ශ්‍රී ලංකා – බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (29) ක්‍රියාත්මක වූයේ කුල්නා හිදීයි. වර්ෂාවේ බාධා කිරීම් මැද තරගය වෙනුවෙන් තිබූ කාලය අවම වූ අද දිනයේ ශ්‍රී ලංකාව තම පළමු ඉනිමේ කඩා වැටීම නැවතත් යම්තාක් දුරකට පිළිසකර කර ගැනීමට සමත් වූහ. ඒ පරාජය වෙත ඇදී යමින් තිබුණු තරගය ජය පරාජයකින් තොරව අවසන් කර ගැනීමට අවශ්‍ය මූලික අඩිතාලම දමමිනි.
18 හැවිරිදි යොවුන් ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකාව කබලෙන් ලිපට!
ශ්‍රී ලංකා – බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට….
අද උදෑසන තරගය තෙවැනි දිනය සඳහා ආරම්භ කරන විට ශ්‍රී ලංකා පිළ සිටියේ අවදානම් කලාපය තුලයි. ඒ බංග්ලාදේශය ලබාදුන් ලකුණු 360ක දැවැන්ත ඉලක්කය හඹා යාමට උත්සාහ දැරූ ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් සිව් දෙනෙකුම වේලාසනින්ම දැවී ගිය බැවිනි. එම කඩුලු සියල්ලටම හිමිකම් කීවේ 18 හැවිරිදි කෝඩුකාරයෙකු වන නයීම් හසනුයි. එබැවින් අද දිනයේ තරගය බේරා ගැනීමේ වගකීම පැවරී තිබුනේ ඒ වනවිට පිටියේ රැඳී සිටි ප්‍රමෝද් මදුවන්තට සහ අශේන් බණ්ඩාරටයි.
ඒ අනුව පස්වැනි කඩුල්ල වෙනුවෙන් මෙම පිතිකරුවන් දෙදෙනා ලකුණු 82ක සබඳතාවයක් ගොඩ නැගුවේ එම රාජකාරිය අකුරටම ඉටු කරමිනි. එබැවින් 59ට කඩුලු 4ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 141ට කඩුලු 5ක් දක්වා ප්‍රසාරණය කර ගැනීමට හැකිවිය. ශ්‍රී ලංකා පිළේ ගැලවීමට තුඩුදුන් අනෙක් කරුණ වන්නේ අද දිනය පුරාවට කුල්නා ප්‍රදේශයට බල පැවැත්වුනු වැසිබර කාලගුණ තත්ත්වයයි. ඒ අනුව සම්පූර්ණ දිනය පුරාවට ක්‍රියාත්මක කළ හැකිවූයේ පන්දුවාර 44ක් පමණි. මේ නිසාවෙන්ම ශ්‍රී ලංකා පිළ ඉක්මනින් දවාගෙන ජයග්‍රහණයකට ඉව ඇල්ලීමට බංග්ලාදේශයට තිබූ කාලය අවම විය.
පීඩනය මැද හොඳ ඉනිමක් ක්‍රීඩා කළ ප්‍රමෝද් මදුවන්ත අද පන්දු 136කට මුහුණ දීමෙන් අනතුරුව දැවී ගියේ ලකුණු 40කටයි. ඉතාමත් ඉවසීමෙන් ශ්‍රී ලංකා පිළ පරාජයෙන් ගලවා ගැනීම වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ඔහු ඒ අතරතුරේ දී එල්ල කළේ හතරේ පහර 3ක් පමණි. අද දිනයත් නොදැවී කඩුල්ලේ රැඳී සිටින්නට සමත් වූ අශේන් බණ්ඩාර මේ වනවිට නොදැවී ලකුණු 57ක් ලබා සිටින්නේ පන්දු 196කට මුහුණ දෙමිනි. ඒ අතරවාරයේ හතරේ පහර 5ක් එල්ල කරන්නට ද මෙම සටන්කාමී යොවුන් පිතිකරුවාට හැකිවිය.
දසුන්ගේ හුදකලා සටන අපතේ යයි
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම අතර අද (29) කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ……
පසුපෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි රමේෂ් මෙන්ඩිස් අද ශෆියුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 18කටයි. ඒ වනවිට ඔහු හතරේ පහර 2ක් එල්ල කර තිබුණි. මේ වනවිට කඩුලු 6කට ලකුණු 190ක් ලෙස දැක්වෙන ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නොබිඳුනු ලකුණු 20ක සබඳතාවයක් ගොඩ නගන්නට චාමික කරුණාරත්න සහ අශේන් බණ්ඩාර සමත්ව සිටියි.
