තෝමස්වරුන්ගේ සංග්‍රාමයේ ජය ගල්කිස්සට

244

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය අතර එරික් හුලංගමුව කුසලානය වෙනුවෙන් පැවැත්වූ 04 වන තෝමස්වරුන්ගේ හොකී සංග්‍රාමය ඊයේ (03) කොළඹ ‘Astro Hockey Turf’ ක්‍රීඩාංගණයේ දී අවසන් වූයේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයින් ගෝල 1-0ක් ලෙස තරගයේ ජයග්‍රහණය හිමි කර ගනිමිනි.

රාජකීය – වෙස්ලි හොකී සංග්‍රාමයේ ජය රාජකීයයන්ට

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර ඩඩ්ලි කේ. ජී. ද සිල්වා කුසලානය වෙනුවෙන් පැවැත්වූ 11 වන රාජකීය – වෙස්ලි හොකී සංග්‍රාමය ඊයේ (27) දිනයේ දී කොළඹ වෙස්ලි…

මෙම සංග්‍රාමයේ මීට පෙර පවත්වා තිබූ තරගවල වැඩි ගෞරව දිනාගෙන සිටි මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය වසර 2ක් එහි ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබූ අතර තවත් වසරක දී තරගය අවසන් වූයේ ජය-පරාජයකින් තොරව ය. ඒ අනුව 2015 වසරේ දී මෙම විද්‍යාල දෙක අතර පවත්වනු ලැබූ අභිනව හොකී සංග්‍රාමය මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම ජයග්‍රහණය කළේ ගෝල 2–0ක් ලෙසයි. එහි දී ටී. විජේතුංග විසින් මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමටත්, පී. ආර්. වනිගසූරිය විසින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමටත් නායකත්වය ලබා දෙනු ලැබීය.

අනතුරුව 2016 වසරේ දී පැවති තරගය ද ගෝල 1 – 0ක් ලෙස ජයග්‍රහණය කරන්නට මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් වූ අතර පසුගිය වසරේ දී වර්ෂාව මධ්‍යයේ පැවති තරගය ජය-පරාජයකින් තොරව නිමාවට පත්වීම නිසා එහි දී කණ්ඩායම් දෙකම සම ශූරයින් ලෙස නම් කරන ලදි.

කෙසේ නමුත් දෙව්මාල් පළපත්වලගේ නායකත්වය යටතේ මෙවර තරගය සඳහා ඉදිරිපත් වූ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම ඉතා ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගෙන්ම සමන්විත විය. ඒ අතරින් කෙනෙක් වූ ජීවනාතන් ප්‍රකාෂ් වයස අවුරුදු 19න් පහළ තරගයේ දී වාර්තා වූ එකම ගෝලය වාර්තා කරගනිමින් ඉතිහාසයේ පළමු වරට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර දෙන්නට සමත් විය.

ආනන්ද ක්‍රීඩකයෝ නාලන්දාවෙන් හොකී කුසලානය උඳුරා ගනී

17 වැනි වරටත් කොළඹ ආනන්ද විද්‍යාලයත්, කොළඹ නාලන්දා විද්‍යාලයත් අතර පැවති එම්. ඩබ්. කරුණානන්ද කුසලාන මහා හොකී තරගය අද (27) කොළඹ ‘Astro Turf’ හොකී ක්‍රීඩාංගණයේ දී…

ඒ අනුව පළමු අර්ධයේ දී ප්‍රකාෂ් හරහා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම වාර්තා කර ගත් එකම ගෝලය මෙම තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ඔවුන්ට ප්‍රමාණවත් විය. එහි දී මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයින් තරගයේ දෙවන අර්ධයේ දී තර්ජනාත්මක ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝලයක් ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරත වුවත් පළපත්වලගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයින් ඔවුන්ට ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් නොදෙන්නට වගබලා ගත්තේය.

මෙහි දී පැවති කනිෂ්ඨ අංශයේ තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූයේ ද ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායමයි. ඒ අනුව ගෝල 2–0ක් ලෙස එම තරගයේ ජයග්‍රහණය හිමිකරගත් ඔවුන්ගේ පළමු ගෝලය නායක ඒ. ඉෆ්ලාල් විසින් තරගයේ පළමු අර්ධයේ දී සහ දෙවන ගෝලය කේ. ඩී. කේ. පෙරේරා විසින් දෙවන අර්ධයේ දී වාර්තා කර ගනු ලැබූහ.

>>Photos: Battle Of The Thomians’ 2018<<

මෙවර සංග්‍රාමයේ මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයින් ජයග්‍රහණය කිරීමට සමත් වූ එකම ඉසව්ව වූයේ ආදි ශිෂ්‍ය තරගය යි. එහි දී ඩී. දිසානායක විසින් වාර්තා කර ගත් ගෝල ද්විත්වයක් හරහා ගෝල 2–0ක් ලෙස තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<