බංගලාදේශ 19න් පහළ පුහුණුකාරිත්වය නවීඩ් නවාස්ට

443

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නවීඩ් නවාස් වහාම ක්‍රියාත්මක වන පරිදි බංගලාදේශ 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කිරීමට එරට ක්‍රිකට් බලධාරින් විසින් කටයුතු කර ඇත.

දසුන් ශානකගේ සටන්කාමී ඉනිම අපතේ යයි

ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් දැක්වූ දුර්වලතාවන් වසාගෙන පසුපෙළ පිතිකරුවන් ලකුණු අතරg පිවිසිය ද, අවසාන මොහොතේ දී ඔවුන්ගෙන් ද තරගය ඉතා අවාසනාවන්ත..

”ලබන අවුරුද්දේ පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා අපගේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය නවීඩ් නවාස් මහතාට ලබාදෙන්න අප තීරණය කළා. ඔහු සතුව තිබෙන අත්දැකීම් සලකා බලන විට එම වයසේ ළමුන් එක්ක කටයුතු කරලා ඔවුන්ගේ සැඟවුණු දක්ෂතා එළියට ගෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.” යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (17) දිනයේ දී පැවසීය.

2009 වර්ෂයේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු සිදු කළ නවීඩ් නවාස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම සමඟ ද විවිධ මට්ටමින් සිය කාර්යභාරයන් ඉටුකරමින් අත්දැකීම් රාශියක් ලබාගෙන ඇති ක්‍රිකට් පුහුණුකරුවෙකි.

ශ්‍රී ලංකාවට එරෙහි වූ ඉන්දියාව එකට එක කරයි

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පළමු සිව්දින තරගය අදින් (17) ආරම්භ විය.

මේ වන විට 44 වියැති වමත් පිතිකරුවෙකු නවාස් මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් (1998 – 2002 කාල වකවානුවේ දී) එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක් හා එක්දින ක්‍රිකට් තරග 3ක් ක්‍රීඩා කර ඇති අතර පළමු පෙළ ක්‍රිකට් තරග 131ක් ක්‍රීඩා කරමින් ලකුණු 6892ක් ලබාගෙන ඇත්තේ අර්ධ ශතක 42ක් හා ශතක 12ක් ලබාගනිමිනි.

                                                 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<