ආසියානු ප්‍රබලයන් පරදා ආධිපත්‍යය බහරේනයට

423

23 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය නිමාව දකින විට බහරේනය පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය. බහරේනය ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයක මෙවැනි දස්කමක් දැක්වූයේ පළමු වතාවට වීම විශේෂත්වයකි.

කළු පටියක් පැලඳ හිමාෂ තරග බිමට

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අද (21) දෝහා කටාර් හී කලීෆා…..

පසුගියවර (2017) පදක්කම්  සටහනේ පළමු ස්ථානය දිනා ගැනීමට ඉන්දියාව සමත්වූ අතර මෙවර කටාර් රාජ්‍යයේ කලීෆා ක්‍රීඩාංගණයේ පැවති 23 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය අවසන් වූයේ පදක්කම් 22ක් ලබාගත් බහරේන් රාජ්‍යයට පෙරමුණ ලබාදෙමින්ය. මොවුන්ගේ පදක්කම් 22ට රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 4ක් ඇතුළත් විය.

සමස්ත තරගාවලිය පුරාවටම පැවති ඉසව් අතරින් බහරේන් රාජ්‍යය, පිරිමි අංශයෙන් රන් පදක්කම් 4ක් දිනාගෙන ඇති අතර කාන්තා අංශයෙන් රන් පදක්කම් 6ක් දිනාගැනීමට සමත්වීම කැපී පෙනෙන කාරණයකි. තවද මීටර 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට බහරේනය සමත් විය.

ශූරතාවය අවසානයේ පැවති කාන්තා මීටර 400 සහය දිවීමේ ඉසව්ව කාගේත් අවධානයට ලක්වූ අතර එහිදී අවසාන යෂ්ටි හුවමාරුවේදී බහරේන් රාජ්‍යයේ සල්වා නසර් සිව්වෙනි තැනට යෂ්ටිය අතට ගත් අතර අවසානයේ සියලු ක්‍රීඩිකාවන් අන්දමන්ද කරමින් තම කණ්ඩායම ප්‍රථම ස්ථානයට ගෙන ඒමට සමත් විය.

සල්වා නසර් මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේදී ඉසව් 5කින් රන් පදක්කම් 4ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඇය මෙවර වැඩිම රන් පදක්කම් ලාභී ක්‍රීඩිකාව සහ වැඩිම පදක්කම් ලාභී ක්‍රීඩිකාව ද වේ. මේ හේතුව නිසාම මෙතෙක් බහරේනය සහභාගී වී ඇති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි වලින් වැඩිම රන් පදක්කම් ගණනක් දිනා ගැනීමට සමත්වූ ශූරතාවය ලෙස මෙම 23 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය ඉතිහාසගත විය.

ආසියාවේ මලල ක්‍රීඩා ආධිපත්‍යය පතුරවා සිටි චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල් පරදවා බහරේනය පළමු ස්ථානයට පැමිණීමට සල්වා නසර් පෙන්වූ දක්ෂතාවය ප්‍රධාන සාධකයක් වූ බව කාටත් නොරහසකි. සල්වා නසර් මීටර් 200 ඉසව්ව තත්පර 22.74කින් නිමාකොට රන් පදක්කම දිනා ගත්තේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි වාර්තාවක් ද බිහිකරමිනි.

ජාතික වාර්තා අලුත් කරමින් හිරුණි විජේරත්නට රිදී පදක්කම

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්මවට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ…

බහරේනයේ සල්වා නසර් පසුගිය වසරේ ඉන්දුනීසියාවේදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කමක් දිනාගත් අතර 2017 ලන්ඩන් ලෝක ශූරතාවයේදී මීටර් 400 රිදී පදක්කම දිනාගැනීමට සමත් විය. ලෝක යොවුන් සහ ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල 2කදී ද රන් පදක්කම් දිනූ ඇයගේ එකම අපේක්ෂාව වී ඇත්තේ 2020 ඔලිම්පික් උළෙලේදී බහරේනයට පදක්කමක් දිනාදීමය.


 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<