වසර 100කට අධික ඉතිහාසයකට හිමිකම් කියන පාසල් ද්විත්වයක් වන කොළඹ ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පැවැත්වූ “44 වැනි සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය” අද (18) එස්. එස්. සී පිටියේ දී අවසන් වූයේ නාලන්ද විද්‍යාලයට කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි කර දෙමිනි.
පී. ඩී. එස්. කුලරත්න අභියෝගතා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම මහා ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් නාලන්ද නායක ලක්ෂිත රසාංජන ආනන්ද විද්‍යාලයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළේය.
අයියා මලෝ ශතක වාර්තාවත් සමඟින් සුලෝහිත සටන නිමා වේ
මෙරට ප්‍රමුඛතම බෞද්ධ පාසල් දෙක වන කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය…
ආනන්ද විද්‍යාලය වෙනුවෙන් පළමුව පිටියට පිවිසි කනිශ්ක රන්තිලකගේ හා කවිඳු ගිම්හාන පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 29ක සබඳතාවයක් ගොඩනැංවූ අතර පළමු කඩුල්ල ලෙස ලකුණු 7ක් ලබා සිටි කනිශ්ක දැවී ගියේ මහීම වීරකෝන්ගේ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.
4 පහර 4ක් සමඟින් ආනන්ද ඉනිම සවිමත් කළ දකුණතින් පිත්ත හසුරුවන කවිඳු ගිම්හාන් නාලන්ද විද්‍යාලයේ කවීෂ තරූෂ යැවූ පළමු පන්දුවාරයේ දී ම ක්‍රීඩාගාරයට හැරී ගියේ චමිඳු විජේසිංහ අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.
පසුගිය දා නිමා වූ 89 වැනි සුලෝහිත මහා ක්‍රිකට් තරගයේ දී ආනන්ද විද්‍යාල දෙවන ඉනිමට ශතකයක් එක් කළ කමේශ් නිර්මාල් ලකුණු නොලබාම දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. ඔහු දැවී යන විට ආනන්ද ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 57ක් ලෙස සටහන් විය.
අනතුරුව පිටියේ එක්වූ අශෙල් සිගේරා හා දුශාන් හෙට්ටිගේ 4 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක අගනා සබඳතාවයක් ගොඩනැංවූයේ නාලන්ද විද්‍යාලයේ පන්දු යවන්නන් දැඩි පීඩනයකට හසුකරමිනි. 4 පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටි දුශාන්, ආනන්ද විද්‍යාලයේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ රවීන් ද සිල්වාගේ පන්දුවකටයි.
මේ වසරේ පාසල් ක්‍රිකට් තරග වාරයේ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගෙන ඇති පිතිකරුවෙකු වන ලහිරු හිරන්‍ය හා එක්වූ නායක සිගේරා ආනන්ද විද්‍යාලයේ දල ලකුණු වේගය ක්‍රමයෙන් ඉදිරියට ගෙන එමින් ආනන්ද ලකුණු පුවරුවට නව ජවයක් එකතු කරන ලදි. දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වූ ලහිරු 4 පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තේ නාලන්ද විද්‍යාලයේ දියාරු පන්දු රැකීම ද වාසියට හරවා ගනිමිනි. ඔහුගේ කඩුල්ල දැවී යන විට ලකුණු 78ක සබඳතාවයක් 5 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනංවා තිබුණි.
ටී. බී. තෙන්නකෝන් කුසලානය මෙවරත් ලේක්වීව් කන්දට
මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර 112 වැනි වරටත් පැවැත්වූ…
ආනන්ද ඉනිමේ නැංගුරම බඳු වූ නායක සිගේරා 4 පහර 5ක් හා 6 පහර 4ක් සමඟින් ලකුණු 87ක් රැස්කර ගත්තේ පන්දු 91ක් පමණක් වැය කරමිනි. ඔහුගේ වටිනා කඩුල්ල නාලන්ද නායක ලක්ෂිත විසින් දවා ගන්නා ලදි. අවසානයේ ආනන්ද විද්‍යාලය පන්දුවාර 49යි එක් පන්දුවක් තුළ සියල්ලන්ම දැවී ලකුණු 244ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී ලක්ෂිත කඩුලු 3යි.
