෑ” යැයි ඔහු ප්‍රකාශ කර සිටියේය.

ශ‍්‍රී ලංකාව හඬවා බංග්ලාදේශය අවසන් සටනට

තරගයේ තිබූ තියුණු මුහුණුවර දෙපිළේ ක්‍රීඩකයන් අතර වූ උණුසුම්කාරී තත්ත්වයක් දක්වා…

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ඇති සුහද සම්බන්ධතාවට හානියක් මේ සිදුවීම හේතුවෙන් නොවේ යැයි තමන් අපේක්ෂා කරන බවද, පසුගිය වසර එකහමාර පුරා බංගලාදේශය හා ශ්‍රී ලංකාව කිහිපවරක්ම එකිනෙකාට එරෙහිව තරගාවලිවලට සහභාගී වීම නිසා බලධාරීන් අතර හොඳ සුහදත්වයක් ඇතිව ඇති බවත් ඔහු සඳහන් කර සිටියේය.

 “මම හිතන්නේ නැහැ මේ වගේ සිදුවීමක් නිසා අපේ සම්බන්ධතාවට හානි වෙයි කියල, මොකද අපේ සබඳතාව ඉතා ශක්තිමත්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිතුමා ඇතුළු බොහෝ දෙනා අපි ජයග්‍රහණය කරාට පස්සේ අපිට කතා කරලා සුබ පැතුවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<