Home Sinhala කමිඳු අදත් ගඟට ඉනි කපයි

කමිඳු අදත් ගඟට ඉනි කපයි

148

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තෙවන නිල නොවන එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 98ක විශිෂ්ට ජයක් ලැබීමට බංග්ලාදේශය අද (12) සමත් විය. 

කමිඳුගේ අපතේ ගිය වික්‍රමයත් සමඟින් උණුසුම් අවසානයක්

ශ්‍රී ලංකා A සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස….

තරගයේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශයට නියමිත පන්දුවාර 50 තුළ දී කඩුලු 9ක් දැවී ලකුණු 322ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 24.4ක දී කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 130ක් පමණි.

බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ සයිෆ් හසන් සහ මොහමඩ් නයීම් යුගලයයි. ඉනිම ආරම්භයේ පටන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ කිසිදු පීඩනයකින් තොරව පිතිකරණයේ යෙදුණු ඔවුන් දෙදෙනා බංග්ලාදේශ ඉනිමට මූලික අඩිතාලම දැමීමට සමත් වූයේ පළමු කඩුල්ල සඳහා ලකුණු 120ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවමිනි.

නමුත් ඉන් ලකුණු 66ක් ලබා ගත් මොහොමඩ් නයීම් පන්දු රකින්නන්ට බාධා කිරීම නිසාවෙන් දැවී යාමකට ලක්වීම අද තරගයේ සුවිශේෂීම සිදුවීම බවට පත් විය.

ඉන් උපරිම ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි නජ්මුල් හොසේන්ව ද ආ විගසින් දවා ගැනීමට සමත් වූයේ බංග්ලාදේශ ලකුණු පුවරුව 131/2 බවට පත්කරමිනි. ඔහු දැවී ගියේ අමිල අපෝන්සුගේ පන්දුවක් හමුවේය.

Photos: Bangladesh A tour of Sri Lanka 2019 | 3rd Unofficial ODI

ඉන් පසු පිටියට පිවිසියේ අනමුල් හක් ය. එහෙත් ඔහුට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට නොහැකි වූයේ ලකුණු 15ක් ලබා සිටිය දී විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් ඉදිරියේ දැවී යාමත් සමඟිනි.

අනතුරුව පිටියට එක් වූ නායක මොහොමඩ් මිතුන් අනෙක් අන්තයේ ස්ථාවරව ලකුණු රැස්කරමින් සිටි සයිෆ් සමඟ ලකුණු 99ක සාර්ථක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වූයේ ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමිනි. 

එහි දී අති විශිෂ්ට පිතිහරඹයක නියැලුණු සයිෆ් හසන් පන්දු 110ක දී ප්‍රවේගකාරී ලකුණු 117ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට බැටදෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් සහ දැවැන්ත හයේ පහර 3ක් අන්තර්ගත විය. 

බංග්ලාදේශය ලකුණු පුවරුව 255 තම දීර්ඝ ඉනිම හමාර කළ සයිෆ් අවසානයේ දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ ගොදුරක් බවට පත්වෙමිනි.

අන්තර් සමාජ නැගී එන ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ…

වැඩි වේලාවක් යාමට මත්තෙන් ලකුණු 32ක් ලබා සිටි මිතුන් ද දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූයේ පන්දුවාර 43.1ක දී බංග්ලාදේශ ලකුණු පුවරුව 267/5ක් ලෙස සටහන් කරමිනි.

අනතුරුව පිටියට පිවිසි කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවීමට නොහැකි විය.

ඒ සමඟින්ම නියමිත පන්දුවාර 50 තුළ බංග්ලාදේශ මුළු ලකුණු සංඛ්‍යාව 322/9ක් ලෙසින් දැවැන්ත ලකුණු පුවරුවක් සටහන් වූ අතර ඉනිම අවසානයේ නොදැවී පන්දුවට පහර දෙමින් සිටි සුනමුල් ඉස්ලාම් ලකුණු 12ක් හා එබඩට් හොසේන් ලකුණු 3ක් ලබා සිටියේ ය.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු ලකුණු 50කට කඩුලු 4ක් දවා ගත් අතර ඔහුට සහයක් ලබා දුන් විශ්ව ප්‍රනාන්දු ලකුණු 69කට කඩුලු 3ක් දවා ගනු ලැබීය.

