ශ්‍රී ලංකා – බංගලි සටන වැස්සට දියවී යයි

65

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර කටුනායක FTZ Sports Complex (BOI) ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන ටෙස්ට් තරගය තවත් දින දෙකක්ම ඉතිරිව තිබිය දී අතහැර දැමීමට අද (24) සිදු විය.

කෝලිගේ ලකුණු කැපේ

ඉන්දීය නායක විරාත් කෝලි හට නිල අවවාද කිරීමක් හා එක් ……

තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය මුළුමනින්ම වර්ෂාවෙන් සේදී ගිය අතර දෙවන දිනය වූ අද දිනයේ දී ද එක් පන්දුවක් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ දිගින් දිගටම පතිත වූ වර්ෂාව හේතුවෙනි. ඒ අනුව තරග තීරක ප්‍රියන්ත උදයරත්න මහතා සහ විනිසුරුවරුන් එක්ව තරගය මුළුමනින්ම අතහැර දැමීමට තීරණය කරනු ලැබුවේ දෙපිලේම නායකයන්ගේ ද එකඟතාවයත් සමඟිනි.

දෙරට අතර පැවැත්වෙන දෙවන නිල නොවන ටෙස්ට් තරගය එළඹෙන සඳුදා (30) ගාල්ලේ දී පැවැත්වීමට නියමිතව ඇත.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<