අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ලෙස නම් කෙරේ

411
Avishka Gunawardena

ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස නම් කර තිබේ. ඒ තාවකාලිකව නිවාඩු ගිය එංගලන්ත ජාතික ජෝන් ලුවිස් වෙනුවටයි.

තිසරගේ කලකිරීම ගැන ක්‍රිකට් CEOට ලියුමක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිසර පෙරේරා ශ්‍රී ලංකා….

ශ්‍රී ලංකාවේ නිත්‍ය පිතිකරණ පුහුණුකරු වන එංගලන්ත ජාතික ජෝන් ලුවිස් ඕස්ට්‍රේලියාව සමඟ පළමු ටෙස්ට් තරගයෙන් පසු තාවකාලිකව කණ්ඩායමෙන් ඉවත් වූයේ සිය පවුලේ පෞද්ගලික කටයුත්තක් නිසයි. ඒ අනුව එළඹෙන පෙබරවාරි 1 වැනිදා ආරම්භ වන ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ දී අවිශ්ක ගුණවර්ධන පිතිකරණ පුහුණුකරු ධූරයේ වැඩ බලනු ඇත.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාරගත් අවිශ්ක ගුණවර්ධන මහතා අති සාර්ථක ලෙස කණ්ඩායම ජයග්‍රහණ කරා මෙහෙයවන්නට සමත් වූ අතර අයර්ලන්ත A කණ්ඩායමට එරෙහිව පැවති නිල නොවන ටෙස්ට් තරගාවලිය තරග 5-0 ක් ලෙස ඔවුන් ජය ගැනීමට විශේෂත්වයක්.

තේරීම් කමිටුවේ බලතල වලින් හතුරු ගලවයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු….

ගුණවර්ධන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා තවත් සුපිරි පලාත් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ද ඔහු කිහිප වතාවක්ම කටයුතු කර තිබීම විශේෂත්වයක්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<