සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ එක්දින තරගයත් දිනා ගනී

122

පානදුර රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර 16 වැනි වරටත් පැවති හරිත සටන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 138ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

දේවපතිරාජ ක්‍රීඩකයෝ සහෝදර ගැටුම ජය ගනී

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කුලීගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය….

අද (10) මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ජයග්‍රාහී කුසලානයට අමතරව අනෙකුත් කුසලාන මේසයම තමන් සන්තක කර ගැනීමට සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි.

කාසියේ වාසිය දිනූ රාජකීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ප්‍රතිවාදී සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී 234ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ යසිරු සන්දීප ය. ඔහු පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව නායක ප්‍රවීන් සඳමාල් ලකුණු 42ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි රාජකීය විද්‍යාලය සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 96ක් පමණි. එහි දී අකිල සෙනේශ් ලකුණු 35ක් ලබා ගත්තේ ය.

16 හැවිරිදි නිම්නක ජයතිලකගෙන් දෙවැනි දිනයේ දී විස්මිත දස්කම්!

කන්ද උඩරට ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන පාසල් දෙකක් වන……

තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙසින් සචින් ධනංජය නම් කෙරුණ අතර දක්ෂතම පන්දු යවන්නා ලෙසින් සචිත මනුප්‍රිය ද දක්ෂතම පිතිකරු ලෙසින් යසිරු සන්දිප ද සහ තරගයේ වීරයා ලෙසින් ප්‍රවීන් සඳමාල් ද සම්මාන දිනා ගත්හ.

සාන්ත ජෝන්ස් විද්‍යාලය; කඩුලු 9ක් දැවී 234 (50) යසිරු සන්දීප 54, ප්‍රවීන් සඳමාල් 42, සචින් ධනංජය 39, දනුශ්ක මධුශාන් 36, දිනෙත් රශ්මික 2/23, සචින් චමුදිත 2/33, අකිල සෙනේශ් 2/46

රාජකීය විද්‍යාලය; සියලුම දෙනා දැවී 96 (31.4) අකිල සෙනේශ් 35, ප්‍රවීන් සඳමාල් 3/29, සචිත මනුප්‍රිය 3/24, අශාන් දිල්හාර 2/18  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<