අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය මහානාමයට

1228
Mahanama College

අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වූ 12 වැනි සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද (2) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී අවසන් වූයේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව මහානාම විද්‍යාලයට ලකුණු 2ක තියුණු ජයක් හිමිකර දෙමිනි.

ඩී. එස්. – මහානාම සහෝදරයෝ සතුටින් විසිර යති

අගනගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක් වන මහානාම විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය

ගුවනට නැගුණු කාසියේ වාසිය දිනාගත් මහානාම විද්‍යාල නායකයා පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු ප්‍රේමදාස තණතීරුව මත පළමුව පන්දු යැවීමට තීරණය කළේ කිසිදු පැකිළීමකින් තොරවයි.

ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් ඉනිම ආරම්භ කළ චමත් යටවර හා ටෙරොන් බාස්කරන් යන දෙදෙනාත්, තෙවන පිතිකරු ලෙස පිටියට පිවිසි නායක විහාන් ගුණසේකරත් ඩී. එස්. සේනානායක විද්‍යාල ලකුණු පුවරුව ලකුණු 42ක් ලෙස සටහන් වෙද්දී ක්‍රීඩාගාරයේ රඳවා තැබීමට මහානාම ක්‍රීඩකයින් සමත් විය.

සිව්වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූ පසිඳු ආධිත්‍යය හා ශෙනාල් චන්ද්‍රසේකර ලකුණු 34ක සබඳතාවයක් ගොඩනංවමින් ඩී. එස්. සේනානායක විද්‍යාලයට අභියෝගයක් විය. අනතුරුව 4 පහර 4ක් සමඟ වේගවත් ලකුණු 23ක් ලබා සිටි ශෙනාල් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ පසිඳු ආධිත්‍යය වන අතර ඔහු එම ඉනිමේ වාර්තා වූ එකම අර්ධ ශතකයට හිමිකම් කියන ලද්දේ පන්දු 94ක් තුළ ලකුණු 77ක් රැස්කර ගනිමිනි. එහි දී පසිඳු විසින් මනරම් 4 පහර 10ක් හා යෝධ 6 පහර දෙකක් එල්ල කරමින් ඩී. එස්. සේනානායක විද්‍යාල ඉනිම සවිමත් කළේය. පසිඳු හා එක්වූ මුදිත ලක්ෂාන් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118ක සබඳතාවයක් ගොඩනංවමින් ඩී. එස්. සේනානායක විද්‍යාල ප්‍රේක්ෂකාගරයට ජයග්‍රහණය පිළිබඳව යම් බලාපොරොත්තුවක් එක් කරන ලදි.

4 පහර 8ක් හා එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 38ක් ලබා ගත් මුදිත ලක්ෂාන් හශාන්ගේ පන්දුවකට දැවී ගියේය. ඩී. එස්. සේනානායක විද්‍යාල ඉනිමේ 6 වන කඩුල්ල ලෙස දැවී ගිය පසිඳු දැවී ගියේ හේශාන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීම නිසාවෙනි. අවසානයේ ඩී. එස්. සේනානායක අවසන් කඩුලු 4 ලකුණු 41ක් තුළ දවා ගැනීමට මහානාම ක්‍රීඩකයින් සමත් විය.

පන්දු යැවීමේ දී හේශාන් හෙට්ටිආරච්චි සිය නියමිත පන්දුවාර 10 අවසන් කළේ ලකුණු 34ක් තුළ කඩුලු 3ක් දවා ගනිමිනි. ඊට අමතරව ඒ පන්දුවාර 10 තුළ නිලකුණු පන්දුවාර 3ක් යැවීමට ද හේශාන් සමත් විය.  යසිරු කස්තුරිආරච්චි හා හශාන් සංදීප අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

සවිමත් පිතිකරණ බල ඇණියකට හිමිකම් කියන මහානාම විද්‍යාලය ලකුණු 237ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අතර ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ බිශාන් මෙන්ඩිස් හා විනුක රූබසිංහ යන දෙදෙනාම මහානාම ලකුණු පුවරුව 15ක් ලෙස දැක්වෙන විට දැවී ගොස් තිබුණි.

අනතුරුව තෙවන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ පවන්ත වීරසිංහ හා පවන් රත්නායක ලකුණු 122ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවූයේ තරගයේ වැඩි වාසිය මහානාම විද්‍යාලය දෙසට හරවාලමිනි.

4 පහර 8ක් සමඟින් පන්දු 77ක දී ලකුණු 65ක් ලබාගත් පවන්ත වීරසිංහ, නායක විහාන්ගේ පන්දුවකට කඩුල්ල මුවාකිරීම නිසා දැවී ගියේ තෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු සබඳතාවට තිත තබමිනි. 4 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සබඳතාවයක් එක් කළ චමල් පොල්ගම්පල හා එක්වූ පවන් තවතවත් මහානාම ඉනිම ඉදිරියට ගෙන එන ලදි. 4 පහර 7ක් සමඟින් ලකුණු 74ක් ලබාගෙන අනෙක් අන්තයෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ පවන්, චමත් යටවරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා දැවී යන ලදි. එම දැවී යාමට පසුව ඩී. එස්. සේනානායක විද්‍යාලය ඉතාමත් හොඳින්

මොරටුව කැලඹූ විශ්ව හා සවිඳු වේල්ස් කුමරුවන් අවසන් හතරට රැගෙන යයි

ක්‍රමක්‍රමයෙන් අවසන් වන 2017/18 සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (23) පැවැත්වූ

4 පහර 4ක් සමඟ ලකුණු 37ක් ලබා සිටි චමල් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ මහානාම විද්‍යාලය දෙසට තරගයේ වැඩි පීඩනය හරවාලමිනි.

කෙසේ නමුත් මහානාම ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය ක්‍රියාත්මක වූයේ අයහපත් ආලෝක තත්වය මත නිසා පිටියේ විනිසුරුවරුන් දෙදෙනා 47 වන පන්දුවාරය අවසානයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගයේ ප්‍රතිඵලය ලබා දීමට තීරණය කරන ලදි.

ඒ නිසාවෙන් ලකුණු 2ක ජයක් ලබාගත් මහානාම විද්‍යාලය 12 වැනි වරටත් පැවැත්වූ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළේ අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය 7 වැනි වරටත් සිය විද්‍යාලයට දිනා දෙමිනි. තරගය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටි සොනාල් දිනූෂ ලකුණු 18*යි. හේශාන් හෙට්ටිආරච්චි ලකුණු 2*යි.

පන්දු යැවීමේ දී ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් ලකුණු 40ක් තුළ කඩුලු 2ක් දවා ගැනීමට සචින්ත හෙට්ටිආරච්චි සමත් විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 236 (50): පසිඳු ආධිත්‍යය 77, මුදිත ලක්ෂාන් 38, ශෙනාල් චන්ද්‍රසේකර 23, හේශාන් හෙට්ටිආරච්චි 3/34, යසිරු කස්තුරිආරච්චි 2/38, හශාන් සංදීප 2/46.

මහානාම විද්‍යාලය – 213/5 (47): පවන් රත්නායක 74, පවන්ත වීරසිංහ 65, චමල් රශ්මික 37, සචින්ත හෙට්ටිආරච්චි 2/40.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<