බංග්ලාදේශ ක්‍රිකට් නායකයාගෙන් ඉල්ලීමක්

386
Bangladesh captain

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරන මෂ්රෆි මොර්ටාසා බංග්ලාදේශ කණ්ඩායමට අනවශ්‍ය පීඩනයක් ලබා නොදෙන ලෙස සිය රසිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

එකමුතුයි නම් ශ්‍රී ලංකාවට පෙරළියක් කළ හැකියි – චමින්ද වාස්

1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ප්‍රධානතම සාමාජිකයෙක් ද වූ ශ්‍රී ලංකාව…

2017 වසරේ පැවති ශූරයින්ගේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට හා පසුගිය වසරේ පැවැත්වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

“ලෝක කුසලානයේ හොඳම කණ්ඩායම අපි වෙන්න පුළුවන්, ඒත් එහෙම වුනා කියලා ලෝක කුසලානය වැනි ලොකු තරගාවලියක දී එය එතරම් වැදගත් වන්නේ නැහැ.” මෂ්රෆි මොර්ටාසා පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ 35 වියැති මොර්ටාසා මෙසේ පවසන ලදි.

“ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට හා ආසියානු ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ගොඩක් දුරට සමානයි. අපි ඒ තරගාවලි දෙකේ දී ම කවුරුත් හිතුවේ නැති විදිහට දස්කම් පෙන්නුවා. මොකද ඒ කාලයේ අපේ කණ්ඩායමට ප්‍රේක්ෂකයින්ගෙන් ලොකු පීඩනයක් ලැබුණේ නැහැ.”  

“හොඳම කණ්ඩායම හැමදාම දිනන්නේ නැහැ. අපේ ක්‍රීඩකයින්ට පීඩනය අවශ්‍ය වන්නේ නැහැ, නමුත් මම වාසනාව කියන දේ නම් අදටත් විශ්වාස කරනවා. 2019 ලෝක කුසලානය දිනන්න වැඩි අවස්ථාවක් තියෙන්නේ කාටද කියලා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් හරි තරග විශ්ලේෂකයින්ගෙන් හරි ඕගොල්ලෝ අහලා බලන්න, ඒගොල්ලෝ අපේ කණ්ඩායමේ නම කියන එකක් නැහැ. තරගාවලියේ දී අපිට විශේෂ දස්කමක් දක්වන්න පුළුවන් වුනොත් එදාට තමයි අපේ කණ්ඩායමේ දිහාවට ඔවුන්ගේ අවධානය එන්නේ.” යැයි ඊයේ (29) දිනයේ දී මොර්ටාසා ජාත්යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

එදා මෙදා තුර ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් ක්‍රිකට් පිටිය වූ බලපෑම්

පසුගිය 21 වැනි දා නොහොත් පාස්කු ඉරිදා දින සිට ශ්‍රී ලාංකිකයින් නැවතත් යුද බියෙන් ඇලලී…

බංග්ලාදේශ කණ්ඩායම පසුගිය වසරේ පැවැත්වුණු ජාත්යන්තර එක්දින ක්‍රිකට් තරග 13ක් ජයග්‍රහණය කළේය. එසේම බංග්ලාදේශ කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමට පෙර අයර්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන අතර තරගාවලිය මැයි මස 5 වැනිදා සිට අයර්ලන්තයේ දී පැවැත්වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වන පළමු තරගය ජුනි මස 2 වැනිදා දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන අතර තරගය එංගලන්තයේ ඕවල් ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<