ලෝක කුසලාන සටනට සැරසෙන බෙංගාල ව්‍යාඝ්‍රයන්

307

එළඹෙන මැයි මස 30 වෙනිදා එංගලන්තය සහ වේල්සය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 15දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ ක්‍රිකට් සංචිතය අද (16) දිනයේදී මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

අවාසනාවන්ත අයුරින් ජීවිතයෙන් සමුගත් ක්‍රිකට් විරුවන්

මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වී ශතවර්ශයකට අධික කාලයක් ගතව ඇත. මේ දීර්ඝ කාලය තුළ විවිධ කණ්ඩායම් වලට අයත් දක්ෂ…

පසුගිය වර ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 08 දෙනෙකුගේ සේවය මෙවර ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නැවත වතාවක් ලබාගැනීමට එරට තේරීම් කමිටුව තීරණය කර ඇති අතර නායක මෂ්රෆි මොර්ටාසා ඇතුළුව තමීම් ඉක්බාල්, මුෂ්ෆිකර් රහීම්, ෂකීබ් අල් හසන්, මහමදුල්ලා සහ රූබල් හුසේන් වැනි අත්දැකීම් බහුල පරිණත තරගකරුවන්ගේ දායකත්වය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අතිශය තීරණාත්මක සාධකයක් වනු ඇත.

තවද තම ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් හට මනා සහයෝගයක් ලබාදෙමින් තරගාවලියේ පෙරළියක් සිදුකිරීමට බලාපොරොත්තුවෙන් පසුවන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට තවමත් කෝඩුකාරයින් වන දක්ෂ නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සංචිතයට ඇතුළත්ව ඇත. ඒ අතරින් තවමත් එකදු හෝ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැති, ලෝක කුසලාන තරගාවලියේදී එම භාග්‍ය උදාකර ගැනීමට අපේක්ෂාවෙන් පසුවන වේගපන්දු යවන ක්‍රීඩක අබු ජායේඩ්ගේ පැමිණීම සහ අවසන් වරට පසුගිය සැප්තැම්බරයේ නිමාව දුටු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කළ මොසදික් හුසේන්ගේ නැවත පැමිණීම ද කාගෙත් අවධානයට සහ කථාබහට ලක්වූ සිදුවීමකි.

ඕස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයට ප්‍රබලයින් කිහිප දෙනෙක් නැහැ

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය නිවේදනය කර තිබේ. ඒ අනුව….

මෙම නම් කළ ක්‍රීඩක නාමාවලිය මෙන්ම ගෙන ඇති තරමක තීරණාත්මක තීන්දු සහ තීරණ කිහිපයක් පිළිබඳව සිය අදහස් දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන තේරීම් භාර නිලධාරී මින්හජුල් අබෙඩින් මහතා පවසා සිටියේ පසුගිය වසර කිහිපය පුරාවට දෙස් විදෙස් තරගාවලීන්හී ක්‍රීඩකයින් ක්‍රීඩා කළ ආකාරය සහ ඔවුන්ගේ දක්ෂතා සූක්ෂමව ඇගයීමෙන් අනතුරුව ලෝක කුසලානය තම මව්රටට ගෙන ඒමට සුදුසුම සංචිතය නම් කිරීමට තමා ඇතුළුව තේරිම් කමිටුවේ අනෙකුත් නිලධාරීන් කටයුතු කළ බවයි.

තවද ටෙස්ට් තරග පහකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගී වී ඇති අබු ජායේඩ් සතුව ඇති පන්දුව දෝලනය කිරීමේ හැකියාව එංගලන්ත තණතීරූ වලදී වැදගත් සාධකයක් විය හැකි බවත්, ඔහු නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදි පන්දු යැවූ ආකාරයත් යන සියල්ල සලකා බැලීමෙන් අනතුරුව ඔහුව සංචිතය සඳහා එක්කර ගැනීමට ඔවුන් තීරණය කර තිබේ.

නිමාව දුටු පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගාවලියේදී මොසදික් හුසේන් පිත්තෙන් සහ පන්දුවෙන් දක්වා ඇති තුන් ඉරියව් දක්ෂතාවන් නිසාවෙන් දැනට උරහිසේ ඇතිවූ ආබාධයකින් සුවය ලබමින් සිටින මහමදුල්ලා වෙනුවට ක්‍රීඩා කිරීමට සිදුවුව හොත් එම පුරප්පාඩුව පිරවීමේ අරමුණින් සංචිතයට එක්කොට  තිබේ.

කාර්තික් හා රාහුල් නිසා පාන්ට්ට හා රයිදුට ලෝක කුසලානය මඟ හැරේ

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඉන්දීය සංචිතය එරට ක්‍රිකට් ආයතනය විසින් අද (15) මාධ්‍ය වෙත….

වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් සහ ආරම්භ පිතිකරු ඉමෘල් කයිස් හට අවසන් සංචිතයෙහි සිය ස්ථානය තහවුරු කරගැනීමට නොහැකි වීම වඩාත් කැපී පෙනේ.

බංග්ලාදේශ සංචිතය – මෂ්රෆි මොර්ටාසා (නායක), ෂකීබ් අල් හසන්, මුෂ්ෆිකර් රහීම්, මහමදුල්ලා, රූබල් හුසේන්, සබීර් රෙහ්මාන්, සෞම්‍ය සර්කාර්, ලිටන් දාස්, මොහොමඩ් මිතුන්, මොසදික් හුසේන්, මෙහෙදි හසන් මිරාස්, මොහොමඩ් සයිෆුදීන්, මුස්ටෆිසූර් රෙහ්මාන්, අබු ජායේඩ්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<