කොදෙව්වන්ගේ වේගපන්දු හමුවේ බංගලාදේශය අසරණ වෙයි

479

පසුගිය දා ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග 3ක් හා විස්සයි විස්ස තරග 3කින් යුතු තරගාවලියකට සහභාගි වීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශය වෙත සම්ප්‍රාප්ත  වූ අතර එහි පළමු ටෙස්ට් තරගය ICC තරග අංක 2310 ලෙස පසුගිය 04 වන දා ඇන්ටිගුවා හි සර් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. එහි දී ඉනිමකින් හා ලකුණු 219කින් විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (7) සමත් වූ අතර ඔවුන්ගේ මෙම ජයග්‍රහණය සඳහා කොදෙව් වේග පන්දු බල ඇණිය කදිමට දායක වුනා.

මැතිව්ස්, ධනුෂ්ක හා කෞශාල් අර්ධ ශතක අතරට

දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම


කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දු රැකීමට බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වන තමීම් ඉක්බාල් සහ ලිටන් ඩාස් හට සාර්ථක වන්නට කොදෙව් වේග පන්දු යවන්නන් ඉඩ හසරක් ලබා නොදුන්නේය. පිළිවෙලින් ලකුණු 4කට සහ 25කට ඔවුන් දෙදෙනා දැවී ගිය අතර ඉන් අනතුරුව බංග්ලාදේශ ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. මුෂ්ෆිකර් රහීම්, මහමුදුල්ලා සහ නායක ශකිබ් අල් හසන් ලකුණු නොලබා දැවී ගිය අතර ඔවුන්ගේ ඉනිම ලකුණු 43කට සීමා විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බටහිර ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක කෙමාර් රෝච් පන්දුවාර 5කදී ලකුණු 8කට නිලකුණු පන්දු වාරයක් ද සමඟින් කඩුලූ 5 ක් දවා ගැනීමට සමත් විය. ඔහුට අනගි සහායක් ලබා දුන් මිගුවෙල් කමින්ග්ස් පන්දුවාර 4ක දී ලකුණු 11කට කඩුලු 3ක් සහ ජේසන් හෝල්ඩර් පන්දුවාර 4යි පන්දු 4ක දී ලකුණු 10 කට කඩුලු 2ක් බැගින් ලබාගනිමින් බංග්ලාදේශ පිතිකරුවන්ව සුනුවිසුනු කළේය.

හේල්ස්ගේ පිතිකරණය නිසා තරගාවලිය සමවෙයි

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස

තම ප්‍රථම ඉනිම සඳහා පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුපිරි ආරම්භයක් ලබා ගත්තේ ලකුණු  113 ක ආරම්භක සබඳතාවක් පවත්වා ගනිමිනි. පන්දු 290ක දී ලකුණු 121 ලබා අනගි ශතකයක් වාර්තා කළ ආරම්භක පිතිකරු කේ. බ්‍රාත්වෙයිට් ඊට හතරේ පහර 11ක් එකතු කර ගෙන තිබුණි. ඔහුගේ අනෙක් ආරම්භක සගයා වූ ඩී. ස්මිත් පන්දු 123ක් වැය කොට හතරේ පහර 7ක් සමගින් ලකුණු 58ක් වාර්තා කිරීමට සමත් විය.

ස්මිත්ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි ඒ. පවෙල් පන්දු 65ක දී ලකුණු 48ක් වාර්තා කළේය. කොදෙව් ඉනිමේ දෙවෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස මැද පෙළ පිතිකරු එස්. ඩී. හෝප් ලකුණු 67ක් වාර්තා කළ අතර ඔහුට මනා සහයක් දෙමින් නායක හොල්ඩර් සහ කෙමාර් රෝච් ලකුණු 33 බැගින් ලබා ගත්තේය. ඒ අනුව දැවැන්ත ලකුණු 406ක් සියල්ලන් දැවී ලබා ගන්නට කොදෙව්වන්ට හැකි විය.

මැක්ස්වෙල්ගේ ඉනිම ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

සිම්බාබ්වේ, පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර මේ දිනවල පැවැත්වෙන තුන්කොන්

තම මංගල ටෙස්ට් තරගය ලෙස මීට සහභාගී වූ අබූ ජායෙඩ් පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් ලකුණු 84කට කඩුලු 3ක් ද මෙහෙදි හසන් ලකුණු 101 කට කඩුලු 3ක් ද දවා ගැනීමට සමත් විය.

අති විශාල පසුබෑමක් සමග දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහර දීමට පිටියට පැමිණි බංග්ලාදේශ කණ්ඩායම හට කොදෙව් වේග පන්දුවේ කර්කශ ස්වාභාවය විසින් වැඩි වේලා පිටියේ රැඳෙන්නට ඉඩ ලබා දුන්නේ නැත. පළමු ඉනිමේ දී මෙන්ම දෙවැනි ඉනිමේ දීද ප්‍රථම කඩුල්ල ලෙස තමීම් ඉක්බාල් දැවී යන අතර ඔවුන්ගේ අපරීක්ෂාකාරී පිති හරඹය තවදුරටත් ක්‍රියාත්මක විය.

බංගලි ඉනිමේ තිබූ එකම මනරම් ඉනිම වාර්තා වන්නේ මැද පෙළ ක්‍රීඩක නූරුල් හසන් ගෙනි. ඒ පන්දු 74කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 64ක් ලබා ගැනීමෙනි. මුෂ්ෆිකර් රහිම් ලකුණු 8කට ද ශකීබ් අල් හසන් ලකුණු 12කට සහ මහමුදුල්ලා ලකුණු 15 කට ද දැවී යද්දී බංගලාදේශ පිළට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 144ක් පමණි.

පන්දු යැවීමේ දී ෂැනන් ගේබ්‍රියල් ලකුණු 77කට කඩුලු 5ක් ද නායක ජේසන් හෝල්ඩර් ලකුණු 30කට කඩුලු 3ක් ද දවා ගන්නට සමත් වුනා.

දකුණු අප්‍රිකානුවන් මෙල්ල කිරීමට ශ්‍රී ලංකාවට ඇති තුරුම්පු මොනවාද? – පිටියේ කතා

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ වැඩි වාසිය කාටද? පළමු ටෙස්ට් තරගයේ ක්‍රීඩා


ඒ අනුව ඉනිමකින් සහ ලකුණු 219කින් විශාල පරාජයක් අත් විදින්නට බංග්ලාදේශ කණ්ඩායමට සිදු විය.
තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළේ රිචඩ් කෙට්ල්බ්‍රෝ සහ රිචඩ් ඉලින්වර්ත්‍ ය.

පසුගිය කාල වකවානුවේ දී සිය ක්‍රීඩා දිවියේ විශාල පසුබෑමකට පත් ව සිටි කොදෙව්වන්ගේ නැවත ආගමනය ලෙස මෙම තරගය විචාරකයන් විසින් පවසන ලදී. එසේම එක් වරම ක්‍රිකට් පිටියේ නැගී ආ බංග්ලාදේශයේ පසුබෑම ද විමතියට කාරණයක් විය.


තරගයේ වීරයා : කෙමාර් රෝච්

බංග්ලාදේශය:  43 (ලිටන් 25, රෝච් 5-8) සහ  144 (නුරුල් 64, ගේබ්‍රියල් 5-77)

බටහිර ඉන්දීය කොදෙව්ව:  406 (බ්‍රාත්වෙයිට්  121, හෝප් 67, ස්මිත් 58, ජායෙඩ්  3-84)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<