ලකුණු 245ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නාලන්ද විද්‍යාලයේ අවිශ්ක පෙරේරා හා රනිඳු ද සිල්වා පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 63ක සබඳතාවයක් ගොඩනැංවූයේ නාලන්ද විද්‍යාලයට ජයග්‍රහණය සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකසාලමිනි. රනිඳු ද සිල්වා 4 පහර 6ක් සමඟ ලකුණු 36ක් ලබාගෙන සිටිය දී හසිඳු ශාමිකගේ පන්දුවකට දැවී ගියේය. 4 පහර 4ක් සමඟ ලකුණු 21ක් ලබා ගත් අවිශ්ක පෙරේරා නාලන්ද ඉනිමේ දෙවන කඩුල්ල ලෙස දැවී ගිය පසුව පිටියට පිවිසි නායක ලක්ෂිත ද අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු විය.
ඩී. එස්. – මහානාම සහෝදරයෝ සතුටින් විසිර යති
අගනගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක් වන මහානාම විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය…
නාලන්දා ජයග්‍රහණයේ නියමුවාණන් බවට පත්වූ දකුණතින් පිත්ත හසුරුවන සුහඟ විජේවර්ධන හා එක්වූ කඩුලු රකින ක්‍රීඩක දිල්හාර පොල්ගම්පල, ආනන්ද නායකයා ඇතුළු ක්‍රීඩකයින් දැඩි පීඩනයකට හසුකරමින් ලකුණු 35ක සබඳතාවයක් ගොඩනැඟූ අතර නාලන්දා ඉනිමේ ඉහළම සබඳතාවය වූ ලකුණු 95ක සබඳතාවය ගොඩනැංවූයේ ඉන් අනතුරුවයි. එහි දී මූලිකත්වය ගෙන කටයුතු කළ සුහඟ හා චමිඳු විජේසිංහ ආනන්ද විද්‍යාලයේ පන්දු යවන්නන් හට හොඳ පීඩනයක් එල්ල කිරීමට සමත් විය.
පන්දු 71ක් තුළ 4 පහර 6ක් සමඟ වර්ණවත් ලකුණු 68ක් ලබාගත් සුහඟ, දමින්ද රේශාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය පසුව චමිඳු හා පිටියේ එක්වූ රවීන් ද සිල්වා සයවැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 51ක අර්ධ ශතක සබඳතාවයක් ගොඩනංවමින් නොකඩවා දෙවන වරටත් නාලන්ද විද්‍යාලයට පී. ඩී. එස්. කුලරත්න අභියෝගතා කුසලානය දිනා දෙන ලදි. නොදැවී ක්‍රීඩා කළ චමිඳු 4 පහර 6ක් සමඟ ලකුණු 48*ක් රැස්කර ගන්නා විට ඔහුට සහය වූ රවීන් ලකුණු 19*යි.
ආනන්ද විද්‍යාලය – 244 (49.1): අශෙල් සිගේරා 87, ලහිරු හිරන්‍ය 38, දුශාන් හෙට්ටිගේ 33, ලක්ෂිත රසාංජන 3/48, චමිඳු විජේසිංහ 2/33, කවීෂ මදුරප්පපෙරුම 2/40.
නාලන්ද විද්‍යාලය – 247/5 (44): සුහඟ විජේවර්ධන 68, චමිඳු විජේසිංහ 48*, දිල්හාර පොල්ගම්පල 37, සනත් දසනායක 1/19.
