බංගලියෝ දෙවැනි තරගයේ දි ම සිම්බාබ්වේට පහර දෙයි

224

සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) චිතගොං ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම සමත් විය. ඒ තවත් පන්දු 35ක් ඉතිරිව තිබිය දී ය.

ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබිය දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ තරගාවලිය 2-0ක් සේ ජයග්‍රණය කළහ.

ඉම්රුල් කයිස්ගේ හොඳම එක්දින ඉනිම අමතක නොවන ඉනිමක් වෙයි

සිම්බාබ්වේ කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින තරගය ඊයේ (21) දිනයේ දී මිර්පූර් හි…..

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 246ක් ලබා ගත්තේ ය. පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 250ක් ලබා ගත්තේ ය.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසි බ්‍රෙන්ඩන් ටේලර් තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 35 වැනි අර්ධ ශතකය ලබා ගත්තේ ය. පන්දු 73ක දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 75ක් ලබා ගත්තේ ය. ටේලර් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් බ්‍රෙන්ඩන් ට්‍රේලර් සහ සීන් විලියම්ස් එක්ව ලකුණු 77ක සබඳතාවක් එක් කළහ. ෂෝන් විලියම්ස් පන්දු 76ක දී හතරේ පහර 2ක් සමඟ ලකුණු 47ක් ලබා ගත්තේ ය. සිකන්දර් රාසා ඊයේ තරගයේ දී තම අර්ධ ශතකය අහිමි කර ගත්තේ එක් ලකුණකිනි. ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් සයිෆුඩීන් ලකුණු 45කට කඩුලු 3ක් දවා ගත්තේ ය. ඉතිරි කඩුලු හතර මෂ්රෆි මොර්ටාසා, මුස්ටෆිසුර් රාහ්මන්, මෙහෙදි හසන් සහ මහමුදුල්ලා අතර බෙදී ගියේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 148ක් විය. ලිටන් දාස් සහ ඉම්රුල් කයිස් එක්ව ගොඩ නැගූ එම ඉනිමේ 24 වැනි පන්දු වාරයේ අවසන් පන්දුව දක්වාම ක්‍රියාත්මක විය.

වික්‍රමගේ වික්‍රමයෙන් සාන්ත ජෝසප් විද්‍යාලයට දැවැන්ත ජයක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් ඊයේ (23) පැවැත්වූ අතර එම තරග …..

ලිටන් දාස් තම එක්දින තරග දිවියේ දෙවැනි හොඳම ඉනිම වාර්තා කිරීමට සමත් විය. ඔහු පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 83ක් ලබා ගත්තේ ය. අනතුරුව ඉම්රුන් කයිල් තෙවැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 90ක් ලබා ගත්තේ ය.  

බංග්ලාදේශය ජයග්‍රහණය කරද්දී මුෂ්ෆිකර් රහීම් පන්දු 52ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 40ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් මොහොමඩ් මිතුන් පන්දු 21ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 24ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී සිකන්දර් රාසා ලකුණු 43කට කඩුලු 3ක් දවා ගත්තේ ය.

සිම්බාබ්වේ; කඩුලු 7ක් දැවී 246 (50): සිපාස් ෂුවෝ 20, බ්‍රෙන්ඩන් ට්‍රේලර් 75, ෂෝන් විලියම්ස් 47, සිකන්දර් රාසා 49, මොහොමඩ් සයිෆුඩීන් 3/45

බංග්ලාදේශය; කඩුලු 3ක් දැවී 250 (44.1): ලිටන් දාස් 83, ඉම්රුල් කයිස් 90, මුෂ්ෆිකර් රහීම් නොදැවී 40, මොහොමඩ් මිතුන් නොදැවී 24, සිකන්දර් රාසා 3/43

තරගයේ වීරයා; මොහොමඩ් සයිෆුඩීන් (බංග්ලාදේශය)

තරගාවලියේ අවසන් තරගය මේ මස 26 වැනි දින චිතගොං හිදී පැවැත්වෙන අතර එම තරගයේ උණුසුම් පුවත් සහ තරගාවලියේ තොරතුරුත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<