බංග්ලාදේශයෙන් හතුරුට තවත් වැඩක්‌

508
chandikahathurusingha

බංග්ලාදේශ ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සාර්ථකම පුහුණුකරුවා බවට පත්ව සිටින චන්දික හතුරුසිංහට පුහුණුකරු තනතුරට අමතරව තේරීම් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කිරීමේ අවස්‌ථාවද ලබාදෙන බව එරට ක්‍රිකට්‌ සභාපති හසවුල් හසන් පවසයි.

“හතුරුසිංහව පුහුණුකරු තනතුරට විතරක්‌ පත් කරනවාට වඩා ඔහුව තේරීම් කමිටුවටත් පත්කිරීම මගින් බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා හඳුනා ගැනීමට පුළුවන්. කනිෂ්ඨ තරගාවලි නරඹා එතනදි ඔවුන්ගේ දක්‍ෂතාවන් හඳුනා ගැනීමට ඔහුට එමගින් අවස්‌ථාව ලැබෙනවා. ඒ වගේම ඒ සඳහා ඔහුට ලබාදෙන කාලය සහ වැටුපත් අපි තීරණය කරනවා.” යෑයි බංග්ලාදේශ ක්‍රිකට්‌ පුහුණුකරු පවසයි.

පුහුණුකරු තනතුරට අමතරව ජාතික කණ්‌ඩායම තේරීමේදීද හතුරුසිංහට වැඩි බලතල ලබාදීමට බංග්ලාදේශ ක්‍රිකට්‌ සභාපතිවරයා තීරණය කර තිබේ. මේ සඳහා බංග්ලාදේශ ක්‍රිකට්‌ මෙහෙයුම් කමිටුවේද ආශිර්වාදය ලැබී තිබෙන නමුත් මේ සම්බන්ධව චන්දික හතුරුසිංහ මෙතෙක්‌ කිසිදු අදහසක්‌ පළ කර නැත.

 තවත් පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න