සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර අන්තර්ජාතික ටෙස්ට් තරඟ 3ක්, අන්තර්ජාතික එක්දින තරඟ 5ක් හා 20-20 ජාත්‍යන්තර තරඟ දෙකකින් සමන්විත දීර්ඝ ක්‍රිකට් තරගාවලියේ වෝන් – මුරලි  කුසලානය සඳහා පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියෙන්, අද (26) මහනුවර පල්ලේකැලේ ක්‍රිකට් පිටියේදී ආරම්භ විය.

පසුගිය ලිපි: දුර්වල සංචාරයට ලැජ්ජාසහගත අවසානයක්

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර අද ආරම්භ වූ  තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා හා ලක්ෂාන් සඳකැන් ටෙස්ට් වරම් දිනාගන්නා ලදි.

දිමුත් කරුණාරත්නට හා කෞෂාල් සිල්වා ට සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට නොහැකි විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 18ක් වන විට දවාලීමට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් සමත් විය.

අනතුරුව 4 වන කඩුල්ල සඳහා ලකුණු 25ක සබඳතාවයක් ගොඩනැංවීමට නායක ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් සමත් විය. එම සබඳතාවය ශ්‍රී ලංකා පළමු ඉණිම වෙනුවෙන් ගොඩනැංවූනු හොඳම සබඳතාවය විය. මැතිව්ස් හා චන්දිමාල් ලකුණු 15 කට දැවීගිය අතර ඔවුන් දෙදෙනාම 4 පහරවල් 2 ක බැගින් එල්ල කරන ලදි.

චන්දිමාල් හා අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් වරම් ලබා  තම මංගල ටෙස්ට් තරඟය ක්‍රීඩා කල ධනංජය ද සිල්වා 5 වන කඩුල්ල සඳහා ලකුණු 24 ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වීමට ධනංජය සමත් වූ අතර ඔහු 4 පහරවල් 3 ක් හා එක්  6 පහරක් සමඟ ලකුණු 24 ක් ලබාගැනීමට සමත් විය.

තරගයේ ඡායාරූප අැල්බමය සඳහා පිවිසෙන්න

අවසන් කඩුලු 5 ලකුණු 30 ක් වැනි සුළු ලකුණු ප්‍රමාණයක් තුළ බිඳ හෙලීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය. ඒ අතර තම මංගල තරඟයට ක්‍රීඩා කරන දඟ පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් 4 පහරවල් 4ක් සමඟ නොදැවී ලකුණු 19*ක් ලබාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉණිම –117 -10 (34.2) ධනංජය ද සිල්වා 24, කුසල් පෙරේරා 20, ලක්ෂාන් සඳකැන් 19*, නේතන් ලයන් 3/12, ජෝස් හෙසේල්වූඩ් 3/21

අනතුරුව තම පළමු ඉණිම ආරම්භ කල ඕස්ට්‍රේලියානු මුල්  පිතිකරුවන්ට ද සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබානොදුන් අතර ඇන්තනී බර්න්ස් ලකුණු 3කට හා ප්‍රහාරාත්මක ප්‍රබල පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු නොලබාම දැවීයන ලදි.

තෙවන කඩුල්ල සඳහා ලකුණු 59*ක නොබිදුනු සබඳතාවයක් ගොඩනැංවීමට නායක ස්ටීව් ස්මිත් හා උස්මාන් කවාජා සමත් විය. අනතුරුව තරගයේ අවසන් කාලයේදී අයහපත් කාලගුණික තත්ත්වය නිසා තරඟයේ පළමු දිනය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

ඕස්ට්‍රේලියානු පළමු ඉණිම (පළමු දිනය අවසන් වනවිට) –66 -2 (20) ස්ටීවන් ස්මිත් 28* (4 පහරවල් 3), උස්මාන් කවාජා 25* ( 4 පහරවල් 4),නුවන් ප්‍රදීප් 1/3, රංගන හේරත් 1/15

හෙට (27) තරගයේ දෙවන දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

Batsmen Dismissal Runs Balls
Dimuth Karunarathne LBW b Starc 5 12
Kaushal Silva c Voges b Hazelwood 4 25
Kusal Mendis LBW b Hazelwood 8 7
Dinesh Chandimal  c Nevill b Hazelwood 15 54
AD Mathews  c Smith b O’Keefe 15  24 
Dhananjaya De Silva  c Burns b Lyon  24  38
Kusal Janith Perera  b Lyon  20  15
Dilruwan Perera  LBW b Lyon
Rangana Herath  LBW b Starc  10
Lakshan Sandakan  Not Out  19  15
Nuwan Pradeep c Smith b O’Keefe   0
Extras (1) TOTAL  117 (34.2 overs)

Fall of wickets :1-6 (Karunaratne, 4.1 ov), 2-15 (Mendis, 5.3 ov), 3-18 (Silva, 9.1 ov), 4-43 (Mathews, 14.2 ov), 5-67 (Chandimal, 25.6 ov), 6-87 (de Silva, 28.2 ov), 7-87 (MDK Perera, 28.4 ov), 8-94 (MDKJ Perera, 30.2 ov), 9-100 (Herath, 31.6 ov), 10-117 (Pradeep, 34.2 ov)

Bowler Overs Maidens Runs Wickets
Mitchell Starc  11 1 51 2
Josh Hazelwood 10 4 21 3
Steve O’Keefe 10.2 3 32 2
 Nathan Lyon   3 12
Batsmen Dismissal Runs Balls
Joe Burns b Herath 3 15
David Warner b Pradeep 0 5
Usman Khawaja Not Out 25 54
Steve Smith Not Out 28 46
Extras (10) TOTAL  66/2 (20 overs)

Fall of wickets: 1-3 (Warner, 2.2 ov), 2-7 (Burns, 3.6 ov)

Bowler Overs Maidens Runs Wickets
Nuwan Pradeep  5 3 3 1
Rangana Herath  6 2 15 1
Dilruwan Perera 4 1 19 0
 Lakshan Sandakan  2 13 0
 Angelo Mathews  3 1 6