ලකුණු 323ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් බවට පත්වුණේ සඳුන් වීරක්කොඩි සහ පැතුම් නිස්සංක යුගලයයි.

නමුත් අසාර්ථක ආරම්භයක් ලබා ගත් පැතුම් ආ විගසන් ලකුණු 6කට ශ්‍රී ලංකාවට පීඩනය තවත් වැඩි කරමිනි. ශ්‍රී ලංකා ලකුණු පුවරුව යන්තම් 11ක් ලෙස සටහන් වන විට ඔහු දැවී ගියේ අෆිෆ් හොසේන්ගේ පන්දුවක් හමුවේ ය. 

මෙම තරගාවලියේ ස්ථාවරව දස්කම් දැක්වූ එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූ තරගාවලියේ කමිඳු මෙන්ඩිස් පිටියට පිවිසියේ ඉන් අනතුරුවය. 

එහෙත් වැඩි වේලාවක් යාමට මත්තෙන් ආරම්භක පිතිකරු සඳුන් ද ලකුණු 18කට දැවී ගියේ ශ්‍රී ලංකාව තවත් අසීරු අඩියකට තල්ලු කර දමමිනි. ශ්‍රී ලංකා ඉනිමෙ 27/2 ලෙස සනිටුහන් කරමින් ඔහු දැවී ගියේ අබු හයිඩර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙනි. 

කෝලිගේ පිත්ත තවත් වාර්තාවකට ඔහුව රැගෙන යයි

ඉන්දීය නායක සුපිරි පිතිකරු විරාත් කෝලි දකුණු අප්‍රිකානු සමඟ පැවති….

අනතුරුව අංක 4 පිතිකරු වශයෙන් පිටියට පිවිසියේ ශ්‍රී ලංකා නායක අශාන් ප්‍රියන්ජන් ය. කමිඳු-අශාන් යුගලය එක්ව 64ක සබඳතාවයක් පැවැත්වූයේ ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වූ හොඳම සබඳතාවය ලෙසිනි. අවසානයේ ඉන් ලකුණු 34ක් ලබා ගත් අශාන් දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 91/3 බවට පත්කරමිනි. 

ඉන්පසුව ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම ආරම්භ වූයේ අනෙක් අන්තයේ ස්ථාවරව පිටියේ රැඳී සිටි කමිඳුව හුදකලා කරමිනි. මෙහි දී ප්‍රියමාල් පෙරේරා සහ අශේන් බණ්ඩාර පිළිවෙළින් ලකුණු 7කට හා 6කට දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 120/5ක් වශයෙන් සටහන් කරමිනි.

එහෙත් පිටියේ හුදකලා වූ කමිඳු සටන්කාමී අර්ධ ශතකයක් වාර්තා කළේ අන් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට උචිත නොවූ තණතිල්ලට තමා පමණක් මැනවින් අනුගත වෙමිනි. පන්දු 65ක දී වාර්තා වූ ඔහුගේ ලකුණු 55ට හතරේ පහර දෙකක් හා දැවැන්ත හයේ පහර තුනක් අන්තර්ගත විය. 

කෙසේ නමුත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 129ක් වන විට අවසන් බලාපොරොත්තුව වූ කමිඳු ද දැවී ගියේ එබඩට් හොසේන්ගේ ගොදුරක් බවට පත්වෙමිනි. නමුත් ඔහුට සෙසු පිතිකරුවන්ගෙන් හරිහමන් සහයක් ලැබුණේ නම් තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් අතකට හැරීමට ද අවකාශයක් තිබුණි.

ඒ සමඟින්ම තරගය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නතර කර දැමීමට සිදු වූයේ පන්දුවාර 24.4ක් පමණක් ක්‍රියාත්මක කොට තිබිය දී ය. ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 130/6ක් වශයෙන් සටහන් වූයේ එම අවස්ථාවේ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලබාගත යුතු ඉලක්කයට වඩා ලකුණු 99ක් පසුපසින් සිටිමිනි. 

