ශකිබ්ගේ තුන් ඉරියව් දස්කම් ඇෆ්ගනිස්තානය නිරුත්තර කරයි

78

නායක ශකීබ් අල් හසන් දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසාවෙන්, ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති විස්සයි විස්ස තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශය ඊයේ (21) සමත් විය. බංග්ලාදේශ තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය වූ මෙම තරගය Chattogram ක්‍රිකට් පිටියේ දී පැවැත්විය. 

මසකඩ්සාට ගෞරවාන්විත සමුගැනීමක්

බංග්ලාදේශයේ පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය හා සිම්බාබ්වේ අතර…..

බංග්ලාදේශ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 138ක් වාර්තා කරගන්නා ලදි. තරගයේ තීරණාත්මක පළමු පන්දුවාර තුන තුල ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් දෙදෙනා හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 12ක් පමණි. 

ශයිෆුල් ඉස්ලාම් ක්‍රියාත්මක කළ සිව්වැනි පන්දුවාරයේ දී 4 පහර 3ක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තාන පිතිකරුවන් සමත් වීමත් සමඟම නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණීමට ඔවුන්ට හැකි විය. 6 සිට 9 දක්වා වූ පන්දුවාර හතර තුල 4 පහර 7ක් වාර්තා කර ගත් ඇෆ්ගනිස්තානය කඩුලු 2ක් දැවී ලකුණු 75ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල ස්ථානයක පසුවිය. 

පළමු කඩුල්ල වෙනුවෙන් ඉතාමත් සාර්ථක පිතිකරණයක නිරත වූ හස්රතුල්ලා සසායි සහ රහමනුල්ලා ගර්බ්ස් යන දෙදෙනා පිළිවෙළින් අෆීෆ් හුසේන් හා මුස්ටෆිසුර් රහමාන් ක්‍රියාත්මක කළ 10 වැනි හා 11 වැනි පන්දුවාර තුල දැවී ගියේය. ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් සසායි 4 පහර 6ක් සහ 6 පහර 2ක් සමඟ ලකුණු 47ක් ලබා ගත්තේ පන්දු 35ක් තුලයි. ඔහුට නොදෙවෙනි පිතිකරණය නිරත වුනු ගර්බ්ස් ලකුණු 29ක් ලබා ගන්නා ලදි. 

පළමු කඩුලු දෙක බිඳ වැටීමෙන් පසුව ඇෆ්ගන් මැදපෙළ ප්‍රබල කඩුලු 4ක් ලකුණු 34ක් තුල බිඳ වැටුණු නිසා ඇෆ්ගනිස්තානයට සාර්ථක ලකුණු පුවරුවක් වෙත ළඟා වීමට අවස්ථාව උදා වූයේ නැත. පන්දු යැවීමේ දී දක්ෂ ලෙස සිය පන්දුවාර 4න් 3ක් ක්‍රියාත්මක කළ අෆීෆ් හුසේන් ලකුණු 9කට කඩුලු 2ක් දවා ගත්තේය. 

ලකුණු 138ක අවම මට්ටමේ ලකුණු ප්‍රමාණයක් රැකගැනීමේ අරමුණින් පිටියට පැමිණි ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් බංග්ලාදේශ පළමු කඩුලු 2ක ලකුණු 12ක් තුල දවා ගන්නා ලදි. කෙසේ නමුත් ඉන් පසුව පිටියට පැමිණි ශකීබ් සහ මුෂ්ෆිකර් රහීම්  තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සබඳතාවයක් ගොඩනංවමින් බංග්ලාදේශයට සාර්ථක අඩිතාලමක් සකස් කරදෙන ලදි.

හෆීස්, ශොහේබ් ඉවතට; නවාස් හා ඉෆ්තිකර් නැවතත් සංචිතයට

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ එක්දින තරගාවලිය සඳහා සහභාගි වන පාකිස්තාන සංචිතය නම් කර තිබේ.

එක් 6 පහරක් පමණක් එල්ල කරමින් පන්දු 25ක් තුල ලකුණු 26ක් ලබා ගත් රහීම් කරීම් ජනාට් එවූ  හමුවේ ශයිෆිකුල්ලා වෙත උඩපන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. බංග්ලාදේශ කණ්ඩායමේ ද කඩුලු 3ක් ලකුණු 34ක් තුල දැවී  තරගය තරමක් දෙපසට දෝලනය වන ස්ථානයකට පැමිණි නමුත් සිය අත්දැකීම් උපයෝගී කර ගත් ශකිබ් නායකත්වයේ පිතිකරණයක නිරත වෙමින් සිය කණ්ඩායමට ජයග්‍රාහී අවසානයක් ලබා දීමට සමත් විය.

බංග්ලාදේශ පළමු කඩුල්ල දැවී ගිය පසුව පිටියට පැමිණි ශකීබ් ඔවුන්ගේ ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 45ක දී ලකුණු 70*ක් වාර්තා කරගත්තේ සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ ලබාගත් 19වන  ශතකය ද වාර්තා කරගෙනයි. එම ඉනිමට 4 පහර 8ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය.

පන්දු යැවීමේ දී සිය මංගල ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ නවීන් උල් හක් හා නායක  රෂීඩ් ඛාන් කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි. 

  • තරගයේ වීරයා – ශකීබ් අල් හසන් (බංග්ලාදේශය) 

ඇෆ්ගනිස්තානය –  138/7 (20): හස්රතුල්ලා සසායි 47, රහමනුල්ලා ගර්බ්ස් 29, අෆීෆ් හුසේන් 2/09

බංග්ලාදේශය – 139/6 (19): ශකීබ් අල් හසන් 70*, මුෂ්ෆිකර් රහීම් 26, නවීන් උල් හක් 2/20, රෂීඩ් ඛාන් 2/27

මෙම තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අනිද්දා (24) ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඩකා ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් පිටුවට <<