මෙල්බර්න්ට පිටිය වැසි දියට යටත්ව තරගය නවතී

139
MCG ground staff stand in rain during the India verses Australia one day international match at the MCG in Melbourne. Australia, Feb. 5, 2012. Rain stopped the play. (AP Photo/Mal Fairclough)

ඕස්ට්‍රේලියා – ඉන්දියා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2 වැනි තරගය අද (23) මෙල්බර්න් පිටියේ දී ආරම්භ වූව ද එය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු තරගයක් ලෙසින් නිමා විය. ඕස්ට්‍රේලියානුවෝ පන්දුවට පහර දෙමින් සිටි 19 වැනි පන්දුවාරය අවසානයේ ඇද වැටුණ වර්ෂාව සම්පූර්ණ තරගයම බිළි ගත්තේ ය.

මාර්කස් ස්ටොනිස් ඉන්දීය සිහිනය බිඳ දමයි

බ්‍රිස්බන් ක්‍රිකට් පිටියේ දී අද (21) ආරම්භ වූ එංගලන්ත – ඉන්දියා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු විස්සයි විස්ස තරගයේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 4ක් ජයග්‍රහණයක් ලබා…

දිගින් දිගටම මෙල්බර්න් පිටියට පතිත වූ වර්ෂාවේ අඩුවක් නොවීම හේතුවෙන් පිටියේ විනිසුරුවන් වේලාසනින්ම තරගය අතහැර දැමීමට තීරණය කෙරුණි. මේ වෙද්දී තරගාවලියේ 1-0ක් ලෙසින් ඉදිරියෙන් සිටීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ සමත්ව ඇති අතර ඒ බැවින්ම දෙරට අතර පැවැත්වෙන තෙවැනි තරගය තීරණාත්මක තරගයක් වී ඇත.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම භාර කළේ ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානුවන්ට ය. කාසියේ වාසිය දමා ටික වේලාවක් යද්දීම මඳ වැස්සක් පිටියට පතිත විය. නමුත් තරගයේ ආරම්භයට එය එතරම්ම බලපෑවේ නැත.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානුවන්ගේ ඉනිමේ පළමු කඩුල්ල ඉනිමේ දෙවැනි පන්දුවේ දී දවා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ නායක ඒරොන් ෆින්ච් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගනිමිනි.

ඕස්ට්‍රේලියා ඉනිම පුරාම ඉන්දීය පන්දු යවන්නෝ දක්ෂතා දැක්වීම කැපී පෙණුනි. ඔවුන් කිසිදු අවස්ථාව දීර්ඝ කඩුලු සබඳතා පැවැත්වීමට සත්කාරකයන්ට ඉඩ දුන්නේ නැත. ඒ අතරින් හොඳම ලකුණු සබඳතාව වූයේ 8 වැනි කඩුල්ල සඳහා නොදැවී රැස් කරන ලද ලකුණු 31යි. ඒබෙන් මැක්ඩොමට් සහ ඇන්ඩෘ ටයි එකතුවේ වාර්තා වූ ඉනිමයි. ඔවුන් මේ සඳහා වැය කළේ පන්දු 18ක් පමණි.

විනිසුරු සවියෙන් බෙයාර්ස්ටොව් – ස්ටොක්ස් ශ්‍රී ලංකාවට සටනක් දෙති

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (23) කොළඹ එස්. එස්. සී ක්‍රිකට් පිටියේ…

බෙන් මැක්ඩොමට් ඉනිම අවසන් වන විට පන්දු 30කට මුහුණ දී හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා සිටියේ ය. ඇන්ඩෘ ටයි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 12කි. ඒ සඳහා ඔහු පන්දු 13ක් වැය කළ අතර ඊට හතරේ පහර දෙකක් එක් කර තිබුණි.

ඔවුන් දෙදෙනාට අමතරව ග්ලේන් මැක්ස්වෙල් පන්දු 22ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී බුවනේෂ් කුමාර් සහ කේ. කාලීඩ් අහමඩ් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඕස්ට්‍රේලියාව ;  කඩුලු 7ක් දැවී 132 (19) ග්ලේන් මැක්ස්වෙල් 19, බෙන් මැක්ඩර්මට් නොදැවී 32, නෙතන් කල්ටනිල් 18, බුවනේෂ්වර් කුමාර් 2/20, කේ. කාලීඩ් අහමඩ් 2/39

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය මේ මස 25 වැනිදා සිඩ්නි නගරයේ දී රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිත ය.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<