- හොඳම පන්දු රකින්නා – හසිඳු ශාමික (ආනන්ද විද්‍යාලය)
- දක්ෂතාම පන්දු යවන්නා – ලක්ෂිත රසාංජන (නාලන්ද විද්‍යාලය)
- දක්ෂතම පිතිකරු – අශෙල් සිගේරා (ආනන්ද විද්‍යාලය)
- තරගයේ වීරයා – සුහඟ විජේවර්ධන (නාලන්ද විද්‍යාලය)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
// var socket=io('http://localhost:8080'); var socket=io('http://202.124.184.250:8080');
jQuery( document ).ready(function() { console.log( "ready" ); var prev_bat_team = 0;
socket.on('message',function (message) { message = JSON.parse(message); console.log(message); if( message.data.cric.commentary){ jQuery('#cmt_wrap').prepend('
'+message.data.cric.commentary.event+'
'+message.data.cric.commentary.comment+'
'); } if(message.data.cric.match){ console.log(message.data.cric.match.teams_1_inn2_r[0]); function ove(balls) { var overs = 0; if(balls %6 == 0){ overs = balls/6; }else{ overs = parseInt(balls/6)+"."+(+balls - +parseInt(balls/6)*6); } console.log(overs); return overs; }
if(!message.data.cric.match.teams_1_inn2_r[0]){
jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_1_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_1_inn2_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['balls'])+" overs)"); } if(!message.data.cric.match.teams_2_inn2_r[0]){
jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_2_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_2_inn2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['balls'])+" overs)"); }
if(message.data.cric.match.teams_1_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_r[0]['extras']!=null){ jQuery('#extras_2_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_1_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_1_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_2_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['extras'])); }
//extras_1_r_2_ // if(prev_bat_team != message.data.cric.team_id){ jQuery('#widget_wrapper').load(document.URL + ' #widget_wrapper'); // } // prev_bat_team = message.data.cric.team_id // }
}); });
Full Scorecard
Ananda College
244/10
(49.1 overs)
Result
Nalanda College
247/5
(44 overs)
NALANDA WON BY 5 WICKETS
Ananda College’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
K.Gimhana | c Chamindu Wijesinghe b Kaveesha Tharusha | 31 | 45 | |||
Kanishka Ranthilakag | c Mahima Weerakoon b Chamindu Wijesinghe | 7 | 21 | |||
Dushan Hettige | c Suhanga Wijewardana b Raveen De Silva | 33 | 56 | |||
Kamesh Nirmal | lbw by Madusha Hasaranga | 0 | 6 | |||
Ashel Sigera | st Dilhara Polgampola b Lakshitha Rasanjana | 87 | 91 | |||
L.Hiranaya | c Avishka Perera b Lakshitha Rasanjana | 38 | 39 | |||
Sanath Dasanayake | c Mahima Weerakoon b Lakshitha Rasanjana | 3 | 7 | |||
Shamal Hirushan | lbw by Kaveesha Tharusha | 8 | 11 | |||
Daminda Reshan | not out | 16 | 0 | |||
H.Shamika | (runout) | 3 | 4 | |||
Chamika Gunasekara | c Dilhara Polgampola b Chamindu Wijesinghe | 0 | 2 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Suhanga Wijewardana | 4 | 0 | 25 | 0 | 6.25 |
Chamindu Wijesinghe | 9.1 | 2 | 33 | 2 | 3.63 |
Madusha Hasaranga | 10 | 0 | 51 | 1 | 5.10 |
Kaveesha Tharusha | 9 | 0 | 40 | 2 | 4.44 |
Raveen De Silva | 7 | 1 | 28 | 1 | 4.00 |
Mahima Weerakoon | 2 | 0 | 12 | 0 | 6.00 |
Lakshitha Rasanjana | 8 | 0 | 48 | 3 | 6.00 |
Nalanda College’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Avishka Perera | b Sanath Dasanayake | 21 | 20 | |||
Ranidu De Silva | c Kamesh Nirmal b Hasindu Shamika | 36 | 37 | |||
Dilhara Polgampola | c Hasindu Shamika b Chamika Gunasekara | 37 | 57 | |||
Lakshitha Rasanjana | (runout) Sanath Dasanayake | 0 | 1 | |||
Suhanga Wijewardana | b Daminda Reshan | 68 | 71 | |||
Chamindu Wijesinghe | not out | 48 | 52 | |||
Raveen De Silva | not out | 19 | 31 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Chamika Gunasekara | 5 | 0 | 27 | 1 | 5.40 |
Shamal Hirushan | 3 | 0 | 20 | 0 | 6.67 |
Dushan Hettige | 1 | 0 | 10 | 0 | 10.00 |
Sanath Dasanayake | 4 | 0 | 19 | 1 | 4.75 |
H.Shamika | 8 | 0 | 40 | 1 | 5.00 |
Ashel Sigera | 7 | 0 | 31 | 0 | 4.43 |
Kamesh Nirmal | 7 | 0 | 36 | 0 | 5.14 |
Daminda Reshan | 9 | 0 | 62 | 1 | 6.89 |