අයර්ලන්තයට හා කොදෙව්වන්ට එරෙහි තුන්කොන් තරගාවලියට බංගලියන් සූදානමින්

132

2019 ලෝක කුසලානයට පෙර සූදානමක් ලෙස අයර්ලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟ මැයි 05 වන දා ආරම්භ වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන බංග්ලාදේශ සංචිතය මේ වන විට නිවේදනය කර තිබේ.

නායකත්වයේ ගැටුම් අවසන්, ලෝක කුසලාන නායකයා තීන්දුයි

එළඹෙන මැයි මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට්….

එළඹෙන මැයි 30 වෙනිදා එංගලන්තය සහ වේල්සය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ඊයේ (16) දින නම් කරන ලද ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ ක්‍රිකට් සංචිතයම මෙම තරගාවලිය සඳහා ද නම්කර තිබීම විශේෂත්වයකි. මෙලෙස නම් කරන ලද සංචිත ද්විත්වයේම නායකත්වයේ වගකීම දැරීමට පැවරී ඇත්තේ මෂ්රෆි මොර්ටාසා හටය.

කෙසේ වෙතත් එම ක්‍රීඩකයින් 15 දෙනාට අමතරව තවත් අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෙස නයීම් හසන් සහ 18 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක යසීර් අලී තුන්කොන් තරගාවලිය සඳහා නම් කර ඇත. නයීම් හසන් බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් වරම් පමණක් දිනා ගෙන සිටි අතර එක් දින වරම් දිනාගැනිමෙන් පසු ඔහු සහභාගි වන පළමු තරගාවලිය මෙයයි. පසුගිය නොවැම්බර් මස ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති ටෙසට් ක්‍රිකට් තරගාවලිය සඳහා ද ක්‍රීඩා කරනු ලැබුවා. යොවුන් ක්‍රීඩක යසීර් අලී නිමාවට පත් වූ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී චිතගොං වයිකිංස් කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂතා දැක්වූවා.

සර්වාන් උපදේශකයෙක් ලෙස කොදෙව් කණ්ඩායමට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වූ…..

2015 වසරේ දී ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩා කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 08 දෙනෙකුගේ සේවය මෙවර ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නැවත වතාවක් ලබාගැනීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කරන ලදී. මෙම තරගාවලිය අරඹමින් අයර්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිත අතර අවසන් තරග මැයි මස 17 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

බංග්ලාදේශ සංචිතය – මෂ්රෆි මොර්ටාසා (නායක) , ලිටන් දාස්, මොහොමඩ් මිතුන්, මුෂ්ෆිකර් රහීම් , මහමුදුල්ලා , ශකිබ් අල් හසන් , ටමිම් ඉක්බාල්, සෞම්‍ය සාකර්, මොහෙමඩ් සයිෆුඩීන් , අබූ ජායෙඩ්, මුස්ටෆිසර් රහමාන් , රුබෙල් හූසෙන්, මෙහෙදි හසන් ,සබීර් රහමාන්, මෙසැඩ්ඩෙක් හූසේන්, යසීර් අලී, නයීම් හසන්


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<