බංග්ලාදේශ ටෙස්ට් සංචිතයේ වෙනස්කම් කිහිපයක්?

118

ඇෆ්ගනිස්තානය සමඟ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ (30) දිනයේ දී පියවර ගෙන තිබේ.

එහිදී ඔවුන්ගේ වේගපන්දු බලඇණියේ වැදගත්ම තුරුම්පුව වන මුස්ටෆිසුර් රහ්මාන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශනය කිරීමට සිදු වී තිබීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ.

දෝනි යළිත් එළියට; පාන්ඩ්‍යාට වරමක්

දකුණු අප්‍රිකාවට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට ඉන්දීය…

පිටකොන්ද ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධයක් සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල්ගතව සිටින වමතින් වේගපන්දු යවන රහ්මාන් හට නැවත වතාවක් ජාත්‍යන්තර පිටියට අවතීර්ණ වීමට නම් තවත් සති කිහිපයක කාලසීමාවක් බලා සිටීමට සිදු වනු ඇති බව වෛද්‍යවරුන් අනුමාන කර තිබේ. 

ඒ අනුව උද්ගතව ඇති තත්වය සලකා බැලීමෙන් අනතුරුව වළලුකර ආබාධයක් නිසාවෙන් දීර්ඝ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි දකුණතින් වේගපන්දු යවන ටස්කින් අහමඩ්ගේ සේවය නැවත වතාවක් ලබා ගැනීමට තේරීම් කමිටු බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

තේරීම් කමිටුභාර ප්‍රධාන නිලධාරි මින්හජුල් අබේඩින් මහතා මුස්ටෆිසුර් රහ්මාන්ගේ ආබාධයේ වත්මන් තත්වය පිළිබඳ පැහැදිලි කරමින් සඳහන් කර සිටියේ MRI වෛද්‍ය වාර්තාව පැමිණෙන තෙක් තවමත් නිශ්චිතවම ඔහුගේ ආබාධයේ ස්වභාවය ගැන නිගමනයකට එළඹිය නොහැකි බවයි.

“මුස්ටෆිසර්ව දැනටමත් අපි වැඩිදුර වෛද්‍ය  ප්‍රතිකාර සඳහා භෞතික චිකිත්සක කඳවුරක් වෙත යොමුකරලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරග වගේම විස්සයි විස්ස තරගාවලි කිහිපයක්ම ක්‍රීඩා කරන්න තියෙන නිසා එක පාරටම ලොකු අවදානමක් ගන්න අපි කැමති නැහැ.”

“ටස්කින්ගේ නම් කිරීම ගැන කතා කරොත් මේ අවුරුද්දේ පෙබරවාරි සහ මාර්තු මාසවල දී පවත්වපු නවසීලන්ත ටෙස්ට් තරගාවලියට කලින් ඉඳන්ම ඔහුගේ නම සංචිතයට ඉදිරිපත් වෙලා තිබුණේ. නමුත් හදිසියේ ඇතිවෙච්ච ආබාධ තත්වයක් නිසා ඒ අවස්ථාව ඔහුගෙන් ගිලිහී ගියා. නමුත් දේශීය තරගාවලි කිහිපයක දී ම ඔහු දක්වා ඇති සුවිශේෂී දක්ෂතාවන් සහ  වත්මන් ශාරීරික යෝග්‍යතාව කියන කරුණු කාරණා සියල්ල සලකලා බලලා තමයි අපි අවසන් තීරණයකට එළඹුණේ.”

මහේල ජයවර්ධන පුහුණුකරුවෙකු ලෙස එංගලන්තයට

සුපිරි ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එංගලන්ත The Hundred ක්‍රිකට් තරගාවලිය සඳහා Southampton…

තවද බංග්ලාදේශ කණ්ඩායමේ සුපිරි ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් ද ලෝක කුසලාන තරගාවලිය ඇතුළුව ගෙවුණු තරගාවලි කිහිපය තුල දී ම ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ හෙයින් තම සුපුරුදු රිද්මයට නැවත පැමිණීමට නම් යම් විවේක කාලයක් තමන් හට අවශ්‍ය බව කියමින් ලිපියක් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත භාර දුන් අතර එම ඉල්ලීමට සවන් දෙමින් ඔහුට අවශ්‍යව තිබූ එම විවේක කාලසීමාව ලබා දීමට ඔවුන් එකඟතාව පළකොට තිබුණි.

අවසන් වරට පැවති නවසීලන්ත ටෙස්ට් සංචාරය සඳහා එක් නොවුනු ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් හට නැවත වතාවක් කණ්ඩායම මෙහෙයවීමේ කාර්‍යභරය හිමි වී තිබීම කැපී පෙණේ.

තමිම්ගෙන් පුරප්පාඩු වන ආරම්භක පිතිකරු භූමිකාව පිරවීමට වෙනත් විශේෂඥ ආරම්භක පිතිකරුවෙකුගේ සහය ලබා ගැනීම වෙනුවට මැදපෙළ පිතිකරුවෙකු වන මොසැදික් හුසේන්ව කණ්ඩායමට ඇතුළත් කරගැනීම බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වී තිබේ.

නමුත් එම තේරීම සාධාරණීකරණය කරමින් මින්හජුල් මහතා පවසා සිටියේ මෙම තරගාවලිය සඳහා අමතර පිතිකරුවෙකු සේවය ලබාගැනීමට ඔවුන් කල්තියා සැලසුම් කළ බවයි.

දැවැන්ත 20-20 තරගාවලියක් හදිසියේ අතහැර දමයි!

මේ වසරේ දී ආරම්භ වීමට නියමිතව තිබූ Euro T20 Slam විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය…

“සාමාන්‍යයෙන් අපි සත්කාරකත්වය දරන තරගාවලිවල දී අවසන් සංචිතයට නම් කරන්නේ ක්‍රීඩකයින් 14 දෙනෙක් වුනත් මේ පාර අපි ඒ තීරණය වෙනස් කරලා තවත් එක් ක්‍රීඩකයෙක්ට, විශේෂයෙන්ම එක් පිතිකරුවෙක්ට අවස්ථාව ලබලා දෙන්න තීරණය කළා. මොකද අපේ දේශීය මට්ටමේ පැවැත්වෙන  තරගාවලි සංඛ්‍යාව අනෙක් රටවල් එක්ක සසඳලා බැලුවොත් සීමිත නිසා මේ වගේ අවස්ථාවක් නිර්මාණය කරලා දෙන්න අපි හිතුවා.”

ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ එකම ටෙස්ට් තරගය එළඹෙන සැප්තැම්බර් මස 5 වැනිදා බංග්ලාදේශයේ චොතොග්‍රම් හී සහූර් අහමඩ් චවුද්‍රී ක්‍රීඩාංගණය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට නියමිතය.

බංග්ලාදේශ සංචිතය – ශකීබ් අල් හසන් (නායක), ෂද්මාන් ඉස්ලාම්, මොමිනුල් හක්, සෞම්‍ය සර්කාර්, මුෂ්ෆිකර් රහීම්, ලිටන් දාස්, මහමදුල්ලා, මොහොමඩ් මිතුන්, මොසදික් හුසේන්, මොහිදි හසන්, තයිජුල් ඉස්ලාම්, නයීම් හසන්, අබු ජායේඩ්, එබාදත් හුසේන්, ටස්කින් අහමඩ්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<