කෙසේ වෙතත් යළි තරගය ආරම්භ කිරීමට හැකියාවක් නොලැබුණු බැවින් ඩක්වර්ත් ලුවීස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට ලකුණු 98ක දැවැන්ත පරාජයක් ඒ සමඟින් උරුම විය.

පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් එබඩට් හොසේන් සහ සයිෆ් හසන් කඩුලු 2 බැගින් දවා ගත් අතර පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද එක සේ දස්කම් දක්වූ සයිෆ් හසන් බංග්ලාදේශ ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

මේ සමඟම තරග 3කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය 2-1ක් ලෙසින් ජය ගැනීමට බංග්ලාදේශ A කණ්ඩායම සමත් විය.

Result


Sri Lanka A Team
130/6 (24.4)

Bangladesh A
322/9 (50)

Batsmen R B 4s 6s SR
Saif Hassan c Ashan Priyanjan b Shiran Fernando 117 110 12 3 106.36
Niam Sheikh obstructing the field b 66 76 5 2 86.84
Najmul Hossain c Kamindu Mendis b Amila Aponso 2 12 0 0 16.67
Anamul Haque c Ashan Priyanjan b Vishwa Fernando 15 21 2 0 71.43
Mohammad Mithun c Ramesh Mendis b Shiran Fernando 32 35 1 2 91.43
Afif Hossain c Amila Aponso b Shiran Fernando 12 13 1 0 92.31
Nurul Hasan lbw b Vishwa Fernando 17 12 1 1 141.67
Ariful Haque c Ramesh Mendis b Shiran Fernando 6 5 1 0 120.00
Abu Hider c Amila Aponso b Vishwa Fernando 8 7 1 0 114.29
Sunzamul Islam not out 12 7 1 0 171.43
Ebadat Hossain not out 3 3 0 0 100.00


Extras 32 (b 1 , lb 7 , nb 1, w 23, pen 0)
Total 322/9 (50 Overs, RR: 6.44)
Fall of Wickets 1-120 (22.2) Niam Sheikh, 2-131 (25.1) Najmul Hossain, 3-156 (30.2) Anamul Haque, 4-255 (41.1) Saif Hassan, 5-267 (43.1) Mohammad Mithun, 6-288 (45.5) Afif Hossain, 7-295 (46.4) Nurul Hasan, 8-299 (47.3) Ariful Haque, 9-307 (48.4) Abu Hider,

Bowling O M R W Econ
Vishwa Fernando 10 0 69 3 6.90
Shiran Fernando 10 0 50 4 5.00
Ramesh Mendis 7 0 44 0 6.29
Chamika Karunarathne 8 0 61 0 7.62
Ashan Priyanjan 6 0 29 0 4.83
Amila Aponso 9 0 61 1 6.78


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Abu Hider b Afif Hossain 6 7 1 0 85.71
Sandun Weerakkody b Abu Hider 18 13 2 1 138.46
Kamindu Mendis c Saif Hassan b Ebadat Hossain 55 65 2 3 84.62
Ashan Priyanjan c Rishad Hossain b Saif Hassan 34 35 4 0 97.14
Priyamal Perera c Nurul Hasan b Saif Hassan 7 10 0 0 70.00
Ashen Bandara c Ariful Haque b Ebadat Hossain 6 12 0 0 50.00
Chamika Karunarathne not out 1 5 0 0 20.00
Ramesh Mendis not out 1 1 0 0 100.00


Extras 2 (b 0 , lb 0 , nb 0, w 2, pen 0)
Total 130/6 (24.4 Overs, RR: 5.27)
Fall of Wickets 1-11 (1.5) Pathum Nissanka, 2-27 (4.4) Sandun Weerakkody, 3-91 (15.6) Ashan Priyanjan, 4-103 (19.2) Priyamal Perera, 5-120 (22.6) Ashen Bandara, 6-129 (24.2) Kamindu Mendis,

Bowling O M R W Econ
Abu Hider 5 0 28 1 5.60
Afif Hossain 6 0 36 1 6.00
Ebadat Hossain 4.4 0 26 2 5.91
Saif Hassan 6 0 25 2 4.17
Sunzamul Islam 3 0 15 0 5.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<