රන් සිංහයෝ 8 වැනි වරට පන්නිපිටියේ දී ගැටෙති

273

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 8 වැනි වරටත් පැවැත්වෙන රන් සිංහයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 5 සහ 6 දෙදින පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට නැවතත් දූෂණ වංචා චෝදනා

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන දිල්හාර ලොකුහෙට්ටිගේට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් දූෂණ වංචා චෝදනා එල්ල කර තිබේ

2012 වසරේ දී රුහුණු – මායාවරුන්ගේ සටන ලෙසින් රාහුලයන්ගේ සත්කාරකත්වයෙන් මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ඇරඹි මේ තරගමාලාවේ මෙතෙක් පැවති තරග අතරින් ජයග්‍රහණය භුක්ති විඳ ඇත්තේ ධර්මපාල ක්‍රීඩකයෝ පමණි. ඒ 2015 වසරේ ප්‍රශාන් රත්නායකගේ නායකත්වය යටතේ ය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ධර්මපාල විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම මෙවර අමිල ඩයංක විසින් මෙහෙයවන අතර පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටස නියෝජනය කරන රාහුල විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ සසිත් මනුරංග වෙත ය.

ධර්මපාල විද්‍යාලයේ උපනායක චමිඳු සමරසිංහ, අවිශ්ක හසරින්ද, දුලාජ් එගොඩගේ සහ විහඟ ගුණරත්න වෙත සත්කාරකයන් ලෙසින් වැඩි වගකීම් පැවරී ඇත. ඔවුන්ගේ දක්ෂතා සමඟින් ධර්මපාල විද්‍යාලය නිමා වූ පාසල් ක්‍රිකට් තරගවාරයේ දී D කාණ්ඩය නියෝජනය කරමින් හයවැනි ස්ථානය දිනා ගෙන ඇත. ඒ ප්‍රසාද ලකුණු 75.130ක් ලබා ගනිමිනි.

සංචාරක කණ්ඩායමේ උපනායක භාග්‍ය එදිරිවීර, බිනර සංකේත්, තිමිර චන්දික, ශසික දිල්හාන් සහ ඔවින් බෝපගේ වෙත විශ්වාසය තබා ඇත්තේ ඔවුන් නිමා වූ පාසල් ක්‍රිකට් තරගාවලිය පුරා දැක්වූ දක්ෂතා හේතුවෙනි. එම දක්ෂතා ද සමඟින් ඔවුන් දෙවැනි කොටසේ C කාණ්ඩය නියෝජනය කරමින් ප්‍රසාද ලකුණු 99.350ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයේ රැඳී සිටීමට සමත්ව තිබේ.  

දෙවිදුහල් අතර සිව්වැනි වරට පැවැත්වෙන සීමිත පන්දුවාර එක්දින තරගය අප්‍රේල් මස 7 වැනි දින පී. සරා ඕවල් පිටියේ දී ම පැවැත්වීමට නියමිත ය.

  • ධර්මපාල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම

අමිල ඩයනක (නායක), චමිඳු සමරසිංහ (උපනායක), අවිශ්ක හසරින්ද, දුලාජ් එගොඩගේ, ශෂික ඩිල්ශාන්, මලිත් සඳකැළුම්, අශාන්ත විශ්වජිත්, තරිඳු සඳරුවන්, විහඟ ගුණරත්න, රශ්මික ජයකොඩි, ලක්ෂිත පුරසිංහ, නඳුන් හේවානායක, කාවින්ද නිශාන්ත, ෂෙවෝන් නදීජ, නවිඳු නවීන්, සංචන ලංකා,

ප්‍රදීප් නිශාන්ත මහතා (ප්‍රධාන පුහුණුකරු) ඉෂාන් අංජන මහතා (සහාය පුහුණුකරු) සුජිත් සොයිසා මහතා සහ වරුණ විතානකන්ද මහතා (ක්‍රිකට් භාර ආචර්යවරුන්)

  • රාහුල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම

සසිත් මනුරංග (නායක), භාග්‍ය එදිරිවීර (උපනායක), බිනර සංකේත්, ලකිඳු චමෝද්‍ය, හේෂාන් දිල්හාර, තරිඳු රජපක්ෂ, ඔවින් බොපගේ, තිමිර චන්දික, චමුදිත් ඩිල්ශාන්, යෙනුල සංතුශ්, සිතුම් අංජන, පසිඳු අවිශ්ක, සහන් බණ්ඩාර, තරුෂ ජයසේකර, මනුජ දුල්නෙත්, රුවින්ද ඩිල්ශාන්, මලිඳු හංසික

රනිල් රසාංග මහතා (පුහුණුකරු) යසිරු හේවානාදුගල මහතා (සහාය පුහුණුකරු) මනෝජ් මධුශංක මහතා (ක්‍රිකට් භාර ආචාර්ය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<