චමිඳු සහ සසිත් රන් සිංහ ගැටුම තමන්ගේ කර ගනී

539

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර 8 වැනි වරටත් පැවැති රන් සිංහ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ඊයේ (6) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය. ඒ තරග ඉතිහාසයේ ජය පරාජයෙන් තොරව අවසන් වූ 7 වැනි තරගයයි.  

අටවැනි වරටත් රන් සටනේ ජය මහානාමයට

අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ…

කාසියේ වාසිය දිනූ ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 378ක් ලබා ගනිමින් ඉනිම අත්හිට වූහ. එම ඉනිම වෙනුවෙන් උප නායක චමිඳු සමරසිංහ ශතකයක් ලබා ගත්තේ ය. ඔහු පන්දු 151කට මුහුණ දෙමින් ලකුණු 104ක් ලබා ගනිමින් ඉනිමේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් විය. ඔහුට අමතර ව අමිල දයානක පන්දු 101කට මුහුණ දී ලකුණු 69ක් ද, නවිඳු නවීන් පන්දු 44ක දී ලකුණු 52ක් ද අවිශ්ක හසරින්ද පන්දු 88කට ලකුණු 52ක් සහ දුලාජ් එගොඩගේ පන්දු 26කට මුහුණ දී නොදැවී ලකුණු 51ක් ද ලබා ගත්හ.

ධර්මපාල ඉනිමේ දී චමිඳු සමරසිංහ සහ අවිශ්ක හසරින්ද තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 129ක සබඳතාවක් ගොඩ නැගූහ.

Photos: Dharmapala Vidyalaya vs Rahula College | 08th Battle of the Golden Lions – Day 1

දැවැන්ත ධර්මපාල ඉනිම ඉදිරියේ පිළිතුරු ඉනිමට පිවිසි රාහුල ක්‍රීඩකයෝ පළමු දිනය අවසන් වෙන විට කඩුලු 3ක් දැවී ලකුණු 54ක් ලබා සිටිය හ.

ඔවුන් ඊයේ තම පළමු ඉනිම අවසන් කළේ සියලුම දෙනා දැවී ලකුණු 330ක් වෙද්දී ය. එම ඉනිමේ දී ද ශතකයක් එක් වීම කැපී පෙණුනි. එය සසිත් මනුරංගගේ පිත්තෙන් එක් විය. ඊට අමතරව තරිඳු රාජපක්ෂ ද ඊට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 97ක් ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී සංචන ලංකා සහ කාවින්ද නිශාන් කඩුලු 3 බැගින් දනවා ගත් හ.

ලකුණු 48ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ධර්මපාල ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 2ක් දැවී ලකුණු 44ක් ලබා සිටිය හ. දැවී ගිය කඩුලු දෙකේ ම හිමිකාරීත්වය සසිත් මනුරංග සතු විය.

Photos: Dharmapala Vidyalaya vs Rahula College | 08th Battle of the Golden Lions – Day 2

ධර්මපාල විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 378 (71) චමිඳු සමරසිංහ 104, අමිල දයානක 69, නවිඳු නවීන් 56, අවිශ්ක හසරින්ද 52, දුලාජ් එගොඩගේ නොදැවී 51, පසිඳු අවිශ්ක 2/68

රාහුල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 330 (96.1) සසිත් මනුරංග 141, තරිඳු රාජපක්ෂ 97, සහන් බණ්ඩාර 24, බිනර සංකේත් 21, සංචන ලංකා 3/24, කාවින්ද නිශාන් 3/45, චමිඳු සමරසිංහ 2/83

ධර්මපාල විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 44 (6.4) නවිඳු නිර්මාල් නොදැවී 35, සසිත් මනුරංග 2/24

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<