නීති කැඩූ පුහුණුකරුවන් ගෙදර යවයි

66

කාලයක් තිස්සේ සිට බංග්ලාදේශ පිතිකරුවන් පා දඟපන්දු යවන්නන් හමුවේ දැක්වූ දුර්වල ක්‍රීඩා විලාසය නිසා, ඔවුන්ගේ දේශීය ක්‍රික‍ට් තරගාවලියේ (NCL) තරගයක පා දඟපන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනෙක් අනිවාර්යයෙන් ක්‍රීඩා කළ යුතු බවට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් යම් කොන්දේසියක් පනවා තිබුණි.

නමුත් එය උල්ලංඝනය කරමින් කටයුතු කළ ඔවුන්ගේ පළමු පෙළ පුහුණුකරුවන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ඊයේ (17) තීරණය කර තිබේ. 

ශ්‍රී ලංකා පොඩ්ඩෝ හමුවේ චන්දිමාල් ඇතුළු ඩිමෝ කණ්ඩායම ඇඳ වැටෙයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන ප්‍රමුඛ පෙළ ක්‍රිකට්….

ඔවුන්ගේ දේශීය ක්‍රිකට් තරගාවලියේ තරග වදිනු ලබන ඩකා ඩිවිෂන් කණ්ඩායමේ හා රාන්ග්පූර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන්ව දෙදෙනා වන මොහොමඩ් අලාම් හා මසුඩ් රාසන් මෙසේ සේවයෙන් පහ කර තිබෙන පුහුණුකරුවන් දෙදෙනා වේ. 

ඒ වෙනුවට මොහොමඩ් සෙලීම් හා ජෆ්රුල් එශාන් යන පුහුණුකරුවන් දෙදෙනා එම තනතුර සඳහා ආදේශ කර තිබේ.

“ඔවුන්ට තරගාවලිය ආරම්භ වන්න කළින්ම අපි කිව්වා අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරන එකොළහේ පා දඟපන්දු යවන්නෙක් ඉන්න ඕන කියලා. මොකද අපේ පිතිකරුවන් පා දඟපන්දු යවන්නන් හමුවේ ගොඩක් දුර්වලයි කියලා අපිට අපේ දත්ත අරන් බැලුවහම පෙනිලා තියෙනවා. ඒක නිසයි අපි අපේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට මේ තරග කොන්දේසිය ගෙනාවේ. මොකද එහෙම කරේ නැතිනම් අපේ ක්‍රිකට් ඉදිරියට ගන්න අමාරුයි. ඒ වැරැද්ද හදන්න තියෙන හොඳම තැන තමයි අපේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය.” යැයි බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන් මහතා මාධ්‍ය වෙත පැවසීය. 

තර්ස්ටන් පන්දු යවන්නන් හමුවේ දේවපතිරාජ විද්‍යාලය ප්‍රබල තැනක

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ…

“දේශීය ක්‍රිකට් තරගාවලියේ විතරක් නෙමෙයි, ඉස්සරහට තියෙන BPL ක්‍රිකට් තරගාවලිවල දීත් පා දඟපන්දු යවන්නෙක් අනිවාර්යයෙන් ක්‍රීඩා කරන්න ඕන කියන කොන්දේසිය අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා” යැයි හසන් මහතා අවසන් වශයෙන් පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<