සාන්ත ජෝන් පළමු ඉනිමට කඩුලු 5ක් අතැතිව ලකුණු 50ක් පිටුපසින්

171

සාන්ත ජෝන් විද්‍යාලය හා යාපනය මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන 111 වන “උතුරු මහා සංග්‍රාමයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 114ක් ලබා සිටින සාන්ත ජෝන් විදුහල කඩුලු 5ක් අතැතිව ප්‍රතිවාදීන්ට වඩා තවත් ලකුණු 50ක් පිටුපසින් පසුවේ. යාපනය මධ්‍ය මහා විදුහල ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වේ.

කළණගේ වේගය ඉදිරියේ රාජකීයයන් පසු බසියි

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ටයින් රැසක් දායාද කර ඇති කීර්තිමත් පාසල් දෙකක් වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන…

සාන්ත ජෝන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය සිය කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ලට ලකුණු 68ක සබඳතාවයක් පැවැත්විය. යාපනය විදුහල් කණ්ඩායමේ තසොපන් එම කඩුලු දෙකම තමාගේ කඩුලු මල්ලට දමා ගන්නා විට පී. තුලක්ශාන් ලකුණු 41කුත්, පී. සෝමස්කරාන් ලකුණු 15කුත් ලබා ගෙන තිබුනි. සාන්ත ජෝන් කණ්ඩායමේ තෙවප්‍රශාන්ත් පිටියට පිවිසි සැනින්ම එක ලකුණක් පමණක් ලබාදෙමින් ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට තුශාන්තන් සමත් විය. ඉන් අනතුරුව ප්‍රතිවාදී යාපනය කණ්ඩායමට එරෙහිව කේ. ක්‍රිෂාන්තුජන් යම් සාර්ථකත්වයක් පෙන්නුම් කල ද, ඔහුගේ ඉනිමට කණකොකා හැඬුවේ තසොපන්ගේ පන්දුවකට කොමෙතාගන් විසින් උඩපන්දුවක් රැක ගැනීමෙන් අනතුරුවයි. ඒ මොහොතේ දී ක්‍රිෂාන්තුජන්ගේ නමට ඉදිරියෙන් ලකුණු 29ක් සටහන් වී තිබුණි.

[rev_slider dfcc728]

නායක ජෙනිෆ්ලාමින් සමඟ ගොඩනැගුණු වේගවත් ලකුණු 40ක සබඳතාවය ඒ සමගම බිඳ වැටිණි. තුෂාන්තන් විසින් යවනු ලැබූ අවසන් පන්දුවේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් ඉතාමත් අවාසනාවන්ත ලෙස ජෝසප් ස්ටාලින් ලකුණු 4ට දැවී ගියේය. දිනයේ අවසන් පන්දුව වනතුරුම යාපනය විදුහල් ක්‍රීඩකයන් තමන්ගේ කඩුලු දඩයම නතර කලේ නැත. නායක ජෙනිෆ්ලාමින් තමාගේ කඩුල්ල ආරක්ෂා කරගෙන නොදැවී ලකුණු 7ක් ලබාගෙන සිටින්නේ ප්‍රතිවදීන්ට වඩා තවත් ලකුණු 50ක් පිටුපසිනි.

උදෑසන සාන්ත ජෝන් නායක ජෙනිෆ්ලමින් කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදී යාපනය කණ්ඩායමට භාර කළේය. නායකයාගේ එම තීරණයට ඉතා හොඳ සාධාරණයක් ඉටු කරමින් පළමු පන්දු වාරයේදීම සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට සාන්ත ජෝන් ආරම්භක පන්දු යවන්නා වූ කබිල්රාජ් සමත් වූයේ යාපනය විදුහලේ ආරම්භක පිතිකරු ජයතාර්සන්ට ලකුණක් හෝ ලබා ගැනීමට අවස්ථාවක් ලබා නොදෙමිනි. ඉන්පසු පිටියට පිවිසි කොව්තාමන් සිය ලකුණු පුවරුවට ලකුණු 35ක් එක් කරමින් යාපනය කණ්ඩායමට යම් අස්වැසිල්ලක් ගෙන ඒමට සමත් විය. කබිල්රාජ් ප්‍රමුඛ සාන්ත ජෝන් පන්දු යැවීමේ බල ඇණිය යාපනය මුල් පෙළ කඩුලු 4ක් ඉතා අඩු ලකුණු ගණනකට දවා ගැනීමට සමත් වූ අතර, ඉන් තිදෙනෙකුටම එක ලකුණක් හෝ ලබා ගැනීමට අවස්ථාවක් නොලැබිණි.

ඉන් අනතුරුව මැදපෙළ ශක්තිමත් කරමින් ඉතා හොද ඉනිමක් ගොඩනැගූ එස්. තසොපන් යාපනය කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා විය. අර්ධ ශතකයට ලකුණු දෙකක් අවශ්‍යව තිබිය දී ඉතා අවාසනාවන්ත ලෙස අභිනාශ්ගේ පන්දුවකට තෙවප්‍රශාන්ත් අතට උඩපන්දුවක් ලබා දීමෙන් ඔහුගේ ඉනිම නිමා විය. යාපනය විදුහල් කණ්ඩායම වෙනුවෙන් මැදපෙළ ශක්තිමත් කරමින් එස්. කාර්තිපන් ලකුණු 27ක්ද, ටි. සජිපාන් ලකුණු 19ක් ද ලබා ගත්හ. ඒ අනුව සියලු දෙනා දැවී යාපනය මධ්‍ය මහා විදුහලට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 164ක් පමණි.

සාන්ත ජෝන් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථකම ඵල නෙලාගත් ක්‍රීඩකයා කබිල්රාජ් ය. ලකුණු 36කට කඩුලු 4ක් දවා ගැනීමට ඔහු සමත් විය. මිට අමතරව එම්. අභිනාෂ් ලකුණු 19කට කඩුලු 3ක් ද, වී. ජාතුශාන් ලකුණු 50ට කඩුලු 2ක් ද ලෙස සිය දායකත්වය සාන්ත ජෝන් කණ්ඩායමට ලබා දුන්හ. අද (10) තරගයේ අවසන් දිනයයි.