තවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙක්ට දූෂණ චෝදනා

455

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා හා අවිශ්ක ගුණවර්ධන එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති කඩ කර ඇති බව අනාවරණය වී ඇති නිසාවෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (10) තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් බිහිවූ ටෙස්ට් ක්‍රිකට් තරු 150 බිහිවූ පාසල්

2019 වසරේ මැයි මස පළමු සතිය අවසන් වනවිට ……….

2017 වසරේ දෙසැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වුණු T10 ක්‍රිකට් තරගාවලිය තුල දී සිදු වූ චෝදනාවන් කිහිපයක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පරිපාලනය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නුවන් සොයිසා හා ගුණවර්ධන යන දෙදෙනාට මෙසේ චෝදනා ගොනු කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් අනාවරණය කරන පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ පහත සඳහන් කර ඇති වගන්ති 4 නුවන් සොයිසා විසින් උල්ලංඝනය කර ඇති අතර ගුණවර්ධන එම පනතේ වගන්ති 3ක් කඩ කර ඇති බවට චෝදනා ලැබ ඇත.

නුවන් සොයිසාට එරෙහිව ගොනු කර ඇති චෝදනා 4 මෙසේයි,

  • 2012 පනතේ 2.1.1 වගන්තිය – තරග පාවාදීම හෝ එයට උත්සාහ කිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම – දේශීය ක්‍රිකට් තරගයක් අතරතුර
  • 2012 පනතේ 2.1.4 වගන්තිය – 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින් පෙලඹ වීම, බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම
  • 2014 පනතේ 2.4.4 වගන්තිය – නොමනා හැසිරීම, වෙනත් අයුරකින් තරග ප්‍රතිඵලයකට බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම පූර්ව විස්තර සහිතව අනාවරණය කිරීමට අපොහොසත් වීම.
  • 2014 පනතේ 2.4.6 වගන්තිය –  දූෂණ විරෝධී ඒකකය සමඟ පැවැත්වුණු පරීක්ෂණවල දී සහයෝගයෙන් කටයුතු නොකිරීම හෝ ඔවුන්ගේ ප්‍රශ්න සඳහා නිසි පිළිතුරු  නොදීම

එසේම අද දිනයේ චෝදනා ලැබ තිබෙන නුවන් සොයිසා මීට පෙර පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ද මෙවැනිම ආකාරයක චෝදනා කිහිපයක් ඔහුගේ නම ඉදිරියෙන් ගොනු විය.

ඇෆ්ගනිස්තානයට තවත් පාඩුවක්

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් …

අවිශ්ක ගුණවර්ධනට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා මෙසේයි,

  • 2012 පනතේ 2.1.4 වගන්තිය – 2.1.1 වගන්තිය උල්ලංඝනය කිරීම සඳහා ක්‍රීඩකයින් පෙලඹ වීම, බලපෑම් කිරීම හෝ අනිසි ලෙස බලපෑමට ලක් කිරීම හෝ දිරිගැන්වීම
  • 2014 පනතේ 2.4.5 වගන්තිය – දූෂණ විරෝධී ඒකකය සඳහා තොරතුරු ලබා දීම ප්‍රමාද කිරීම, ඒ සඳහා සහභාගී නොවීම.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති කඩ කර ඇති බව අනාවරණය වීම නිසාවෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, දිල්හාර ලොකුහෙට්ටිගේ හා නුවන් සොයිසා යන මහත්වරුන්ට එරෙහිව ද මීට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා ගොනු කර ඇත. ඒ අනුව අද දිනයේ සිට මේ ලේඛනයට එකතු වන අලුත් ශ්‍රී ලාංකිකයා වන්නේ අවිශ්ක ගුණවර්ධනයි.

නුවන් සොයිසා හා අවිශ්ක ගුණවර්ධන යන මහත්වරුන් අද (10) සිට දින 14ක් ඇතුළත ඔවුන්ට එරෙහිව ගොනු වී ඇති චෝදනාවලට එරෙහිව පිළිතුරු ලබා දිය යුතු අතර එසේ නොවුනහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අදාළ ඉදිරි කටයුතු සඳහා පියවර ගනු ඇත.

එසේම මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ යම් නිලයක් දරයි නම් එම තනතුරුවලින් ද වහාම ක්‍රියාත්මක පරිදි ඔවුන්ව ඉවත් කරන ලෙස ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<