Home Sinhala 18 හැවිරිදි යොවුන් ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකාව කබලෙන් ලිපට!

18 හැවිරිදි යොවුන් ක්‍රීඩකයෙක් නිසා ශ්‍රී ලංකාව කබලෙන් ලිපට!

409
updateoffer.com

ශ්‍රී ලංකා – බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට තරගයේ පාලනය අතට ගෙන සිටින්නේ සත්කාරක බංග්ලාදේශයයි. ඒ ඔවුන් ලබාදුන් දැවැන්ත ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ කළ ශ්‍රී ලංකා පිළේ මුල්පෙළ වටිනාම කඩුලු 4ක් අද (28) ඉනිම ආරම්භයේදීම බිඳ වැටුණු බැවිනි. මේ වනවිට ශ්‍රී ලංකා පිළ කඩුලු 6ක් අතැතිව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 259ක් පිටුපසින් පසුවෙයි.

නජ්මුල්ගේ නායකත්වයේ ශතකය ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි!

ශ්‍රී ලංකා – බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර පළමු සිව්දින ටෙස්ට් තරගය අද (27) ආරම්භ වූයේ කුල්නා…

ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 4කට ලකුණු 233ක් ලබා සිටි බංග්ලාදේශ ක්‍රීඩකයින් අද එය ලකුණු 360ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වූහ. මෙම මෙහෙයුමේ වැඩි ගෞරවය දිනා ගත්තේ විශිෂ්ට ශතකයක් සමඟින් බංග්ලාදේශ ඉනිම එකට බැඳ තබාගත් නායක නජ්මුල් හොසේනුයි. පසුගිය කාලයේ දැක්වූ දක්ෂතා නිසාම බංග්ලාදේශ ජාතික පිළට ඉක්මනින්ම කැඳවුම් ලැබෙනු ඇතැයි සිතිය හැකි මෙම 21 හැවිරිදි මැදපෙළ පිතිකරුවා මෙම තරගයේ දී ලබාගත් ලකුණු සංඛ්‍යාව 133කි. ඊට අලංකාර හතරේ පහර 13ක් සහ දැවැන්ත හයේ පහරක් ඇතුළත් විය.

නජ්මුල් සමඟින් අද අර්ධ ශතක සබඳතාවයකට මුල පිරූ සකීර් හසන් ලකුණු 49ක් රැස් කළේ පන්දු 128කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉවසිලිවන්ත ඉනිමට හතරේ පහර 4ක් පමණක් ඇතුළත් විය. බංග්ලාදේශ පසුපෙළ පිතිකරුවන් ද අද තමන්ට හැකි පමණින් ලකුණු පුවරුව ඉහළ දැමීමට සහය වූ නිසා ලකුණු 360ක් කරා යාම ඔවුන්ට අපහසු කරුණක් නොවීය. එහිදී පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට ඇතුළත් වුවද නයීම් හසන් ලබාගත් ලකුණු 36 මෙම තරගයේ තීරණාත්මක සාධකයක් විය. මීට අමතරව තන්වීර් ඉස්ලාම් නොදැවී ලකුණු 16ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් වැඩිම දස්කම් දැක්වූයේ දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් විසිනි. ඔහු ප්‍රතිවාදීන්ට ලකුණු 73ක් ලබා දෙමින් කඩුලු 4ක් උදුරා ගැනීමට සමත් විය. ඒ හැරෙන්නට ආරම්භක වේග පන්දු යවන්නන් දෙදෙනා වන අසිත ප්‍රනාන්දු සහ කළණ පෙරේරා කඩුලු දෙක බැගින් බෙදා ගැනීමට සමත් වූහ. කෙසේවෙතත් බංග්ලාදේශ පිතිකරුවන් සමස්ථයක් වශයෙන් මෙම පන්දු යවන්නන් සියලු දෙනාට එරෙහිව හොඳින් ක්‍රීඩා කළ බව ඉතාමත් පැහැදිලි කරුණක් විය. 

