මාලිංග A කාණ්ඩයේ ක්‍රීඩකයෙකු ලෙස වෙන්දේසි වේ

6424

6 වැනි වරටත් පැවැත්වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (BPL) ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (28) පැවති අතර ඊට ඉදිරිපත්ව සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතරින් ක්‍රීඩකයින් 6 දෙනෙක් වෙන්දේසි වී ඇත. මේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා දේශීය ක්‍රීඩකයින් 165 දෙනෙක් හා රටවල් 17ක විදේශීය ක්‍රීඩකයින් 365 දෙනෙක් සහභාගී වී ඇත.

එංගලන්තයට අභියෝගයක් වන ශ්‍රී ලංකා සභාපතිගේ සංචිතය නම් කරයි

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළඹෙන 6 වැනිදා …

ලසිත් මාලිංග, දසුන් ශානක, ඉසුරු උදාන, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න යන ක්‍රීඩකයින් එහි දී වෙන්දේසි වූ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් ය. මේ සඳහා ඉදිරිපත් කර තිබූ විදේශීය ක්‍රීඩකයින් ‘A’ සිට ‘F’ දක්වා කාණ්ඩ 06කට කාණ්ඩගත කර තිබූ අතර. ‘A’ කාණ්ඩයේ ක්‍රීඩකයින් හට $93,000ක (ආසන්න වශයෙන් රු.16,017,390) මුදලක් නියම කර තිබූ අතර ‘F’ කාණ්ඩයේ ක්‍රීඩකයින් සඳහා නියම කර තිබූ මුදල $10,000 (ආසන්න වශයෙන් රු.1,722,300.00) කි.

මේ වෙන්දේසියේ දී අලෙවි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර ලසිත් මාලිංග A කාණ්ඩයේ ක්‍රීඩකයෙක් ලෙස තෝරා ගැනීමට කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකරු වන මහේල ජයවර්ධන ඇතුළු එහි කළමනාකාරිත්වය තීරණය කර ඇත. මාලිංග හා මහේල පිළිවෙළින් පන්දු යවන්නන්ගේ උපදේශක ලෙස හා ප්‍රධාන පුහුණුකරු ලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුම්බායි කණ්ඩායමේ පුහුණු කාර්‍ය මණ්ඩලයේ සේවය කළහ.

පසුගිය දා නිමා වූ ඇෆ්ගනිස්තාන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ වමත් වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන, රාජ්ශායි කිංස් කණ්ඩායමට තෝරාගෙන තිබේ. එසේම ශ්‍රී ලංකාවේ සිටින ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයින් වන තිසර පෙරේරා (කොමීලියා වික්ටෝරියන්ස්), දසුන් ශානක (චිතගොන්ග් වයිකින්ස්), අසේල ගුණරත්න (කොමීලියා වික්ටෝරියන්ස්) හා සීකුගේ ප්‍රසන්න (රාජ්ශායි කිංස්) තෝරාගෙන සිටින අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වේ.

 විශ්වගේ අභියෝගයට අශේන් ප්‍රතිඋත්තර දෙයි

2018 ජනවාරි මාසයට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් නොලද අසේල ගුණරත්න ද මෙවර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට තෝරාගෙන තිබීම විශේෂත්වයකි. තවද දසුන් ශානක හා අසේල ගුණරත්න යන දෙදෙනා මෙවර තරගාවලියේ දී පළමු වතාවට බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වනු ඇත.

පසුගිය වසරේ පැවති තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ‘රාන්ග්පූර් රයිඩර්ස්’ කණ්ඩායම යි. සෑම වසරකටම වරක් පැවැත්වෙන මේ ක්‍රිකට් තරගාවලිය 2018 වසරේ දීත් පැවැත්වීමට නියමිතව තිබුණ ද, බංග්ලාදේශ මහා මැතිවරණය නිසා උද්ගතව තිබූ අනාරක්ෂිත තත්වය මත එම ක්‍රිකට් තරගාවලිය නොපැවැත්වීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලන අධිකාරිය තීරණය කළේය.

නව නීතිරීති වලට අනුව එක් සංචිතයකට උපරිම වශයෙන් විදේශීය ක්‍රීඩකයින් 05 දෙනෙකු ඇතුළත් කළ හැකි අතර කෙසේ නමුත් එක් තරගයක් සඳහා ක්‍රීඩා කරන කණ්ඩායමට අවම ලෙස දේශීය ක්‍රීඩකයින් 07 දෙනෙක් සහ විදේශීය ක්‍රීඩකයින් 02ක් ඇතුළත් වීම අනිවාර්ය වේ.

එසේම මෙවර ක්‍රිකට් තරගාවලිය තුල පළමු වතාවට විනිසුරු තීරණ නැවත පිරික්සා බැලීමේ අවස්ථාව හඳුන්වා දීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලන අධිකාරිය ක්‍රියා කර තිබීම විශේෂත්වයකි.

2019 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ජනවාරි මස 5 වැනිදා සිට පෙබරවාරි මස 8 වැනිදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වෙනු ඇත.

2019 බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්

තිසර පෙරේරා, අසේල ගුණරත්න (කොමීලියා වික්ටෝරියන්ස්), සීක්කුගේ ප්‍රසන්න, ඉසුරු උදාන (රාජ්ශායි කිංස්), ලසිත් මාලිංග (කුල්නා ටයිටන්ස්), දසුන් ශානක (චිතගොන්ග් වයිකින්ස්)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<