මැංගුස් හටන මාර්තු 9 -10 සරේ ගම්මානයේ දී

426

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස විද්‍යාලය අතර පැවැත්වෙන මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 09 සහ 10 දෙදින මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. කළුතර දිස්ත්‍රික්කයේ පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරගය වන මෙය මෙවර පැවැත්වෙන්නේ 60 වැනි වරට ය.

139 වන නිල් මහා සටනේ ජය කාට හිමිවෙයි ද?

මෙම තරග වාරය පුරාවට හොඳින් ලකුණු අතර සිටි කොළඹ රාජකීය විද්‍යාලයීය කණ්ඩායමේ …

1949 වසරේ ඇරඹි මේ වාර්ෂික මහා ක්‍රිකට් තරග අතුරින් මේ වෙද්දි කළුතර විද්‍යාලය තරග 22ක දී ද ජයග්‍රහණය වාර්තා කරගෙන ඇති අතර තිස්ස විද්‍යාලය ජයග්‍රහණය කර ඇත්තේ තරග 6ක් පමණි. තරග 31ක් ජය පරාජයෙන් තොරව නිමා වී ඇත. වසර 10ක් නොයෙකුත් හේතූන් මත තරග පවත්වා නැත.

මැංගුස් හටන තරග ඉතිහාසයේ පළමු නායකයන් ලෙසින් වාර්තා වී ඇත්තේ කළුතර විද්‍යාලය වෙනුවෙන් හර්බට් ද සිල්වා ලෙසත් සහ තිස්ස විද්‍යාලය වෙනුවෙන් ගාමිණී කරුණාරත්න ලෙසත් ය. එම තරගයේ දී ජයග්‍රහණය වාර්තා කිරීමට කළුතර විද්‍යාලය සමත් වීමත් සමඟින් හර්බට් ද සිල්වාගේ නම පළමු ජයග්‍රාහී නායකයා ලෙසින් ලියැවෙන අතර පළමු ජයග්‍රාහී කණ්ඩයම ලෙසින් කළුතර විද්‍යාලයේ නම ලියැවුණි.

මැංගුස් හටන් ඉතිහාසයේ තිස්ස විද්‍යාලය තරගය ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙසින් සටහන් වෙන්නේ 1958 වසරේ දී ඒ කේ. ඩී. ජයවීරගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමයි.

තරග සටන් ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රහණය හිමි කණ්ඩායම ලෙසින් වාර්තා වෙන්නේ  2011 වසරේ දී සඳුන් චාමරගේ නායකත්වය යටතේ වූ කළුතර විද්‍යාලයයි. තිස්ස විද්‍යාලය අවසන් වරට මැංගුස් හටන ජය ගෙන ඇත්තේ 1983 වසරේ  අජිත් ද සිල්වාගේ නායකත්වය යටතේ ය.

කලබල තත්වය මත මහා තරග කල් යයි

මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව පවතින ඇඳිරි නීතිය හා ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්වය සැලකිල්ලට …

මැංගුස් හටන වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසය පිරිස්සන්නෙක්ට ඉතා ලෙහෙසියෙන් හමුවෙන නම් අතර තිලකරත්න ඩිල්ශාන්, මාලිංග බණ්ඩාර සහ මිලින්ද සිරිවර්ධන හමුවේ. ඔවුන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමි කර ගත් අතර මිලින්ද සිරිවර්ධන 2005 වසරේ කළුතර විද්‍යාලයීය කණ්ඩායමේ නායකත්වය ද උසුලා ඇත. එමෙන්ම මෙරට පළමු පෙළ ක්‍රීඩා කළ සහ කරන ටී. එම්. සම්පත්,  නදීර නාවල, තාමර අබේරත්න, අලංකාර අසංක, අමිල වෙත්තසිංහ, පැතුම් නිශ්ශංක වැන්නෝ ද මැංගුස් හටනේ දක්ෂතා දැක්වූවෝ ය.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටස නියෝජනය කරන මෙම විද්‍යාල දෙක දක්ෂතා අනුව සම තත්ත්වයේ සැලකිය හැකි ය. එහෙත් මෙවර මැංගුස් තරග පිටියට පිවිසෙන තිස්ස විද්‍යාලයීය ක්‍රීඩකයෝ වර්ණලාභී වැඩි ක්‍රීඩකයන් ප්‍රමාණයකගෙන් සමන්විතව සිටීම ද කළුතර විද්‍යාලයීය කණ්ඩායමට නවකයන් වැඩි ප්‍රමාණයකගෙන් සමන්විත වීම ද තරගය පිළිබඳ යම් ඉඟියක් පවසයි.

තිස්ස විද්‍යාලයට මැංගුස් හටනේ ජයග්‍රහණයක් නොමැතිව ගත වෙන 35 වැනි වසරත් කළුතර විද්‍යාලය ගත කරන 7 වැනි වසරත්ය මේ ගෙවී යන්නේ. මේ ඉතිහාසයත් සමඟින් වඩා තියුණු තරගයක් නැරඹීමට මෙවර අවස්ථාව උදා වී ඇත. එම තරගය කවුරුන් ජයග්‍රහණය කළ ද තරගයේ ක්‍රීඩාශීලීත්වය සහ උණුසුම පංගු පේරුවකින් තොරව ඔබ වෙත ලබා දෙන්නට ThePapare.com සූදානමින්. රැඳී සිටින්න.  

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<