විනිසුරු තීරණ වරද්දා ගත් දෙදෙනා ඉවතට

නිමා වූ අළුබඳුන ක්‍රිකට් තරගයේ දී බෙන් ස්ටෝක්ස්ගේ සුපිරි ඉනිම ලෙසටම තරගය එංගලන්තය…

අද දිවා කාලයේ සිට තම ප්‍රථම ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිළ බංග්ලාදේශ පිළට හොඳ සටනක් ලබා දෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වුවද අද ශ්‍රී ලංකා පිළට වාසනාවන්ත දවසක් නම් නොවීය. එය සනාථ කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 21ක් වෙද්දී දැවී යන්නේ ශ්‍රී ලංකා පිළේ වටිනාම කඩුල්ල වන පැතුම් නිශ්ශංකයි. ඔහු අද හතරේ පහර 3ක් සමඟින් රැස් කරගත්තේ ලකුණු 16ක් පමණි. මෙම කඩුල්ලට හිමිකම් කියූ නයීම් හසන් ක්‍රියාත්මක කළ මීළඟ පන්දුවාරයේ දී සංගීත් කුරේවද ක්‍රීඩාගාරයට හරවා යවන්නට ඔහුට හැකිවිය. ඒ වනවිට සංගීත් ලබා සිටියේ ලකුණු 6ක් පමණි.

අද දිනය තමන්ටම වෙන්වුණු දිනයක් බව ඔප්පු කළ 18 හැවිරිදි නයීම් හසන් ශ්‍රී ලංකා පිළ තවදුරටත් අසරණ කර දමන්නේ කඩුලු රකින පිතිකරු මිනෝද් භානුක (11) සහ නායක චරිත් අසලංකව ද (18) අනුයාත පන්දුවාර දෙකකදී පරාජය කරමිනි. තවමත් 19 හැවිරිදි වියේ පසුවන මෙම දකුණත් පිට දඟ පන්දු යවන්නා ඒ ආකාරයෙන් ශ්‍රී ලංකා පිතිකරණ කොඳු නාරටියම බිඳ දමන්නේ කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 59ට කඩුලු 4ක් බවට පත් කරමිනි. පිත්තෙන් ලකුණු 36ක් සහ පන්දුවෙන් කඩුලු 4ක් දවා ගනිමින් ඔහු අද ශ්‍රී ලංකා පිළේ ප්‍රධානතම හිසරදය බවට පත්විය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පිළ වැටුණු වළෙන් ගොඩ ගැනීමට උත්සාහ දරන ප්‍රමෝද් මදුවන්ත සහ අශේන් බණ්ඩාරගේ වෑයමට ස්තූති වන්නට දිනය නිමා වනවිට ශ්‍රී ලංකා ඉනිම දැක්වෙන්නේ ලකුණු 101ට කඩුලු 4ක් වශයෙනි. ඒ මෙම යොවුන් පිතිකරුවන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක නොබිඳුනු සබඳතාවයක් ගොඩ නගා ඇති බැවිනි. මේ වනවිට පන්දු 73කට මුහුණ දී ඇති ප්‍රමෝද් මදුවන්ත ලකුණු 21ක් රැස් කරද්දී අනෙක් අන්තයේ සිට පන්දු 59ක් සාර්ථකව පිළිගත් අශේන් බණ්ඩාර මේ වනවිට නොදැවී ලකුණු 23ක් ලබා සිටියි.

වෙල්ලාලගේ සහ ඩැනියෙල් අර්ධ ශතකවලින් නවතී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර්…

ඒ අනුව හෙට දිනයේ දී මෙම පිතිකරුවන් දෙදෙනාගේ වගකීම වන්නේ හැකිතාක් වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමයි. ඒ මේ වනවිටත් තරගය ජය ගැනීමට වඩා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමේ සටනක යෙදීමට ශ්‍රී ලංකා නැගී එන පිළට සිදුව ඇති නිසාවෙනි. හෙට සන්ධ්‍යා කාලය දක්වා හෝ ඉනිම ඉදිරියට ගෙන යාමට නම් මෙම පිතිකරුවන් දෙදෙනාට මෙන්ම රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න සහ කළණ පෙරේරා යන පිතිකරණ හැකියාවක් සහිත අනෙකුත් ක්‍රීඩකයින් ද සාර්ථක වීම අනිවාර්ය කරුණක් වනු ඇත.

Result

Match drawn

Sri Lanka Emerging Team
244/10 (103.4)

Bangladesh Emerging Team
360/10 (135.4) & 102/4 (43)

Batsmen R B 4s 6s SR
Saif Hassan run out (Kalana Perera) 18 94 3 0 19.15
Mohammad Naim c Minod Bhanuka b Kalana Perera 9 8 2 0 112.50
Najmul Hossain Shanto lbw b Kalana Perera 133 269 13 1 49.44
Yasir Ali c Pathum Nissanka b Ramesh Mendis 4 30 0 0 13.33
Afif Hossain b Nishan Peiris 54 108 1 0 50.00
Zakir Hasan c Pathum Nissanka b Ramesh Mendis 49 128 4 0 38.28
Mahidul Islam Ankon c & b Asitha Fernando 4 12 0 0 33.33
Nayeem Hasan c Sangeeth Cooray b Asitha Fernando 36 72 4 0 50.00
Yeasin Arafat c & b Ramesh Mendis 12 45 1 0 26.67
Tanvir Islam not out 16 43 1 0 37.21
Shafiqul Islam b Ramesh Mendis 1 10 0 0 10.00


