මොරටු රන් මහා සටනටත් වැස්ස හරස් වෙයි

196
67th Battle Of The Golds

සාන්ත සෙබස්තියන් විදුහල සහ මොරටුව වේල්ස් කුමර විදුහල අතර 67 වන වරටත් පැවති “රන් මහා සටන” අද (11) සවස පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නතර කල හෙයින් තරගය නිමාව දුටුවේ ජය පරාජයෙන් තොරව අවසන් වූ තරගයක් ලෙසිනි.

රන් මහා සටනේ පළමු දිනයට විශ්වගෙන් 88ක්

“රන් මහා සටන” නමින් ප්‍රචලිත මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය අද (10) සාර්ථකව නිමාවට පත් විය.

ඊයේ (10) උදෑසන කාසියේ වාසිය දිනාගත් සාන්ත සෙබස්තියන් නායක මිශෙන් සිල්වා පළමුව පන්දුවට පහර දීමේ වාරය ප්‍රතිවාදී වේල්ස් කුමර විද්‍යාලයට ලබා දෙන ලදි. ඒ ආරාධනයත් සමඟ පිටියට පිවිසි වේල්ස් කුමර කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 230ක් රැස් කර ගන්නා ලදි. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල විශ්ව චතුරංග ලකුණු 88ක් ලබා ගනිමින් ප්‍රතිවාදීන්ට අභියෝගාත්මක ලකුණු පුවරුවක් සකසා දීමට කටයුතු කලේය.

අද (11) උදෑසන පිළිතුරු ඉනිම ආරම්භ කල සාන්ත සෙබස්තියන් කණ්ඩායම පන්දුවාර 59.1 කට මුහුණ දී සියල්ලන් දැවී ලකුණු 221ක් රැස් කර ගත්තේය. එහිදී ප්‍රතිවාදී නායකයාගේ ඉනිමට නොදෙවෙනි ඉනිමක් ගොඩනැගු නායක මිශෙන් සිල්වා ලකුණු 77කින් සිය ලකුණු පුවරුව සැරසීය. ඔහුට අනගි සහයක් ලබා දුන් නිමේෂ් බණ්ඩාර ලකුණු 43කින් ද, තුෂාර ප්‍රනාන්දු ලකුණු 40කින් ද සාන්ත සෙබස්තියන් ලකුණු පුවරුව හැඩ වැඩ කළහ.

සාන්ත සෙබස්තියන් කණ්ඩායම සුනු විසුනු කල පන්දු යවන්නා වූයේ ලකුණු 46කට කඩුලු 5ක් බිඳ දැමු කෞමාල් නානායක්කාරය. ඔහුට අනගි සහයක් ලබාදෙමින් තාරුක ප්‍රනාන්දු ද ලකුණු 50කට කඩුලු 3ක් බිද දැමීය.

ඉන් අනතුරුව සිය දෙවන ඉනිම ආරම්භ කල වේල්ස් කුමාර විදුහලට ක්‍රීඩා කල හැකි වූයේ පන්දු වාර 7ක් පමණි. ඒ වන විට ඔවුන් එක් කඩුල්ලක් බිඳ වැටී ලකුණු 41ක් රැස්කරගෙන තිබුණි.

[rev_slider dfcc728]
.

දෙපිලේම ක්‍රීඩකයන් උරෙනුර ගැටෙමින් 67 වන රන් මහා සටනේ ජය තමන් නමට ලියා ගැනීමට වෙහෙසෙද්දී සොබාදහමේ සරදමට ලක්වීමට කණ්ඩායම් දෙකටම සිදු විය. යලිත් මෙම කුසලානයේ උණුසුම විදගැනීමට වසරක් බලා සිටීමට ඔවුනට සිදුවනු ඇත.

සාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමාර විදුහල අතර සීමිත පන්දු වාර ක්‍රිකට් තරගය හෙට උදෑසන මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, මහා ක්‍රිකට් තරගයේ විසඳුමක් නොලැබුන ද, හෙට තරගයේ ජය පැන් බොන්නට කණ්ඩායම් දෙකම මේ වන විටත් පිඹුරුපත් සකසා අවසන්ය.

එම තරගයේ සජීවී විකාශනය සඳහා ThePapare.com සමඟින් එක්වන්න.

වේල්ස් කුමාර විදුහල (පළමු ඉනිම) සියල්ලන් දැවී ලකුණු 230 (71.5): විශ්ව චතුරංග 88, දිලංක මදුරංග 32, සංජය ප්‍රනාන්දු 24, ප්‍රවීන් ජයවික්‍රම 5/62, තුෂාර ප්‍රනාන්දු  2/17 සහ නුවන් ප්‍රන්දු 2/39

සාන්ත සෙබස්තියන් විදුහල (පළමු ඉනිම) සියල්ලන් දැවී ලකුණු 221 (59.1): මිශෙන් සිල්වා 77, නිමේෂ් බණ්ඩාර 43, තුෂාර ප්‍රනාන්දු 40, කෞමාල් නානායක්කාර 5/46 සහ  තාරුක ප්‍රනාන්දු 3/50)

වේල්ස් කුමාර විදුහල (දෙවන ඉනිම) ලකුණු 41/1 (7)

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට