ස්මිත්ගේ අපලය තවමත් නිමා වී නැති ලකුණු

596

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ එළඹෙන අදියර සඳහා ස්ටීව් ස්මිත් හට ක්‍රීඩා කිරීමට ඉඩ ලබා නොදීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් නව තරගවාරය සඳහා කොමිලා වොරියර්ස් (Commila Warriors) කණ්ඩායම අසේල ගුණරත්න වෙනුවට හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් සමඟ නව ගිවිසුමක් අත්සන් කළ නමුත් එම ක්‍රියාව තරගාවලි නීති මාලාවන්ට පටහැනි ද නැති ද යන අවිනිශ්චිතතාව දිගින් දිගටම පැවතීම නිසා එය ගැටලුකාරී තත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පැන නැඟුණි.

බිග් බෑෂ් ලීගයට පායන විදෙස් ක්‍රීඩා තරු

හෙට දිනයේ දී(19) ආරම්භ වීමට නියමිත 2018-19 බිග් බෑෂ් තරගාවලිය ….

උද්ගත වූ තත්වය වහා නිරාකරණය කරගැනීමේ අරමුණින් කොමිලා කණ්ඩායම්  කළමනාකාරිත්වය සහ BPL පාලක මණ්ඩලය අතර සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් අපේක්ෂිත නිශ්චිත පිළිතුරකට දෙපාර්ශවයටම පැමිණීමට නොහැකි වූ බැවින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මැදිහත් වීමෙන් සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව අවසන් තීරණයකට එළඹීමට සියලුම පාර්ශවයන් එකඟ විය.

කොමිලා වොරියර්ස් කණ්ඩායම් විධායක නිලධාරි A. K. M. Zaki මහතා සිකුරාදා දිනයේ දී Cricbuzz වෙබ් අඩවිය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ ස්මිත් මෙම තරගවාරයේ දී ඔවුන් වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවත්, ඒ බව නිල වශයෙන් සඳහන් කරමින් එදින රාත්‍රියේ දී ඔවුන්ට ඊ මේල් පණිවිඩයක් ලැබී ඇති බවත් ය. කෙසේ නමුත් මෙම තීරණය පිළිබඳ නැවත වරක් සලකා බලන මෙන් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලිපියක් යොමු කිරීමට කණ්ඩායම් කළමනාකාරිත්වයේ සූදානමක් ඇති බව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මැතිව්ස් සහ මෙන්ඩිස්ගේ ඉනිම්වලට නවසීලන්ත වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ….

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් හට තරගාවලියේ එක් අර්ධයක්  ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ජාතික කණ්ඩායම නියෝජනය කරමින් දකුණු අප්‍රිකානු සංචාරයට එක් වීමට නික්ම යන බැවින් ඔහු වෙනුවට ස්ටිව් ස්මිත් පැමිණීමට නියමිතව තිබුණි.

ස්මිත් සහ ඔහුගේ ඕස්ට්‍රේලියානු සඟයා වන ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාව සමඟ කේප් ටවුන් හී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයක් අතරතුර දී සිතා මතා පන්දුව පළුදු කිරීමේ චෝදනාව යටතේ වරදකරුවන් බවට ඔප්පු වූ නිසාවෙන් වසරක කාලයක් තරග තහනමකට ලක් විය. මෙහි සුවිශේෂී සිද්ධිය නම් ඩේවිඩ් වෝනර් ලබන තරගවාරයේ සියැල්හට් සික්සර්ස් කණ්ඩායමේ නායකත්වය දරමින් තරගාවලියට ක්‍රීඩා කිරීමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<