පිතිකරණයේ හැකියාවක් සහිත චාමික මේ දක්වා පන්දු 38කට මුහුණ දී ලකුණු 8ක් ලබා සිටින්නේ හෙට දිනයේ ඉනිම තවත් දීර්ඝ කර ගැනීමේ බලාපොරොත්තු ඇතිවයි. මීට අමතරව නැගී එන පිළේ පසුපෙළ හිමි වුවද කළණ පෙරේරාගෙන් ද යම් ලකුණු ප්‍රමාණයක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එකතු වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
ඊයේ දිනයේ බිඳ වැටුණු ශ්‍රී ලංකා පිළේ කඩුලු 4ටම වගකියූ නයීම් හසන් අද දිනයේ එකදු කඩුල්ලක් හෝ බිඳ දැමීමට අපොහොසත් වීම ශ්‍රී ලංකා පිළේ වාසනාවට හේතු වූ අතර බිඳ වැටුණු කඩුලු දෙක ශෆියුල් ඉස්ලාම් සහ තන්වීර් ඉස්ලාම් අතරේ බෙදී ගියේය. මේ වනවිට ශ්‍රී ලංකා පිළ තවත් කඩුලු 4ක් අතැතිව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 170ක් පිටුපසින් සිටින්නේ තරගය තමන් කෙරෙන් ගිලිහෙන්නට ඉඩ නොතබමිනි.
අජන්ත මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට තිත තබයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයෙන් බිහි වූ තවත් එක් සුවිශේෂී පිට දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන අජන්ත මෙන්ඩිස් අද (28) සිට…..
නමුත් මේ වනවිට තරගය ජය ගැනීමේ අවස්ථාව ඔවුන්ගෙන් ගිලිහී ගොස් ඇති නිසා ශ්‍රී ලංකාව හෙට දිනයේත් හැකිතාක් කඩුල්ලේ රැඳී සිටීමට උත්සාහ දරනු ඇතැයි සිතිය හැකිය. එහිදී වැසි දෙවිඳුන්ගේ බාධා අවම වීම වඩාත් හිතකර වනු ඇත්තේ ජය පැරදුමකට වඩා මෙම තරුණ ක්‍රීඩකයින් විදෙස් රටක දී ලබන තරග අත්දැකීම් වඩා වැදගත් වන බැවිනි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Saif Hassan | run out (Kalana Perera) | 18 | 94 | 3 | 0 | 19.15 |
Mohammad Naim | c Minod Bhanuka b Kalana Perera | 9 | 8 | 2 | 0 | 112.50 |
Najmul Hossain Shanto | lbw b Kalana Perera | 133 | 269 | 13 | 1 | 49.44 |
Yasir Ali | c Pathum Nissanka b Ramesh Mendis | 4 | 30 | 0 | 0 | 13.33 |
Afif Hossain | b Nishan Peiris | 54 | 108 | 1 | 0 | 50.00 |
Zakir Hasan | c Pathum Nissanka b Ramesh Mendis | 49 | 128 | 4 | 0 | 38.28 |
Mahidul Islam Ankon | c & b Asitha Fernando | 4 | 12 | 0 | 0 | 33.33 |
Nayeem Hasan | c Sangeeth Cooray b Asitha Fernando | 36 | 72 | 4 | 0 | 50.00 |
Yeasin Arafat | c & b Ramesh Mendis | 12 | 45 | 1 | 0 | 26.67 |
Tanvir Islam | not out | 16 | 43 | 1 | 0 | 37.21 |
Shafiqul Islam | b Ramesh Mendis | 1 | 10 | 0 | 0 | 10.00 |
Extras | 24 (b 6 , lb 14 , nb 4, w 0, pen 0) |
Total | 360/10 (135.4 Overs, RR: 2.65) |
Fall of Wickets | 1-12 (3.1) Mohammad Naim, 2-81 (31.4) Saif Hassan, 3-95 (41.2) Yasir Ali, 4-194 (72.6) Afif Hossain, 5-249 (93.4) Najmul Hossain Shanto, 6-262 (98.6) Mahidul Islam Ankon, 7-320 (117.5) Zakir Hasan, 8-326 (120.6) Nayeem Hasan, 9-348 (131.6) Yeasin Arafat, 10-360 (135.4) Shafiqul Islam, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 25 | 3 | 74 | 2 | 2.96 | |
Kalana Perera | 27 | 8 | 62 | 2 | 2.30 | |
