Home Sinhala කමිඳුගේ අපතේ ගිය වික්‍රමයත් සමඟින් උණුසුම් අවසානයක්

කමිඳුගේ අපතේ ගිය වික්‍රමයත් සමඟින් උණුසුම් අවසානයක්

100

ශ්‍රී ලංකා A සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති දෙවන නිල නොවන එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට බංග්ලාදේශය අද (10) සමත් විය. 

අශාන්ගේ තුන් ඉරියව් හපන්කම් ඉදිරියේ බංගලියෝ පසුබසී

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම

කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 226ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයත් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වූයේ උණුසුම් තරග අවසානයක් සටහන් කරමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් බවට පත්වුණේ පැතුම් නිස්සංක සහ ලහිරු උදාරයි. අසාර්ථක ආරම්භයක් ලබා ගත් පැතුම් ලකුණු 15ක් ලබා සිටිය දී දැවී ගියේ අබු හයිඩර්ගේ පන්දුවක් හමුවේ ය. 

කමිඳු මෙන්ඩිස් පිටියට පිවිසියේ ඉන් පසුවය. ලහිරු – කමිඳු එක්ව ලකුණු 35ක සබඳතාවයක් පවත්වනු ලැබූ අතර ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු ලහිරු උදාර ද ලකුණු 23කට දැවී ගියේය. 

Photos – Bangladesh A tour of Sri Lanka 2019 | 2nd Unofficial ODI

ප්‍රියමාල් පෙරේරා සමඟ එක් වූ කමිඳු ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම සබඳතාවය ගොඩනගනු ලැබුවේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක් එක් කරමිනි.  

මෙහි දී අනගි ඉනිමක් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළම ලකුණු ප්‍රමාණය රැස්කළ කමිඳු මෙන්ඩිස් පන්දු 67ක දී ලකුණු 61ක් ලබා ගත්තේ දර්ශනීය හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් සමඟිනි. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 158/4ක් ලෙස සටහන් වන විට ඔහු දැවී ගියේ අෆිෆ් හොසේන්ගේ පන්දුවක් හමුවේය.

මෑත භාගයේ දී ඉතාමත් ස්ථාවර පිතිකරුවෙකු ලෙස දේශීය පිටියේ පෙරමුණේම සිටින කමිඳු මෙලෙස දිගින් දිගටම දස්කම් දක්වන්නේ තමා ජාතික කණ්ඩායමට කෙතරම් සුදුස්සෙකු දැයි යළිත් වරක් ඔප්පු කරමිනි.

ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 14ක් එකතු වන විට සාර්ථක ඉනිමක් ක්‍රීඩා කළ ප්‍රියමාල් පෙරේරා ද ලකුණු 52කට දැවී ගියේ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවත් බොඳ කර දමමිනි. සුන්සමල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 178/5ක් බවට පත් කරමිනි.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ කඩාවැටීම ආරම්භ වූයේ තවත් ලකුණු 35ක් තුළ කඩුලු 3ක් දැවී යාමෙනි. එහි දී ලකුණු 18ක් ලබා සිටි අශේන් බණ්ඩාරත්, පිළිවෙළින් ලකුණු 2ක් හා 6ක් ලබා ගත් රමේෂ් මෙන්ඩිස් හා ඉෂාන් ජයරත්නත් දැවී යාමත් සමඟම ශ්‍රී ලංකා ලකුණු පුවරුව 207/8ක් බවට පත්විය.

අංක එකේ පාකිස්තානුවන්ට සිංහ පැටව් ඉදිරියේ අන්ත පරාජයක්!

විස්සයි විස්ස තරග රටාවේ පළමු වරට පාකිස්තානු

අවසානයේ ශ්‍රී ලංකා ඉනිම සටහන් වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 226ක් ලෙසිනි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් භාගයේ දී හුදකලා සටනක නිරත වූ චාමික කරුණාරත්න නොදැවී ලකුණු 25යි.

පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් අබු හයිඩර්, එබඩට් හොසේන් හා සුන්සමුල් ඉස්ලාම් තිදෙනා කඩුලු දෙක බැගින් දවා ගනු ලැබීය.

ලකුණු 227ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් බවට පත්වූයේ සයිෆ් හසන් සහ නයීම් ශෙයික් දෙදෙනායි. 

නමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගත් ශිරාන් ප්‍රනාන්දු විසින් සයිෆ් හසන්ව ආ විගසම ක්‍රීඩාගාරයට හරවා යවනු ලැබුවේ තරගයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවමිනි.

අනතුරුව නයීම් සහ නජ්මුල් හොසේන් එක්ව බංග්ලාදේශ ලකුණු පුවරුව 74ක් දක්වා රැගෙන ගියේ තරගය නැවතත් බංග්ලාදේශය දෙසට හරවමිනි. ඔවුන් දෙදෙනා අතර ලකුණු 59ක සාර්ථක සබඳතාවයක් පැවැත්වූ නමුත් ලකුණු 21ක් ලබා සිටි නජ්මුල්ගේ කඩුල්ල දවා ගැනීමට චාමික කරුණාරත්න සමත් විය. 

අනතුරුව පිටියට පිවිසි මොහොමඩ් මිතුන් නායකත්වයේ ඉනිමක් දියත් කරමින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය උදුරා ගැනීමට විශාල දායකත්වයක් ලබා දුන් ඔහු ලකුණු 52 දී දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේය.

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා වූයේ මොහමඩ් නයීම්ගේ පිත්තෙනි. පන්දු 59කින් ඔහු ප්‍රවේගකාරී ලකුණු 68ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට බැටදෙමිනි.

ශ්‍රී ලංකා විනිසුරුවරුන් දෙදෙනෙක්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකට ඇරයුම්

2019 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ

නායක මිතුන් හා ආරම්භක පිතිකරු නයීම් වටා ගොඩනැගුණු බංග්ලාදේශ ඉනිමට සහයක් ලබා දුන් අෆිෆ් හොසේන් හා නුරුල් හසන් පිළිවෙළින් ලකුණු 24ක් හා 25ක් ලබාගත්තේ ය. 

ඒ සමඟම බංග්ලාදේශ මුල් කඩුලු 5 දැවී ගියේ ලකුණු පුවරුව 190ක් ලෙස සටහන් වන විට ය. ඒ අවස්ථාවේදීත් තරගයේ පෙරමුණේ සිටි බංග්ලාදේශ කණ්ඩායමේ තවත් කඩුලු 3ක් තවත් ලකුණු 26ක් තුළ දැවී ගියේ යළිත් වරක් දෙපිලටම තරගය විවෘත කරමිනි. එම මොහොතේ බංග්ලාදේශ ලකුණු පුවරුව 216/8ක් ලෙස සටහන් විය.

අනතුරුව තරගයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේ අවසන් පන්දු 8ට ලකුණු 11ක් බංග්ලාදේශ ජයග්‍රහණය සඳහා අවශ්‍ය වී තිබූ නිසාවෙනි. නමුත් ඉන් පළමු පන්දු 6 තුළ ලකුණු 10ක් ඩැහැ ගැනීමට බංග්ලාදේශ අගපෙළ පිතිකරුවන් සමත් වූයේ තරගයේ ලකුණු සමකරමිනි. 

ඒ අනුව ඔවුන්ට අවසන් පන්දු දෙකේ දී ලබා ගැනීමට ඉතිරි වී තිබුණේ තවත් එක් ලකුණක් වුවද ඊළඟ පන්දුවෙන් නවවැනි කඩුල්ල ලෙස එබඩොට් හොසේන් දැවී ගියේ තරගය තවත් උණුසුම් කරමිනි.

නමුත් අවසන් පන්දුවේ දී ඔවුන් තරගයේ ජයග්‍රහණය සනිටුහන් කළේ ශ්‍රි ලංකා බලාපොරොත්තු සුනුවිසුනු කර දමමිනි. 

මෙහි දී බංග්ලාදේශ අංක 8 පිතිකරු සුන්සමුල් හසන් නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ පන්දු 9ක දී ලකුණු 11ක් ලබා ගනිමිනි. කෙසේ වෙතත් වරින්වර දෙපිලටම දෝලනය වී තිබූ මෙම තරගය තියුණු අවසානයකින් නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට ගෞරවාන්විත පරාජයක් අත්කර දෙමිනි.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 3ක් දවා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම පන්දු යැවීම වාර්තා කළේය.

