සිම්බාබ්වේට වාර්තාගත ටෙස්ට් ජයග්‍රහණයක්

1147
Zimbabwe cricketers celebrate after winning the match on the fourth day of the first Test cricket match between Bangladesh and Zimbabwe in Sylhet on November 6, 2018. (Photo by MUNIR UZ ZAMAN / AFP)

සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී අද (06) නිමා වූ බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 151කින් ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය. මෙම තරග ජයග්‍රහණය සිම්බාබ්වේ කණ්ඩායම වසර 17ක ටෙස්ට් ඉතිහාසයේ වෙනත් රටක දී ලබා ගත් මංගල ටෙස්ට් තරග ජයග්‍රහණය බවට පත්විය.

තවත් දිනයක් ඉතිරිව තිබිය දී ලැබූ මෙම තරග ජයග්‍රහණයත් සමඟින් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ටෙස්ට් තරග 2කින් සමන්විත තරගාවලිය 1-0ක් ලෙසින් ඉදිරියට පැමිණීමට සමත් වූහ.  

කෝලිගේ වාර්තාවක් බිඳ වැටේ

ඉන්දියානු ක්‍රිකට් නායක විරාත් කෝලි සතුවූ වාර්තාවක් බිඳ හෙලීමට පාකිස්තානු ජාතික බාබර් අසාම් සමත්ව තිබේ. ‘ජාත්‍යන්තර 20-20 තරග රටාවේදී අඩුම ඉනිම ගණනකින් ලකුණු 1000 සීමාව…

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 282ක් ලබා ගත් අතර එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ෂෝන් විලියම්ස් ය. ඔහු පන්දු 173කට මුහුණ දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 88ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ 2 වැනි අර්ධ ශතකයයි.

ඊට අමතරව ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඩ්සා ද අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. පන්දු 105කට මුහුණ දුන් මසකඩ්සා හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේ ය. ඉනිමේ අනෙක් අර්ධ ශතක ලාභියා වූයේ පීටර් මූ ය. ඔහු පන්දු 192කට මුහුණ දී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 63ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී වමතින් දඟපන්දු යවන ටයිජුල් ඉස්ලාම් ලකුණු 106කට කඩුලු 6ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නස්මුල් ඉස්ලාම් කඩුලු 2ක් දවා ගන්නේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසෙන බංග්ලාදේශ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 143ක් පමණි. ඔවුන්ගේ ඉනිමේ ආරම්භක කඩුලු 4 ලකුණු 19ක් තුළ දවා ගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත් වූහ. ඒ වෙද්දී ඔවුන් යවා තිබුණේ පන්දුවාර 10ක් පමණි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අර්ෆුල් හක් ය. ඔහු පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තේ ය. ඊට අමතරව මුෂ්ෆ්කුර් රහීම් පන්දු 54ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේ ය. මෙහිදි හසන් (21) සහ මොමිනුල් හක් (11) ද ලකුණු අතරට පිවිසෙද්දී අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාවට පිවිසීමට ඉඩ ලැබුණේ නැත.

කිත්රුවන් Emerging පිටියේ ශතකයක් ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අද (06) නිමා වූ වරාය අධිකාරිය සහ ටැමිල් යූනියන් අතර තරගයේ දී කිත්රුවන්…

පන්දු යැවීමේ දී ටෙන්ඩායි චටාරා සහ සිකන්දර් රාසා කඩුලු 3 බැගින් දවා ගත් අතර කයිල් ජාවිස් කඩුලු 2ක් දවා ගත්තේ ය.

ලකුණු 139ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 180ක් ලබා ගත්හ. එම ඉනිමේ දී ද ලකුණු අතරට පිවිසීමට ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකඩ්සා සමත් විය. ඔහු පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 48ක් ලබා ගන්නේ ය.

ඊට අමතරව බ්‍රෙන්ඩන් ටේලර්, සීන් විලියම්ස්, සිකන්දර් රාසා සහ රෙගිස් චකබ්වා ලකුණු 20 සීමාවන් පසු කළහ.

පන්දු යැවීමේ දී ටයිජුල් ඉස්ලාම් ලකුණු 62කට කඩුලු 5ක් දවා ගන්නේ ය. ඔහු මෙම තරගයේ දී ලකුණු 170කට කඩුලු 11ක් දවා ගන්නේ ය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ තරගයක දී පෑ හොඳම දක්ෂතාව ලෙසින් වාර්තා පොත් අතරට එක් විය. ඊට පෙර ඔහුගේ මෙම වාර්තා වී තිබුණේ සිම්බාබ්වේ කණ්ඩායමට ම එරෙහි ව ලකුණු 81කට ලබා ගත් කඩුලු 9 යි.

හේරත් ප්‍රමුඛ සිංහයෝ පන්දුව අතට ගනී

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (6) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ආරම්භ විය.

ඔහුට අමතරව මෙහිදි හසන් කඩුලු 3ක් ද, නස්මුල් ඉස්ලාම් කඩුලු 2ක් ද ලබා ගත්හ.

ජයග්‍රහණය සඳහා ලකුණු 321ක ඉලක්කයක් අරමුණු කර ගනිමින් පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයන්ට දෙවැනි ඉනිමේ දී ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 169ක් පමණි. එම ඉනිමේ දී ඉම්රුල් කයිස් පන්දු 103ක දී හතරේ පහර 6ක් සමඟින් ලකුණු 43ක් ලබා ගනිමින් වැඩිම ලකුණු ලාභියා විය.

ඊට අමතරව අරිෆුල් හක් ලකුණු 38ක් ලබා ගත්තේ පන්දු 37ක් පමණක් වැය කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය.

බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුලු 4 ලකුණු 19ක් තුළ දවා ගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත් වූහ.

කඩුලු ලබා ගැනීමේ දී බ්‍රැන්ඩන් මවුටා ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර සිකන්දර් රාසා කඩුලු 3ක් ද වෙලින්ටන් මසකඩ්සා කඩුලු 2ක් ද දවා ගත්හ.

සිම්බාබ්වේ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 282 (117.3): හැමිල්ටන් මසකඩ්සා 52, ෂෝන් විල්යම්ස් 88, පීටර් මූ නොදැවී 63, රෙගිස් චකබ්වා 28,  ටයිජුල් ඉස්ලාම් 6/108, නස්මුල් ඉස්ලාම් 2/49

බංග්ලාදේශය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 143 (51): මුෂ්ෆිකුර් රහීම් 31, අර්ෆුල් හක් 41, මෙහිදි හසන් 21, කයිල් ජාවිස් 2/28, ටෙන්ඩායි චටාරා 3/19, සිකන්දර් රාසා 3/35

සිම්බාබ්වේ; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 181 (65.4): හැමිල්ටන් මසකඩ්සා 48, බ්‍රෙන්ඩන් ටේලර් 24, ෂෝන් විලියම්ස් 20, සිකන්දර් රාසා 25, රෙගිස් චකබ්වා 20, ටයිජුල් ඉස්ලාම් 5/62, නස්මුල් ඉස්ලාම් 2/27, මෙහිදි හසන් 3/48

බංග්ලාදේශය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 169 (63.1): ලිටන් දාස් 23, ඉම්රුල් කයිස් 43, අර්ෆුල් හක් 38, සිකන්දර් රාසා 3/41, බ්‍රැන්ඩන් මවුටා 4/41, වෙලින්ටන් මසකඩ්සා 2/33

තරගයේ වීරයා; ෂෝන් විලියම්ස් (සිම්බාබ්වේ)

දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 11 වැනිදා ඩකා හිදි ආරම්භ වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<