ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ප්‍රථම වරට ආසියානු ක්‍රීඩා උළෙලට

604

මෙම මස (අගෝස්තු) 18 වැනිදා සිට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී ආරම්භ වන 2018 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ප්‍රථම වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බේස්බෝල් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතයි. ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත මෙම බේස්බෝල් සංචිතය මෙහෙයවීමේ වගකීම ආදී රාජකීය බේස්බෝල් සමාජයේ ක්‍රීඩක අකලංක රණසිංහට හිමිව තිබේ.

ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉදිරියට

ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ පාකිස්තානයේ දී පැවති බටහිර-ආසියානු කුසලාන බේස්බෝල් …

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සඳහා රටවල් 10ක බේස්බෝල් කණ්ඩායම් තරග කරන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තම ප්‍රථම වටයේ දී ලාඕසය හා තායිලන්තය සමඟ තරග වැදීමට නියමිතයි. සත්කාරක ඉන්දුනීසියාව, දකුණු කොරියාව, හොංකොං රාජ්‍ය, චීන තායිපේ, ජපානය, පකිස්තානය හා චීනය තරගාවලිය සඳහා සහභාගී වන සෙසු රටවල් වේ. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන ප්‍රථම තරගය එළඹෙන 22 වැනිදා ලාඕසය සමඟ පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම: අකලංක රණසිංහ (නායක), සමීර රත්නායක (උපනායක), සාලිය විජේසිංහ, තරිඳු මදුමාල්, සංජීව ජයරත්න, ශසික දුල්ෂාන්, චිරාත් කරුණාරත්න, චාමික යසස්, නෙලංක කරුණාරත්න, ඉසාර ගුණසිරි, අමිල පුෂ්පකුමාර, නවීන් අනුරාධ, සංජීව මාන්න, සඳුන් මදුශංක, ක්‍රිෂ්ණ හපුආරච්චි, සහන අවිශ්ක, ඉරේෂ් කෝසල, කෞෂාල ප්‍රබුද්ධ.

  • ප්‍රධාන පුහුණුකරු: මලිඳු හේවගේ
  • සහාය පුහුණුකරු: ප්‍රියන්ත පීරිස්
  • අභ්‍යාසක: අජිත් කුමාර
  • කණ්ඩායම් කළමනාකරු: දිනේෂ් පෙරේරා

2014 වසරේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ බේස්බෝල් ශූරතාවය හිමිකර ගැනීමට සමත් වූයේ දකුණු කොරියාවයි. එහි දෙවන ස්ථානය චීන තායිපේ හිමිකර ගත් අතර තෙවැනි ස්ථානය ප්‍රබල ජපාන කණ්ඩායම සතු විය.

වර්තමානයේ ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ආසියානු ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ පසුවන අතර දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවෙයි. ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ 40 වැනි ස්ථානයේයි.

ආසියාවේ ප්‍රබල බේස්බෝල් කණ්ඩායම් සහභාගී වන මෙම ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තම උපරිම දක්ෂතා අතරට පැමිණ ලක් මාතාව රනින් බැබළවීමට හැකි වේවා යන්න ThePapare.com පැතුමයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<