ඒ සමඟින්ම තරග 3කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය 1-1ක් ලෙස සම තත්ත්වයට පත්වී ඇත්තේ තෙවැනි තරගය අවසන් මහා තරගයක් බවට පත් කරමිනි. එම තරගය එළඹෙන සෙනසුරාදා (12) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වේ.

Result


Sri Lanka A Team
226/9 (50)

Bangladesh A
227/9 (50)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Sunzamul Islam b Abu Hider 15 27 3 0 55.56
Lahiru Udara c Niam Sheikh b Ebadat Hossain 23 40 1 0 57.50
Kamindu Mendis c Ariful Haque b Afif Hossain 61 67 6 1 91.04
Ashan Priyanjan c Nurul Hasan b Saif Hassan 7 17 0 0 41.18
Priyamal Perera st Nurul Hasan b Sunzamul Islam 52 62 2 1 83.87
Ashen Bandara c Afif Hossain b Sunzamul Islam 18 25 2 0 72.00
Ramesh Mendis b Abu Hider 2 10 0 0 20.00
Ishan Jayaratne c Nurul Hasan b Ebadat Hossain 6 11 0 0 54.55
Chamika Karunarathne not out 25 27 1 0 92.59
Amila Aponso b Abu Jayed 3 11 0 0 27.27
Shiran Fernando not out 1 3 0 0 33.33


Extras 13 (b 1 , lb 3 , nb 0, w 9, pen 0)
Total 226/9 (50 Overs, RR: 4.52)
Fall of Wickets 1-28 (7.3) Pathum Nissanka, 2-63 (14.6) Lahiru Udara, 3-80 (19.5) Ashan Priyanjan, 4-158 (34.3) Kamindu Mendis, 5-172 (37.2) Priyamal Perera, 6-189 (40.6) Ramesh Mendis, 7-191 (41.3) Ashen Bandara, 8-207 (45.4) Ishan Jayaratne, 9-216 (48.4) Amila Aponso,

Bowling O M R W Econ
Abu Jayed 8 0 39 1 4.88
Abu Hider 10 1 42 2 4.20
Ebadat Hossain 10 0 46 2 4.60
Saif Hassan 10 0 39 1 3.90
Sunzamul Islam 10 0 43 2 4.30
Afif Hossain 2 0 13 1 6.50


Batsmen R B 4s 6s SR
Saif Hassan c Ashen Bandara b Shiran Fernando 5 15 0 0 33.33
Niam Sheikh c & b Ramesh Mendis 68 59 9 0 115.25
Najmul Hossain c Lahiru Udara b Chamika Karunarathne 21 39 1 0 53.85
Mohammad Mithun c Ashen Bandara b Ramesh Mendis 52 87 3 1 59.77
Afif Hossain c Chamika Karunarathne b Shiran Fernando 24 31 0 2 77.42
Nurul Hasan c Lahiru Udara b Chamika Karunarathne 25 43 3 0 58.14
Ariful Haque c Priyamal Perera b Ashan Priyanjan 7 11 0 0 63.64
Sunzamul Islam not out 11 9 1 0 122.22
Ebadat Hossain c Ramesh Mendis b Ashan Priyanjan 2 4 0 0 50.00
Abu Jayed c Chamika Karunarathne b Ramesh Mendis 1 3 0 0 33.33
Abu Hider not out 0 0 0 0 0.00


Extras 11 (b 1 , lb 1 , nb 1, w 8, pen 0)
Total 227/9 (50 Overs, RR: 4.54)
Fall of Wickets 1-15 (3.5) Saif Hassan, 2-74 (14.6) Najmul Hossain, 3-115 (25.3) Afif Hossain, 4-178 (40.3) Nurul Hasan, 5-190 (43.1) Mohammad Mithun, 6-209 (46.6) Ariful Haque, 7-211 (47.2) Niam Sheikh, 8-216 (48.4) Ebadat Hossain, 9-226 (49.5) Abu Jayed,

Bowling O M R W Econ
Ishan Jayaratne 8 0 41 0 5.12
Shiran Fernando 6 0 38 2 6.33
Ramesh Mendis 9 0 40 3 4.44
Chamika Karunarathne 7 0 35 2 5.00
Amila Aponso 10 2 32 0 3.20
Ashan Priyanjan 7 0 29 2 4.14
Kamindu Mendis 3 0 10 0 3.33



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<