Extras 24 (b 6 , lb 14 , nb 4, w 0, pen 0)
Total 360/10 (135.4 Overs, RR: 2.65)
Fall of Wickets 1-12 (3.1) Mohammad Naim, 2-81 (31.4) Saif Hassan, 3-95 (41.2) Yasir Ali, 4-194 (72.6) Afif Hossain, 5-249 (93.4) Najmul Hossain Shanto, 6-262 (98.6) Mahidul Islam Ankon, 7-320 (117.5) Zakir Hasan, 8-326 (120.6) Nayeem Hasan, 9-348 (131.6) Yeasin Arafat, 10-360 (135.4) Shafiqul Islam,

Bowling O M R W Econ
Asitha Fernando 25 3 74 2 2.96
Kalana Perera 27 8 62 2 2.30
Chamika Karunarathne 25 4 55 0 2.20
Nishan Peiris 30 3 76 1 2.53
Ramesh Mendis 28.4 2 73 4 2.57
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Yasir Ali b Nayeem Hasan 16 22 3 0 72.73
Sangeeth Cooray c Yasir Ali b Nayeem Hasan 6 16 0 0 37.50
Charith Asalanka c Mohammad Naim b Nayeem Hasan 18 34 2 0 52.94
Minod Bhanuka c Mahidul Islam Ankon b Nayeem Hasan 11 25 2 0 44.00
Promod Maduwantha lbw b Tanvir Islam 40 136 3 0 29.41
Ashen Bandara c Najmul Hossain Shanto b Shafiqul Islam 85 256 8 0 33.20
Ramesh Mendis c Saif Hassan b Shafiqul Islam 18 44 2 0 40.91
Chamika Karunarathne b Nayeem Hasan 8 51 0 0 15.69
Kalana Perera c Mahidul Islam Ankon b Nayeem Hasan 8 6 1 0 133.33
Nishan Peiris b Nayeem Hasan 15 28 3 0 53.57
Asitha Fernando not out 1 5 0 0 20.00


Extras 18 (b 11 , lb 6 , nb 1, w 0, pen 0)
Total 244/10 (103.4 Overs, RR: 2.35)
Fall of Wickets 1-21 (5.3) Pathum Nissanka, 2-26 (7.3) Sangeeth Cooray, 3-52 (15.2) Minod Bhanuka, 4-59 (17.4) Charith Asalanka, 5-141 (59.2) Promod Maduwantha, 6-170 (74.1) Ramesh Mendis, 7-196 (90.6) Chamika Karunarathne, 8-206 (92.6) Kalana Perera, 9-234 (100.4) Nishan Peiris, 10-244 (103.4) Ashen Bandara,

Bowling O M R W Econ
Yeasin Arafat 16 4 28 0 1.75
Shafiqul Islam 23.4 6 59 2 2.52
Nayeem Hasan 40 14 93 7 2.33
Tanvir Islam 22 7 41 1 1.86
Afif Hossain 2 1 6 0 3.00


Batsmen R B 4s 6s SR
Saif Hassan not out 40 113 0 1 35.40
Mohammad Naim lbw b Nishan Peiris 8 54 0 0 14.81
Najmul Hossain Shanto b Asitha Fernando 25 38 2 2 65.79
Yasir Ali b Nishan Peiris 3 11 0 0 27.27
Afif Hossain c Chamika Karunarathne b Nishan Peiris 1 5 0 0 20.00
Zakir Hasan not out 25 37 3 0 67.57


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 102/4 (43 Overs, RR: 2.37)
Fall of Wickets 1-21 (16.2) Mohammad Naim, 2-48 (27.3) Najmul Hossain Shanto, 3-55 (30.5) Yasir Ali, 4-63 (32.2) Afif Hossain,

Bowling O M R W Econ
Asitha Fernando 7 2 19 1 2.71
Kalana Perera 7 4 4 0 0.57
Chamika Karunarathne 5 1 5 0 1.00
Ramesh Mendis 6 3 18 0 3.00
Nishan Peiris 15 4 43 3 2.87
Charith Asalanka 3 0 13 0 4.33



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<