එංගලන්තයට බලාපොරොත්තු ගෙනාව ක්‍රීඩකයෝ දෙන්නා

110

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ තවත් ඉතිරිව ඇත්තේ අවසන් පූර්ව තරග දෙක හා අවසන් මහා තරගයයි. මේ වන විට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා එංගලන්තය අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ඇත. 

එංගලන්තය විටෙක අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තරමක් ඈත්කර ගත් අතර එයට ප්‍රධානතම හේතුව වූයේ ශ්‍රී ලංකාව හමුවේ ලද නොසිතූ පරාජයයි. එම පරාජය ලකුණු සටහනේ තුන්වැනි හා සිව්වැනි ස්ථාන සඳහා එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය හා බංග්ලාදේශය කරට කර සටනකට අවතීර්ණ කළේය. 

එංගලන්තයත් තම ස්ථානය තහවුරු කර ගනී

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (03) චෙස්ටර් ලී ස්ට්‍රීට් හිදී පැවති එංගලන්තය සහ නවසීලන්තය අතර…

කෙසේ වෙතත් අවසන් තරග තුනේ දී එංගලන්තය දැක්වූ දක්ෂතා ඔවුන් ලකුණු සටහනේ තුන්වැනි ස්ථානය දක්වා කැඳවා ගෙන ඒමට සමත් විය. එංගලන්තයේ අවසන් තරග කීපයේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස ආරම්භක පිතිකරුවන් වන ජේසන් රෝයි හා ජොනී බෙයාස්ටෝව්ගේ සම්බන්ධතාවය දැක්විය හැක. මේ වන විට ඔවුන් ක්‍රීඩා කළ අවසන් තරග තුනේ දී ම ලකුණු 100 ඉක්මවූ ආරම්භක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්ව ඇත. 

ජේසන් රෝයි හා තමන්ගේ ආරම්භක සම්බන්ධතා පිළිබඳව ජොනී බෙයාස්ටෝව් පසුගිය දා අදහස් දක්වා සිටියා. ඔහු පවසා සිටියේ ඔවුන්ට හිමි වූ නිදහස හා විනෝදජනක ක්‍රීඩාශීලීත්වය එම දක්ෂතාවල රහස බවයි. ජේසන් හා බෙයාස්ටෝව් මේ දක්වා තරග 31ක් ආරම්භ කර ඇති අතර ඉන් තරග 10ක දී ම ඔවුන්ගේ සම්බන්ධතාවය ලකුණු 100 ඉක්මවා ගොස් ඇත. ජේසන් හා බෙයාස්ටෝව් වාර්තා කර ඇති ආරම්භක සම්බන්ධතා සාමාන්‍යය 61.70කි. එය ලකුණු 1000 ඉක්මවූ ආරම්භ සම්බන්ධතාවල ඉහලම සාමාන්‍ය අගය ලෙස සැලකේ. 

එංගලන්තය පරාජය වූ ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා තරග දෙකටම ජේසන් රෝයි සහභාගි නොවූයේ මාංශපේෂි ඇදීමක් නිසාවෙනි. එම පරාජයන් එංගලන්තය තරමක අවදානම් තත්ත්වයකට පත්කළේය. බෙයාස්ටෝව් තරගාවලිය ආරම්භයේ දී එතරම් සාර්ථක නොවූ නමුත් අවසන් තරග දෙකේ දී ශතක දෙකක් වාර්තා කිරීමට සමත් විය. ඒ ඉන්දියාවට එරෙහිව ලකුණු 111ක් හා නවසීලන්තයට එරෙහිව ලකුණු 106 වශයෙනි. 

ඔහු නැති අඩුව අපිට තදටම වැදුණා – එංගලන්ත නායක

ඊයේ (21) දිනයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් නොසිතූ පරාජය නිසා 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ …

තමාගේ ප්‍රතිවිරුද්ධ අන්තයේ ජේසන් රෝයි සිටීම තමන්ට ක්‍රීඩා කිරීමට පහසුවක් බව බෙයාස්ටෝව් පවසා ඇත. 

“ඒක විකාරයක්. ඒක එහෙම එකක්. ඒක ගොඩක් විනෝදයි. ඒක නිදහස්. අපි හැමවෙලේම කතා කරලා අදහස් කියලා තමයි සෙල්ලම් කළේ. අපි දෙන්නාම උදව් කරගත්තා. අපි නිදහසේ අපිට පුළුවන් දේ කරන්න උත්සාහ කළා.” 

බෙයාස්ටෝව් හා රෝයි ප්‍රතිවාදී පන්දු ‍යවන්නන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් ක්‍රීඩා කරන අතර වැඩි ලකුණු වේගයක් පවත්වා ගනිමින් ක්‍රීඩා කිරීම කැපීපෙනෙන කාරණයකි. 

“ඔව් අපිට විශ්වාසය තියාගන්න වෙනවා අනෙක් ක්‍රීඩකයා ගැන. මම හිතන්නේ ඇන්ඩෲ ස්ට්‍රෝස් ඇලෙස්ටෙයාර් කුක් එක්ක ටෙස්ට් ආරම්භක පිතිකරුවන් විදිහට ක්‍රීඩා කරද්දීත් මේ වගේ තමයි ක්‍රීඩා කළේ. අපිට හරියන වෙලාවල් වරදින වෙලාවල් තියෙන්න පුළුවන්. ඒත් වැදගත් වෙන්නේ අපි ගැන තියන විශ්වාසය දිගටම තියාගන්න එක.” 

එංගලන්ත පාපන්දු කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි වලදී කැපීපෙනෙන පසුබෑමකට ලක්ව සිටින අතර ඔවුන් පසුගිය වසරේ පාපන්දු ලෝක කුසලානයේ දී අවසන් පූර්ව තරගයේ දී ක්‍රොඒෂියාවට පරාජය විය. 

අවසන් හතරට යන්නට ඕන ලොකුම ගතිගුණය අපිට තිබුණේ නැහැ – මහේල

මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව ස්ථාවර විදියට දක්ෂතා දැක්වූවා කියලා 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන්…

එංගලන්ත කාන්තා කණ්ඩායම ද පසුගිය දා ඇමරිකා කණ්ඩායමට පරාජය විය. බෙයාස්ටෝව් තම ඉදිරි තරග සඳහා ආදර්ශ ලබාගන්නේ එංගලන්ත රග්බි කණ්ඩායමෙනි. ප්‍රබල රග්බි ක්‍රීඩාලෝලියෙක් වන බෙයාස්ටෝව් 2003 රග්බි ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලන්ත කණ්ඩායම හිටපු නායක ජොනී විල්කින්සන් ගේ දායකත්වය තමන් ආදර්ශයට ගන්නා බව පවසා ඇත. 

“පාපන්දු කණ්ඩායම පරාජය වීම ඍණාත්මක හැඟීමක් වෙන්න පුළුවන්. ඒත් මම ඒක ගැන හිතලා නෑ. 2003 දී රග්බි කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කළා. ඒක අමතක කරන්න බෑ. අපිට එක එක විදිහට ඒක දකින්න පුළුවන්. ජොනී විල්කින්සන් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ හොඳම ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා බවට පත්වුනා. මට ක්‍රිකට් සගයන් නොවන අයගෙන් ලොකු සහයෝගයක් තියනවා. මම හිතන්නේ ඒක වටිනා දෙයක්. “

එංගලන්තය ඕස්ට්‍රේලියාව සමඟින් අවසන් පූර්ව වටය සඳහා එළඹෙන ජූලි 11 වන දින තරග වැදීමට නියමිතය. 

2019 ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව, ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<