Chamika Karunarathne | 25 | 4 | 55 | 0 | 2.20 | |
Nishan Peiris | 30 | 3 | 76 | 1 | 2.53 | |
Ramesh Mendis | 28.4 | 2 | 73 | 4 | 2.57 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Yasir Ali b Nayeem Hasan | 16 | 22 | 3 | 0 | 72.73 |
Sangeeth Cooray | c Yasir Ali b Nayeem Hasan | 6 | 16 | 0 | 0 | 37.50 |
Charith Asalanka | c Mohammad Naim b Nayeem Hasan | 18 | 34 | 2 | 0 | 52.94 |
Minod Bhanuka | c Mahidul Islam Ankon b Nayeem Hasan | 11 | 25 | 2 | 0 | 44.00 |
Promod Maduwantha | lbw b Tanvir Islam | 40 | 136 | 3 | 0 | 29.41 |
Ashen Bandara | c Najmul Hossain Shanto b Shafiqul Islam | 85 | 256 | 8 | 0 | 33.20 |
Ramesh Mendis | c Saif Hassan b Shafiqul Islam | 18 | 44 | 2 | 0 | 40.91 |
Chamika Karunarathne | b Nayeem Hasan | 8 | 51 | 0 | 0 | 15.69 |
Kalana Perera | c Mahidul Islam Ankon b Nayeem Hasan | 8 | 6 | 1 | 0 | 133.33 |
Nishan Peiris | b Nayeem Hasan | 15 | 28 | 3 | 0 | 53.57 |
Asitha Fernando | not out | 1 | 5 | 0 | 0 | 20.00 |
Extras | 18 (b 11 , lb 6 , nb 1, w 0, pen 0) |
Total | 244/10 (103.4 Overs, RR: 2.35) |
Fall of Wickets | 1-21 (5.3) Pathum Nissanka, 2-26 (7.3) Sangeeth Cooray, 3-52 (15.2) Minod Bhanuka, 4-59 (17.4) Charith Asalanka, 5-141 (59.2) Promod Maduwantha, 6-170 (74.1) Ramesh Mendis, 7-196 (90.6) Chamika Karunarathne, 8-206 (92.6) Kalana Perera, 9-234 (100.4) Nishan Peiris, 10-244 (103.4) Ashen Bandara, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Yeasin Arafat | 16 | 4 | 28 | 0 | 1.75 | |
Shafiqul Islam | 23.4 | 6 | 59 | 2 | 2.52 | |
Nayeem Hasan | 40 | 14 | 93 | 7 | 2.33 | |
Tanvir Islam | 22 | 7 | 41 | 1 | 1.86 | |
Afif Hossain | 2 | 1 | 6 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Saif Hassan | not out | 40 | 113 | 0 | 1 | 35.40 |
Mohammad Naim | lbw b Nishan Peiris | 8 | 54 | 0 | 0 | 14.81 |
Najmul Hossain Shanto | b Asitha Fernando | 25 | 38 | 2 | 2 | 65.79 |
Yasir Ali | b Nishan Peiris | 3 | 11 | 0 | 0 | 27.27 |
Afif Hossain | c Chamika Karunarathne b Nishan Peiris | 1 | 5 | 0 | 0 | 20.00 |
Zakir Hasan | not out | 25 | 37 | 3 | 0 | 67.57 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 102/4 (43 Overs, RR: 2.37) |
Fall of Wickets | 1-21 (16.2) Mohammad Naim, 2-48 (27.3) Najmul Hossain Shanto, 3-55 (30.5) Yasir Ali, 4-63 (32.2) Afif Hossain, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 7 | 2 | 19 | 1 | 2.71 | |
Kalana Perera | 7 | 4 | 4 | 0 | 0.57 | |
Chamika Karunarathne | 5 | 1 | 5 | 0 | 1.00 | |
Ramesh Mendis | 6 | 3 | 18 | 0 | 3.00 | |
Nishan Peiris | 15 | 4 | 43 | 3 | 2.87 | |
Charith Asalanka | 3 | 0 | 13 | 0 | 4.33 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<